Sunjay Dutt මරාති සිනමාවේ නිෂ්පාදනයට පිවිසෙයි

Avatar Nisanka Weheraduwa | July 17, 2019 86 Views 0 Likes 0 Ratings

86 Views 0 Ratings Rate it

Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමාවේ කලින් කලට පුවත් මවන අපූරු චරිතයක්. නළුවෙක් විදිහට විතරක්ම නෙමෙයි. විවිධ කාරණා නිසා ඔහු ගැන වරින් වර කතාබහ ඇතිවුන බව බොලිවුඩ් රසිකයන් දන්නා කාරණයක්. කොහොම නමුත් සංජේ ගැන අලුත්ම ආරංචිය නම් සිනමාවට සම්බන්ධ එකක්. නමුත් ඒ බොලිවුඩ් සිනමාව ගැන නොවෙයි.

සංජේ දත් නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටය අගෝස්තු 02 වැනිදා තිරගත කෙරෙන බව ඔහු සමාජ ජාල ඔස්සේ ප්‍රේක්ෂකයින් දැනුවත් කොට තිබුනා. මේ චිත්‍රපටයේ නම “Baba”. චිත්‍රපටය මරාති භාෂාවෙන් නිර්මාණය වන මරාති නිර්මාණයක්. පියෙක් සහ පුතෙක් අතර පවතින මානුෂිය සම්බන්ධය ගැන වෙනස් විදිහක කියවීමක් මේ සිනමාපටයට ඇතුලත් වන බව මාධ්‍ය වාර්තා පවසනවා. Raj Gupta අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයට Deepak Debriyal, Nandita Dhuri, Abhiject Khandkekar, Spruha Joshi ඇතුළු නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටය ගැන සඳහන් කරමින් සංජේ පවසා තිබුනේ ඔහුගේ ජිවිතයේ වටිනාම පුද්ගලයා වන ඔහුගේ පියා වෙත උපහාරයක් ලෙස මේ චිත්‍රපටය නම් කරන බවයි.

Share

86 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.