SAARC සම්මාන උළෙලේ ප්‍රධාන සමාන හතරක් ශ්‍රී ලංකාවට

Avatar Nisanka Weheraduwa | June 5, 2018 118 Views 0 Likes 0 Ratings

118 Views 0 Ratings Rate it

දකුණු ආසියානු කලාපීය සංස්කෘතික ආයතනය SAARC culture center මගින් වාර්ෂිකව සිනමා උළෙලක් පැවැත්වීම සිදුවෙයි. මෙවර 2018 වර්ෂයේ අටවැනි වරටත් මෙම  සිනමා උළෙල පැවැත්විණි. දින හයක් තිස්සේ පවතී චිත්‍රපට උළෙලේදී SAARC කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණ තිරගත කිරීම සිදු කෙරිණ. ඒ අතුරින් විශිෂ්ට නිර්මාණ ඇගයීම සහ ඒවා සඳහා සම්මාන ප්‍රධානය කිරීම උළෙලේ අවසන් දිනයේදී සිදුවිය.

මෙවර අටවැනි SAARC  සිනමා උළෙලේ සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. එම සම්මාන උළෙල සඳහා විදෙස් රටවල නිර්මාණ කරුවන් ජූරි සභිකයින්, කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වී තිබිණ. උළෙලේ සම්මාන රාත්‍රියේදී පිරිනැමුණු සම්මාන අතුරින් සම්මාන හතරක් දිනා ගැනීමට මෙරට නිර්මාණ කරුවන් සමත්ව තිබීම විශේෂත්වයකි. ඒ යටතේ පළමු සම්මානය ලෙස ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුනේ “බහුචිතවාදියා” චිත්‍රපටය වෙනුවෙනි. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් එම  සම්මානය ලබා ගැනින.

34155851_1930474193631730_1927601375647105024_n

සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට ලැබුණු දෙවැනි සම්මානය වූයේ හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානයයි. එය බහුචිතවාදියා චිත්‍රපටයේ ශබ්ද පරිපාලකවරයා වූ සසික රුවන් විසින් දිනා ගැනින. සසික රුවන් එදින සහභාගී නොවීම හේතුවෙන් තිලිණ පෙරේරා විසින් එම සම්මානය ලබාගත්තේය.

33864149_1930471930298623_1163011121519525888_n

සම්මාන උළෙලේදී පිරිනැමුණු සම්මාන අතර හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණ කළ විසිඅට (28) චිත්‍රපටයේ රංගනයේ යෙදුනු මහේන්ද්‍ර පෙරේරා ශිල්පියා සමත්විය. ඔහුද එම අවස්ථාවට සහභාගී නොවුණු හෙයින් අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි විසින් එම සම්මානය ලබාගෙන තිබිණ. වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අටවැනි SAARC සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවූයේ විසිඅට (28) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියායි. ඒ අනුව මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ සම්මාන හතරකට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබිණ.

33854341_1930474483631701_7951672142230192128_n      33869794_1930472290298587_6093742218525278208_n 33870825_1930474386965044_2982423288887640064_n (1)      33921074_1930474510298365_1569810555277934592_n 33992901_1930474230298393_6006614520548556800_n     33994808_1930473446965138_4605442183951024128_n 34155851_1930474193631730_1927601375647105024_n

 

Share

118 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.