Sri Lanka's Best Cinema Portal

 

සිරි දළඳාගමනය හදලා මම කළේ මහා පිං කමක් – සනත් අබේසේකර

0
Posted March 11, 2014 by Cinema.lk A in Cine News
Siri Dalandagamanya (47)

ඉතිහාස කතා රැල්ලට හසු වී යන සිංහල සිනමාවේ නවතම ඓතිහාසික සිනමාපටය  ඊ.ඒ.පී මණ්ඩලය ප්‍රමුඛ සිනමාශාලා  රැසක මේ වන විට  තිරගත වෙමින් පවතිනවා.ඒ සිනමාපටය නමින් සිරි දළඳාගමනය..තවමත් නිමනොවු ඉදිරියටත් එන්න තියෙන මේ සිනමාපට ගොන්නේ මුල් නිර්මාණයකම අයිතිකරුවෙක් වු සනත් අබේසේකරයන්ගේ නිර්මාණයක් ලෙස තමයි සිරි දළඳාගමනය රිදී තිරයේ ඇදෙන්නේ.සිනමාව ගැන විවිධ මතිමතාන්තර ඉදිරිපත්වෙන මේ වගේ වකවානුවක තමන්ගේ නිර්මාණය ගැන සනත් අබේසේකරයන් මෙන්න මේ වගේ මතයක් පළකරලා තිබුණා.මේ ලිපිය පළවෙලා තිබුණේ ප්‍රසිද්ධ පුවත් පතකයි.මෙහි තියෙන්නේ එහි වු උපුටනයකි.

“මම මේ කළේ මහා පිංකමක්‌. කල්ප ගණනාවක්‌ දිව්‍ය ලෝකයේ සැප ලබන තරමේ පිංකමක්‌ මේකට දායක වූ හැම දෙනාටමත් ඒ ආනිශංසය ලැබෙනවා. දළදා වහන්සේ දැන් වැඩ ඉන්නේ මහනුවර. මම කරන්නේ මහනුවර වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිනමා ශාලා පනහකට වැඩමවීමයි. මේ වැඩමවීම අනුව සිනමා ශාලා ධර්ම ශාලා බවට පත්වෙනවා. එවිට මේ ප්‍රේක්‍ෂකයෝ චිත්‍රපටය නරඹා ශාලාවෙන් එළියට එන්නේ ශ්‍රද්ධාව හිතේ ඇතිව. දළදා වහන්සේ කෙරෙහි අනේක වාරයක්‌ දැනුවත් වෙලා. පැය දෙකකදී දළදා වහන්සේගේ ඓතිහාසික තොරතුරු නිර්මාණයක්‌ තුළින් මම ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලන්නේ මේ චිත්‍රපටය දෙස විතර්ක බුද්ධියෙන් බලන්න එපා. මේ චිත්‍රපටය නියම ගැමි සිංහලයෙක්‌ ලෙස බලන්න කියා. ඒකට හේතුව තමයි දළදා වහන්සේ කියන්නේ අපේ රටේ නිල නොලත් රජු ලෙසයි ගරු කරන්නේ. දළදා වහන්සේ ගැන ඇස්‌ දෙක වසාගෙන හිතුවත් පිං රැස්‌ වෙනවා. එහෙම නම් මේ චිත්‍රපටය නරඹද්දී ප්‍රේක්‌ෂකයාට මොන තරම් නම් පිං රැස්‌කර ගන්න පුළුවන්ද..“

සනත් අබේසේකර – දිවයින

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2