Sushanthගේ මරණය මිනීමැරුමක් යැයි රසිකයින්ගෙන් චෝදනා.

Avatar Nisanka Weheraduwa | June 15, 2020 1566 Views 0 Likes 4 On 1 Rating

1566 Views 4 On 1 Rating Rate it

ජුනි 14 වැනිදා මුම්බායි නගරයේ පිහිටි තමන්ගේ නිවාස තුළදී ජනප්‍රිය බොලිවුඩ් නළු Sushant Singh Rajput සියදිවි හානිකරගත් පුවත ලෝකය පුරා බොලිවුඩ් රසිකයින් මහත් කම්පනයට පත් කළා. ඔහුගේ මරණයට හේතුව පිළිබඳව කිසිදු ආකාරයක තොරතුරක් නිළ වශයෙන් මාධ්‍ය වෙත නිකුත්වී තිබුනේ නැහැ. කෙසේ නමුත් මේ වනවිට මේ මරණය සම්බන්ධ කොට ගනිමින් බොලිවුඩ් පුරය මහත් කැළඹීමකට පත්ව තිබෙනවා. Sushant ගේ මරණය දිවිනසා ගැනීමක් නොව මිනීමැරුමක් බවත් බොලිවුඩ් සිනමාවේ “තරු” ලෙසින් බබළන කිහිප දෙනෙකුම ඊට වගකිව යුතු බවත් පවසමින් බොලිවුඩ් රසිකයින් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා සිය අදහස් පල කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ krkboxoffice.com වෙබ් අඩවියේ නිළ twitter ගිණුමේ සඳහන් වූයේ යැයි පැවසෙන පණිවිඩයක් මේ සිදුවීමට මූලික වූ බව බොලිවුඩ් රසිකයින් සහ ඇතැම් ක්ෂේත්‍රයේ අය පවා පවසනවා.

මෙම පණිවිඩයට අනුව Dharma Productions, Sajid Nadiadwala, TSeries, Balaji Tele Films වැනි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමාගම් කිහිපයක් Sushant සමග ගිවිසුම් අත්සන් නොකිරීමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී තමාට බොලිවුඩ් සිනමාවේ අවස්ථා හිමි නොවනු ඇතැයි ඔහු දැඩි කම්පනයට පත්ව සිටි බවත්, ඉංජිනේරු වෘත්තීය අතහැර සිනමාව තෝරාගත් ඔහුට ක්ෂේත්‍ර දෙකම අහිමිව ගිය හෙයින් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවත් බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. කෙසේ නමුත් මේ වනවිට අදාළ නිෂ්පාදන සමාගම් සහිත ඒකාධිකාරය Dharma Production හිමි Karan Johar විසින් පවත්වාගෙන යන බවටත්, එහෙයින් මේ සිදුවීම් සියල්ල පසුපස ඔහුගේ අදිසි හස්තය ක්‍රියාත්මක වන බවටත් ඉන්දියානු සිනමා රසිකයින් දැඩි ලෙස චෝදනා කරනවා. තමාට හිතවත් පරම්පරාගත පවුල් කිහිපයක දරුවන්ට පමණක් සිනමාවේ රැඳී සිටීමට අවස්ථාව ලබාදීම ඔහුගේ අරමුණ බවයි මේ පණිවිඩ මගින් චෝදනා කොට තිබෙන්නේ. මේ වනවිට බොලිවුඩ් පුරයේ කරන ජෝහාර්ට හිමිව තිබූ ජනප්‍රිය සිඝ්‍රයෙන් පහල බසින් ඇති බව Social media මගින් හෙළිවනවා. Karan මේ දිවිනසාගැනිම සම්බන්ධයෙන් ඔහුගේ Instagram පිටුවේ පළකොට තිබූ පණිවිඩයකට රසිකයින් දක්වා තිබූ මේ ප්‍රතිචාර මගින් මේ වනවිට බොලිවුඩ් රසිකයින් කරන් වෙත එල්ලකරන විරෝධය පෙනී යනවා.

මේ ප්‍රතිචාර බොහොමයකින් චෝදනා කෙරෙන්නේ Karan Johar ඇතුළු ක්ෂේත්‍රයේ බලය පතුරුවා සිටින ප්‍රධාන නිෂ්පාදන සමාගම් විසින් ඥාති සංග්‍රහය (Nepotism) සිදුකරමින් පවුල් කිහිපයක දරුවන් කිහිප දෙනෙකු පමණක් උත්කර්ෂයට නංවමින් සිටින බවයි. මේ හේතුවෙන් Sushant Singh Rajput වැනි දුරබැහැර සිට පැමිණි ක්ෂේත්‍රයේ ඥාති සබන්ධතා නැති දක්ෂයින් නෙරපා දැමීමට ඔවුන් කටයුතු කරන බවට මේ අදහස් වලින් කියෙනවා.

කෙසේ නමුත් Aalia Batt මේ චෝදනාවට ලක්වූ අනික් ශිල්පිනිය වනවා. Sushantගේ මරණය සම්බන්ධයෙන් ඇය සිය Instagram පිටුවේ සටහන් කොට තිබූ අදහසට දැඩි විරෝධයක් එල්ල කොට තිබුනා. ඇය මේ සියල්ලට වක්‍රාකාරයෙන් වගකිව යුතු බවට එම චෝදනා වලින් කියවුණු අතර ඇය සහ එම පරම්පරාවන්ගෙන් පැවත එන්නන්ගේ නිර්මාණ වර්ජනය කළ යුතු බවටත්, ඒ සඳහා සංවිධාන විය යුතු බවටත් බොලිවුඩ් රසිකයින් පවසා තිබුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කෙසේ නමුත් krkboxoffice.com වෙබ් අඩවියද මේ චෝදනා සම්බන්ධයෙන් twitter පණිවිඩයක් නිකුත් කොට තිබුනා.

 

 

 

තවත් එවැනිම බොලිවුඩ් තරු පවුලකින් පැවත එන සෝනම් කපූර් මීට පැය කිහිපයකට පෙර ඇගේ twitter ගිණුමේ මෙවැනි අදහසක් පළකොට තිබුනා.

බොලිවුඩ් පුරයේ පවතින මේ අසීමිත ඥාති සංග්‍රහ තත්වය ක්ෂේත්‍රයට ඉතාම අවාසිදායක තත්වයක් බවත්, දක්ෂතා සහිත නව පරපුරකට ඉදිරියට පැමිණීමට එය මහත් බාධාවක් බවත් බොහෝ අදහස් වලින් කියවෙනවා. එහි ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ කරන් ජොහාර් වෙතටයි.

Share

1566 Views 4 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.