Sri Lanka's Best Cinema Portal

 

Sweet Taste of Imagination අද සවස තරංගනියෙදී

0
Posted February 12, 2018 by Nisanka Weheraduwa in Cine News
sweet taste

ඉරාන සිනමා අත්දැකීම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වෙත සමීප කිරීම උදෙසා ඉරාන සංස්කෘතික ආයතනය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව ඉරාන සිනමා උළෙලක් සංවිධානය කොට තිබෙනවා. පෙබරවාරි 10 වැනිදා සිට 14 වැනිදා දක්වා තරංගනී සිනමාහලේදී මේ සිනමා උළෙල පැවැත්වෙනවා. ආසියාවේ සුවිශේෂී සිනමාවක් වන ඉරාන සිනමා අත්දැකීම් මෙරට ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙන්නේ කලකට පසුව වීමත් විශේෂත්වයක්. පසුගිය දින දෙකකදී තිරගත කෙරුණු සිනමාපට ත්‍රිත්වය සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබුනා මෙන්ම චිත්‍රපට සඳහා ධනාත්මක ප්‍රතිචාර රැසක්ද ලැබී තිබුනා. අද එනම් පෙබරවාරි 12 වැනිදාත් සවස 6.30ට ඉරාන සිනමාපටයක් තිරගත වීමට නියමිතයි.

Sweet Taste of Imagination ඉරානයේ 2014 වර්ෂයේ නිෂ්පාදනය වූ චිත්‍රපටයක්. 2014 මාර්තු 05 වැනිදා මේ චිත්‍රපටය ඉරානයේදී නිකුත් කෙරුනා. comedy, drama සහ Romance යන කාණ්ඩ ත්‍රිත්වයම නියෝජනය කළ හැකි ලක්ෂණ මේ චිත්‍රපටයේ තිබෙනවා. Kamal Tabrizi විසින් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබෙන්නේ Naghmeh Samini විසින්. Shahab Hosseini, Nazanin Sayati, Nader Frallan ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වනවා. පෙබරවාරි 12 වැනිදා (අද) සවස 6.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2