Singam Again – ඉන්දියානු ඉතිහාසයේ දැවැන්තම Cop සිනමාපටය
දැන් දින කිහිපයකට පෙර රෝහිත් ෂෙට්ටිගේ Indian Cop Universe හි නවතම චිත්‍රපටය වන, “Singham Again” හි රූපගත කිරීම් ආරම්භ වුනා. ඒ උතුරු ඉන්දියාවේ මුම්බායි හි පිහිටා තිබෙන, YRF සිනමා සමූහයට අයත්, Yash Raj Studios පරිශ්‍රයේදී යි.
Singham Again චිත්‍රපටය 2024 වසරේ අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී තිරගත කිරීමට සූදානමින් තිබෙන අතර නිෂ්පාදකයින්ට මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට තිබෙන කාලය සීමිත නිසා, මාස හතරක පමණ කාලයක් පුරාවට එකදිගට මෙහි රූගත කිරීම් සිදු කිරීමට නියමිතයි.
මුල් Singham සිනමාපට ද්විත්වයේ සීක්වල් නිර්මාණයක් වන මෙහි ප්‍රධාන චරිතය සුපුරුදු පරිදි Ajay Devgan විසින් නිරූපණය කරනවා.
අධ්‍යක්ෂක රෝහිත් ෂෙට්ටිගේ Indian Cop Universe නැමැති පොලිස් – ක්‍රියාදාම සිනමා විශ්වයේ පස්වන චිත්‍රපටය වන්නේ මෙයයි. 2011 වසරේදී අජෙයි දෙව්ගන් විසින් රඟපෑ Singham චිත්‍රපටයෙන් ඇරඹුනු ඊට 2014 වසරේදී Singham Returns චිත්‍රපටයත්, 2018 වසරේදී රන්වීර් සින්ග් රඟපෑ Simmba චිත්‍රපටයත් එකතු වුනා. 2021දී තිරගත වුනු ආක්ෂේ කුමාර් ප්‍රධාන භූමිකාව නිරූපණය කළ Sooryavanshi හින්දි චිත්‍රපටය අයත් වන්නේත් මෙම Indian Cop Universe සිනමාපට දාමයටයි.
රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණය යටතේ මෙම ක්‍රියාදාම සිනමාපට මාලාව ලබාගෙන තිබෙන සාර්ථකත්වය නිසාම, හින්දි සිනමාවේ වඩාත් සාර්ථකම movie franchise කිහිපයෙන් එකක් ලෙසටත් මෙය සැලකෙනවා.
මේ වනවිට රූපගත කිරීම් ඇරඹී තිබෙන මෙම Singham Again හින්දි චිත්‍රපටය, මීට පෙර පැමිණි සියලුම Cop Films සමඟ සෘජුවම සම්බන්ධයක් දක්වන අතර ඒවායේ සිටි නලු නිළියන්වත් මෙම සිනමාපටය තුළින් දැකගත හැකියි. මුල් Singham චිත්‍රපට ද්විත්වයේ මෙන්ම මෙහිදීත් ‘සින්ගම්’ නැමැති පොලිස් නිලධාරියාගේ ප්‍රධාන චරිතය අජෙයි දෙව්ගන් (Ajay Devgan) විසින් නිරූපණය කරනවා.
ඔහු විසින් ප්‍රධාන භූමිකා රඟපෑ Singham පළමු සහ දෙවන චිත්‍රපටය පිළිවෙලින් ඉන්දියානු කෝටි 150 සහ 250කට අධික ආදායමක් වාර්තා කළ අතර රෝහිත් ෂෙට්ටිට මෙම Indian Cop Universe සිනමා විශ්වය පිළිබඳ අදහසක් පැමිණියේත් එම චිත්‍රපට ද්විත්වයේ සාර්ථකත්වය නිසායි. ඉන්දියානු කෝටි 350ක් වැය කරමින් නිෂ්පාදනය වී ඇති ඔහුගේ මේ සියලුම පොලිස් ක්‍රියාදාම චිත්‍රපටවලින් ලබාගෙන තිබෙන සමස්ත ආදායම ඉන්දීය කෝටි 1050 ඉක්මවනවා.
‘සිංගම්’ චරිතය රඟන අජෙයි දෙව්ගන්ට අමතරව ජනප්‍රිය නලු රන්වීර් සින්ග් ඔහුගේ ‘සිම්බා’ නැමැති පොලිස් පරීක්ෂක චරිතය තුළින් Singam Again චිත්‍රපටයට එකතු වනවා. රන්වීර්ගේ රංගනයෙන් 2018 වසරේදී තිරගත වුනු Simmba හින්දි චිත්‍රපටය රැස් කරගත් සම්පූර්ණ ආදායම ඉන්දීය කෝටි 400කට අධිකයි. රෝහිත් ෂෙට්ටිගේ මෙම ක්‍රියාදාම චිත්‍රපට එකතුවේ මෙතෙක් සාර්ථකම සිනමාපටය වන්නේ ද එයයි.
