Sri Lanka's Best Cinema Portal

 

“SANJU” ලොව පුරා අති සාර්ථක ගමනක

0
Posted July 2, 2018 by Nisanka Weheraduwa in Now Showing
poster-2

Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දිය යුතු කෙනෙක් නොවෙයි. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වුනු ඔහු බොහෝ කතාබහට ලක්වුණු චරිතයක් වුනා. ක්ෂේත්‍රයේදී ඔහු කළ නිර්මාණ නිසා වගේම පෞද්ගලික ජිවිතයේ කාරණා නිසාත් ඔහු ලොව පුරා කතාබහට ලක්වුණු චරිතයක් වුනා. මේ කතාව සංජයගේ සිනමා ජීවිතය සම්බන්ධව නොවෙයි.

කෙනෙකුට තමන්ගේ ජිවිත කාලයේම තමන්ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටයක් දකින්න ලැබෙනවා කියන එක තරමක් විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව සංජය දත් කියන බොලිවුඩ් නළුවාට හිමිව තිබෙනවා. ඒ, SANJU බොලිවුඩ් චිත්‍රපටය හරහා. මීට දින තුනකට පෙර තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය Biographical movie එකක් විදිහට නිර්මාණය වුනේ සංජය දත්ගේ ජිවිත කතාව ඇසුරින්. Rajkumar Hirani කියන්නේ ඉන්දීය සිනමාවේ ජනප්‍රියම අධ්‍යක්ෂවරයෙක්. සහ ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතිශය ජනප්‍රිය වුනා වගේම ලොව පුරා කතාබහට ලක්වුනා. 3 idiots, PK වගේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවන තරම්. ඔහු මෙවර SANJU චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයින් වෙත එනවා. චිත්‍රපටයට තිර රචනය කරන්නේ Rajkumar Hirani සහ Abhijat Joshi විසින්. නිෂ්පාදනයට Rajkumar Hiran සමග Vidu Vinod Chopra සම්බන්ධ වනවා. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන සංජය දත්ගේ චරිතයට රංගනයෙන් එක්වන්නේ Ranbir Kapoor. මේ තෝරා ගැනීම ගැන බොහෝ මත ගැටුම් නිෂ්පාදකයන් අතර ඇති වුනත් අවසානයේ Ranbir ඒ සඳහා තෝරා ගන්නෙත් Rajkumar Hiraniගේ දැඩි අවශ්‍යතාව නිසාමයි.

Paresh Rawal, Vicky Kaushal, Manisha Koirala, Dia Mizra, Sonam Kapoor, Anushka Sharma, Jim Sarbh සෙසු චරිත සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා. කෙසේ නමුත් සංජය දත්ගේ මව ඔහු කුඩා කල සිට ඔහු ඇමතීමට භාවිතා වන සුරතල් නාමය (Nickname) වුනේ “සංජු”. චිත්‍රපටයේ නම සඳහා එයම යොදා ගැනීමට රාජ්කුමාර් හිරානි තීරණය කොට තිබෙනවා. 2017 වසරේ ජනවාරි මස මුලික වැඩ කටයුතු ආරම්භ කළ චිත්‍රපටය වැඩකටයුතු අවසන් කොට තිබෙන්නේ 2018 ජනවාරි මාසයේදී. ජුනි 29 වැනිදා ලොව පුරා චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කොට තිබෙනවා. දින දෙකක් ඇතුලත ලොව පුරා තිරගත කිරීමෙන් ₹97.99 croreක ආදායමක් මේ වනවිට උපයා ඇති බව සඳහන්. චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වනු ඇතැයි අපේක්ෂා කරනවා. විචාරකයින් වෙතින් මේ වනතෙක් ලැබෙන්නේද යහපත් ප්‍රතිචාර බව සඳහන්. Ranbirගේ රංගනය සහ Rajkumar Hiraniගේ අධ්‍යක්ෂණය පිළිබඳව බොහෝ විචාරක පැසසුම් ලැබී  ඇති බව සඳහන්. 2018 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වනු ඇතැයි අපේක්ෂා කරනවා. චිත්‍රපටය මිනිත්තු 161ක් පුරා දිගහැරෙන්නක්.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2