STREE අගෝස්තු 31 වැනිදා සිට ලොවපුරා
බොලිවුඩ් චිත්‍රපට නාමාවලියේ අලුත්ම චිත්‍රපටය, දවස අද. ඒ කියන්නේ අගෝස්තු මාසේ 31 වැනිදා. අද තමයි දවස. STREE අලුත්ම චිත්‍රපටය තිරගත වීම් පටන් ගැනෙන්නේ අද. මේක Comedy චිත්‍රපටයක්. ඒ වගේම මේක Horror චිත්‍රපටයක්. මේ ශානර දෙකටම අයිති වෙන විදිහට කරපු අලුත්ම විදිහේ වැඩක් කියලයි කියවෙන්නේ.
චිත්‍රපටයේ තිර රචනය Sumit Arora සහ Raj Nidimory විසින් නිර්මාණය කෙරෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යයට අත ගහන්නේ Amar Kaushik. 2018 ජනවාරි මාසයේ චිත්‍රපටයේ මූලික වැඩකටයුතු ආරම්භ කෙරුනා. මාස කිහිපයක් ඇතුළත චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරන්න වගේම තිරගත කරන්නත් මේ පිරිසට හැකියාව ලැබුනා. ජූලි මාසේ 26 වැනිදා චිත්‍රපටයේ Trailer එක නිකුත් කර තිබුනා. මේ trailer එක බලපු සිනමා රසිකයෝ ලොකු උනන්දුවකින් චිත්‍රපටය තිරගත වෙනකල් බලා සිටි බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. අගෝස්තු 31 වැනිදා ඒ අවස්ථාව උදා වනවා.
බොලිවුඩ් සිනමාවට ආව නැගීඑන තරු අතර දක්ෂ වගේම ජනප්‍රිය ශිල්පියෙක් Rajkumar Rao. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහු තෝරාගෙන තිබෙනවා. ඔහු සමග චිත්‍රපටයට යොදාගත් Co-star වන්නේ Shraddha Kapoor. ඊට අමතරව Pankaj Teipathi, Aparshakti Khurrana, Vijay Raaz, Nara Fatehi ඇතුළු පිරිසක් චිත්‍රපටයේ චරිත මවනවා. අපූරු සංගීතයක් චිත්‍රපටයට නිර්මාණය කරන්නේ Ketan Sodha විසින්. අගෝස්තු 31 වැනිදා සිට බොලිවුඩ් සිනමා රසිකයින්ට STREE රසවිඳින්න හැකියාව ලැබෙනවා.
Written by Nisanka Weheraduwa