SSR වෙනුවෙන් තවත් Digital උද්ඝෝෂණයක්

Avatar Nisanka Weheraduwa | August 4, 2020 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමා රසිකයින්ට පසුගිය ජුනි 14 වැනිදාව ඉතාමත් කණගාටුදායක දවසක් වුනා. ජනප්‍රිය බොලිවුඩ් නළුවකු වූ Sushant Singh Rajput සියදිවි නසාගෙන ඇතැයි කියන පුවත ලෝකය පුරාම සිඝ්‍රයෙන් ව්‍යාප්ත වුනා. ඒ වගේම මේ මරණය සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇතිවන්නත් වුනා. විශේෂයෙන්ම මේ මරණය සියදිවි නසාගැනීමක් නොව මිනීමැරුමක් බවත් බොලිවුඩ් සිනමාවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම ඊට වගකිව යුතු බවත් මේ පුවත් වලින් කියවුනා.

සුශාන්ත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඉන්දියාව පුරා විවිධ උද්ඝෝෂණ සංවිධාන කෙරුනා. #Candle4SSR උද්ඝෝෂණ ව්‍යාපාරය මේ අතර විශේෂයි. ඩිජිටල් මාධ්‍ය  භාවිතා කරමින් මේ ඩිජිටල් උද්ඝෝෂණය සංවිධානය කොට තිබුනා. එහිම තවත් පියවරක් එළඹෙන අගෝස්තු 7 වැනිදාත් පැවැත්වීමට සංවිධායකයින් සූදානම්. Ishkaran Singh Bhandari නම් නීතිඥවරයකු මෙම වැඩසටහනේ ප්‍රධානත්වය ගෙන තිබෙනවා. ඔවුන් සියලුම ජනතාවට මේ උද්ඝෝෂණය සමග එවන ලෙස ආරාධනා කොට තිබුනා. හිසේ කළු පටියක් පැළඳ, ඉටිපන්දමක් දල්වන ලෙසත් #Candle4SSR නම් Hashtag එක සමගින් එම පින්තූර ඩිජිටල් අවකාශයට මුදාහරින ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

සුශාන්ත් වෙනුවෙන් යුක්තිය ඉටුවන තුරු සටන් කිරීමට බොහෝ පිරිසක්  මෙවැනි ක්‍රියාමාර්ග සමග එක්ව සිටින බවට බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.