ඊට අමතරව ‘සූර්යවංශි’ නැමැති ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාගේ චරිතය හරහා Akshay Kumar ද මෙහි කැමියෝ දර්ශන කිහිපයකට එක්වීමට නියමිතයි. එමෙන්ම මුල් චිත්‍රපටවල දක්නට නොලැබුනු චරිත ගණනාවක්ම මෙහි ඇතුළත්ව තිබෙන අතර වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින දැවැන්තම රංගන ශිල්පිනිය ලෙසින් හැඳින්වෙන Deepika Padukone ද “Singham Again” හරහා මෙම ක්‍රියාදාම සිනමා විශ්වයට සම්බන්ධ වීමට සූදානම්…
වාර්තා වන පරිදි චිත්‍රපටයේ දුෂ්ඨ – ප්‍රතිවීර චරිතය නිරූපණය කරන්නේ Jackie Shroff විසිනුයි.
මුල් Singham චිත්‍රපටවල අජෙයි දේව්ගන්ගේ බිරිඳගේ චරිතය නිරූපණය කළ Kareena Kapoorවත් මෙතුළින් නැවතත් ප්‍රේක්ෂකයින්ට දැකගන්නට පුලුවන්. ඇය නිරූපණය කරන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක් නොවුනත් පෙර නිර්මාණවලදී මෙන්ම මේ චිත්‍රපටය තුළත්, ඇගේ භූමිකාව සිනමාපටයේ සම්පූර්ණ ධාවන කාලය පුරාම දිවෙන වැදගත් චරිතයක් බවත් සඳහන් වනවා.
Kareena Kapoor සිටින දර්ශනවල රූපගත කිරීම් පටන් ගැනීමට තිබෙන්නේ ඔක්තෝබර් මාසය අග වනවිටයි. එතෙක් අජෙයි සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාදාම දර්ශනවල වැඩ කටයුතු සිදුවෙමින් තිබෙනවා.
මෙතරම් දැවැන්ත නලු නිළියන් යොදා ගනිමින්, ඉන්දියානු කෝටි 400කට ආසන්න නිෂ්පාදන පිරිවැයක් වැය කරමින් නිපදවෙන මෙම “Singham Again” චිත්‍රපටය රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂකවරයාගේ වසර විස්සක සිනමා ජීවිතය තුළ නිර්මාණය කෙරෙන දැවැන්තම සිනමා ව්‍යාපෘතියයි.
සාමාන්‍යයෙන් රෝහිත් ෂෙට්ටිගේ සිනමා නිර්මාණවල තිර පිටපත් රචනා කරන්නේ Yunus Sajawal විසින් වුවද, Singham Again චිත්‍රපටයේ තිර පිටපත රචනය සඳහා බාරවී තිබෙන්නේ වෙනත් කිහිප දෙනෙකුටයි. ඇත්තෙන්ම මෙය මාස 18ක් වැනි අතිශය දීර්ඝ කාලයක් පුරාවට තිර රචකයින් පස් දෙනෙකු විසින් රචනා කළ චිත්‍රපටයක්.
ඒ සඳහා Shantanu Srivastava (Badhai Ho, Tevar, Night Manager) – Kshitij Patwardhan (Mauli, Faster Fene, Timepass 2) – Yunus Sajawal (Simmba, Chennai Express, Singham) – Milap Zaveri (Kaante, Shootout at Wadala) – Abhijeet Khuman (Asur) සහ Sandeep Anusha (The Indian Police Force) යන පුද්ගලයින් සියලු දෙනාගේම සහයෝගය ලැබී තිබෙනවා.
මෙය එළඹෙන වසරේ මැද භාගයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන නිසා චිත්‍රපටයේ රූපගත කිරීම් ඉතා ඉක්මනින් සිදු කොට අවසන් කිරීමට රෝහිත් ෂෙට්ටිට සිදුවනවා. ඉන්දියාව තුළ රූපගත කෙරෙන දර්ශන එළඹෙන මාස හතරක පමණ කාලයකදී වේගයෙන් සිදු කොට, විදේශයන්ට අදාළ දර්ශන ඉතිරි මාස දෙකක පමණ කාලයක් තුළ අවසන් කිරීමටයි ඔවුන්ගේ බලාපොරාත්තුව.
Singham Again තුළ දක්නට ලැබෙන ක්‍රියාදාම දර්ශනවල අසීරුබාවය නිසාම හොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ සටන් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුම මේ චිත්‍රපටය සඳහාත් සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන්…
Singham Again චිත්‍රපටය තිරගත කිරීමට පෙර රෝහිත් ෂෙට්ටිගේ මෙම සිනමා විශ්වයේ තවත් අලුත්ම නිර්මාණයක් ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට පුලුවන්. ඒ Indian Cop Universe හි පළමු වෙබ් කතාමාලාව වන The Indian Police Force නැමැති වෙබ් කතාමාලාවයි. රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කළ The Indian Police Force වෙබ් කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා විසිනුයි.
ඊට අමතරව විවේක් ඕබ්රෝයි සහ ශිල්පා ෂෙට්ටි ද එහි වැදගත් භූමිකා රඟපානවා.
එළඹෙන 2024 වසරේ අගෝස්තු – සැප්තැම්බර් වනවිට මෙම නවතම Singham Again හෙවත් Singham 03 හින්දි සිනමාපටය ලෝ පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිතයි..!!!
Written by Kavinu Weerakkody