SAARC සිනමා උළෙලේ සම්මාන ත්‍රිත්වයක් ලංකාවට

Avatar Nisanka Weheraduwa | July 15, 2019 500 Views 0 Likes 5 On 1 Rating

500 Views 5 On 1 Rating Rate it

09 වැනි SAARC සිනමා උළෙල පසුගියදා නිමාවට පත්වුනා. උළෙල අවසානයේ තිරගත වුනු චිත්‍රපට අතුරින් විශිෂ්ට නිර්මාණ සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරුනා. ප්‍රවීණ  ජාත්‍යන්තර මට්ටමේ ජූරියක් මගින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව සම්මාන ප්‍රධානය සිදුකරනු ලැබුවා. කෙටි චිත්‍රපට 12ක් සහ වෘතාන්ත චිත්‍රපට 18ක් මෙවර තරගය සඳහා සලකා බලනු ලැබුවා. මේ අතුරින් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

වසරේ හොඳම නිළිය ලෙස “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනයේ යෙදුනු අනෝමා ජනාදරී සම්මානයට පාත්‍ර වුනා. වසරේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිවුනෙත් දැවෙන විහඟුන් චිත්‍රපටයටයි. ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටය සඳහා ජූරියේ විශිෂ්ට ඇගයීම් සම්මානයක්ද හිමිව තිබුනා.

වසරේ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ද්විත්වයම හිමිකර ගත්තේ ඉන්දියාවේ Kaushik Ganguli අධ්‍යක්ෂණය කළ NAGARKIRTAN චිත්‍රපටයයි. උළෙලේ පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේයි.

 

 

 

 

 

 

 

 

 

 

 

Share

500 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.