පරා පැටියා ආයේ රඟපාන්නේ නැතිලු
සෝමරත්න දිසානායක කියන්නේ මෙරට සිනමාවට දැවැන්ත සිනමා නිර්මාණ රැසක් දයාද කළ දක්ෂ නිර්මාණකරුවෙක්.ඔහු තමන්ගේ චිත්‍රපට හරහා සිනමා ක්ෂේත්රයට නව පරපුරක් හදුන්වා දුන්නා.ඔහුගේ පෙර නිර්මාණ වලට දායක වු ඒ පුංචි අංකුර රංඟන ශිල්පීන්,ශිල්පිණියන්,ගායකයින් මේ වන විට ක්ෂේත්රයේ පළපුරුදු කාරයන් වී හමාරයි.මේ ආකාරයට සොමේගේ අලුත් චිත්‍රපටය වන “සිරි පැරකුම්“ හරහා ද නවක රංඟන ශිල්පීන් රැසක්ම හඳුන්වා දීමට නියමිතයි.ප්‍රවීණ රංඟන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර,හෙළ සිනමාවේ නිළි රාජිණියගේ පරම්පාවට නෑ කම් කියන සෙනලි ෆොන්සේකා ද මේ අතර වනවා.මේ නවක තරු අතර කාගේත් අවධානය දිනා ගත් චූටී කොලු පැටියෙක් ද සිටිනවා.පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය නිරුපණය කරන මේ සුරතල් කොලු පැටියට හැමෝම වගේ කිව්වේ “පරා පැටියා“ කියලා.
තවමත් දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සුරතලාගේ නම ප්‍රමුදිත උදය කුමාර.නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පරා පැටියගේ අම්මා මේ විද්‍යාලයේම ගුරුවරියක්,පියා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්.අධ්‍යාපන කටයුතු වලට දැඩි ඇල්මක් දක්වන මේ දඟකාරයාගේ අනාගත සිහිනය ඉංජීනේරුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි වීමයි.කුඩා ළමුන්ගේ අනාගතය විනාශ කරන විදියේ ක්‍රියාකාරකම් වලින් සැදි නූතන ටෙලිවිෂන් ලෝකය තුළ මේ පුංචි පැටියාගේ අනාගතය ගැන දැඩි විපරමකින් පසුවන බවටයි සෝමරත්න දිසානායක වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ.
“ප්රමුදිතගේ මවුපියන් උගත් අය. ඒනිසා අධ්‍යාපනය පැත්තෙන් ඔහු ඉදිරියටම යයි කියලා විශ්වාසයක් තිබෙනවා. මමත් පෞද්ගලිකව ඒ ගැන සොයලා බලනවා. විශේෂයෙන් කියන්න ඕනි මේ දරුවගේ ආකර්ෂණය දිනාගන්න වාණිජ ලෝකය වෙළෙඳ දැන්වීම් වගේ දේවලට යොදාගන්න මම ඉඩ තියන්නේ නෑ. දරුවා හොඳ නිර්මාණවලට සහභාගි විය යුතුයි. මගේ අනුදැනුමකින් තොරව මේ දරුවා කිසිම දෙයකට යොදවන්න එපා කියලා මවුපියන් දැනුම්වත් කරලා තියෙන්නේ“
මේ පිළිබඳ අපි පරා පැටියාගේ ද අදහස් විමසා සිටියා. ප්‍රමුදිත තවත් රඟපාන්න කැමැතිද?
“නැහැ. මම ආයෙ රඟපාන්නේ නැහැ. ආයෙ චිත්‍රපටවලට යන්නේ නැහැ.“