සෙනසුරු මාරුව ඊ. ඒ. පී. මණ්ඩලයේ

Avatar Cinema.lk A | October 10, 2012 34 Views 0 Likes 0 Ratings

34 Views 0 Ratings Rate it

උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන සෙනසුරු මාරුව ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමා ශාලාවන් හි තිරගත දැන් තිරගත වේ.

කිසල් හා මහිල් නම් නෞකාවක සේවය කළ මිතුරන් දෙදෙනෙකු වටා ගෙතී ඇති කතා පුවතක් රැගත් මේ චිත්‍රපටයේ  ලකී ඩයස්, චන්න පෙරේරා, ශේෂාද්‍රි, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, කාන්ති ලංකා, ඉන්දික ගිනිගේ, තරික් රහීම්, ධනවර්ධන ගුරුගේ, නිමල් ඇන්තනී, අජිත් වීරසිංහ, ටිරෝන් මයිකල්, සේනක විජේසිංහ, සම්පත් ජයවීර, පණ්ඩුක ශ්‍රී දයාන්, සුදේශ් වසන්ත පීරිස්, ගාමිණී විජේසිංහ, විශාඛා ජයවීර, නන්ද වික්‍රමගේ, රයන් වැන්රොවන්, ජයතිස්ස අතුලසිරි, ජිහාඩ් අල් සජන්, මොහොමඩ් අලි රජාබ්, තුෂාර ප්‍රගීත් සහ නතාෂා අමේන්දා යන රංගන ශිල්පී,ශිල්පිණියන්  විසින් රංගන දායකත්වය සපයනු ලබනවා.

ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ කතාවකට අනුව සැකසු තිර පිටපතක් වන මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් කේ. ඩී. දයානන්ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්නද, සහය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රියද,කලා අධ්‍යක්ෂණයෙන් වෙලේගෙදර රණසිංහ ද,අංග රචනයෙන් වසන්ත විට්ටච්චි ද දායක වේ. සෙනසුරු මාරුවහි සංගීතය ඩිලන් ලෑම්බ්ගෙනි. ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය නිර්මාණය කොට තිබේ. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරියගෙනි.සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාරගෙනි.

නියුබියන් ෆිල්ම්ස් වෙනුවෙන් අජිත් ප්‍රියන්ත, ප්‍රවීන් ජයරත්න, රංජිත් ජයසූරිය සමඟ උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව නිෂ්පාදනය කොට තිබේ

Share

34 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.