TENET ජූලි මස ලොවවටා ගමන් ඇරඹීමට සැරසෙයි.
කොරෝනා වෛරසය ලෝකය පුරාම ව්‍යාප්ත වෙනවත් එක්කම වැඩිම බලපෑමක් එල්ල වුනු ක්ෂේත්‍ර වලින් එකක් තමයි විනොදාස්වාදන කර්මාන්තය. චිත්‍රපට, නාට්‍ය, ටෙලිවිෂන් වැඩසටහන්, සංගීත ප්‍රසංග මේ සියල්ලටම සීමාවන් වැටුනා. ක්ෂේත්‍රයේ කටයුතු එකතැන නැවතුනා. කොහොම වුනත් දැන් ලෝකය ක්‍රමයෙන් නැවත යථා තත්වයට පත්වෙමින් තියෙනවා. වෛරසය සමගම සාමාන්‍ය දෛනික ජීවිතය ගෙවා දැමීමට ලෝකවාසීන් සූදානමින් සිටිනවා. විනොදාස්වාදන කර්මාන්තයේ කටයුතුත් ටිකෙන් ටික ආරම්භ වන බවක් දකින්න තියෙනවා. මේ තොරතුරු අලුතින් තිරගත වීමට සූදානම් වන හොලිවුඩ් චිත්‍රපටයක් ගැනයි.
ලෝකය පුරාම විසිර සිටින හොලිවුඩ් සිනමා ලෝලීන් මහත් ආශාවෙන් උනන්දුවෙන් බලාසිටි TENET චිත්‍රපටය තිරගත වීම පිලිබඳ නිළ දැනුම්දීම් නිවේදනය කොට අවසන්. ජූලි මස 17 වැනිදා සිට ඇමරිකාවෙත් ලොව පුරාත් චිත්‍රපටය තිරගත වීම ආරම්භ වනු ඇති. Christopher Nolan පිටපත ලියා අධ්‍යක්ෂණය කොට ඇති මේ චිත්‍රපටය Sci-Fi / Thriller / Action ශානරයන්ට අයත් වන බව හොලිවුඩ් වාර්තා පවසනවා. John David Washington, Robert Pattinson, Elizabeth Debicki, Dimple Kapadia, Michael Caine, Kenneth Branagh ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. Hoyte Van Hoytema සිනමා කැමරා අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයට සම්බන්ධ වී තිබෙනවා.
කොරෝනා වෛරසය නිසා තවමත් සිනමාශාලා විවෘත නොකිරීමත් සිනමා රසිකයින් අවදානම හේතුවෙන් සිනමාහල් වෙත නොපැමිණීමට ඇති ඉඩකඩත් හේතුවෙන් මේ දැවැන්ත නිෂ්පාදනය මේ මොහොතේ තිරගත කිරීම පිලිබඳ කුකුසක් නැතුවාමත් නොවෙයි. විශේෂයෙන් කැලිෆෝනියා ප්‍රාන්තය තවදුරටත් පුරවැසියනට නිවසේම රැඳී සිටින ලෙස නිවේදනය කොට තිබීමත්, ලොව පුරා වසංගත තත්වය හේතුවෙන් තවම සිනමාහල් විවෘතව නොතිබීමත්, ප්‍රේක්ෂකයින් අවදානමක් දරමින් සිනමාහල් වෙත පැමිණෙතියි විශ්වාස කළ නොහැකි වීමත් වැනි හේතු රැසක් මත චිත්‍රපටය යම් අවදානමකට ලක්විය හැකි බවට සිනමා විචාරකයින් පවසා තිබෙනවා. නමුත් චිත්‍රපටය ජූලි 17 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. ඇමරිකානු ඩොලර් මිලියන් 205ක් මේ චිත්‍රපටය වෙනුවෙන් වැයකොට ඇතැයි සඳහන්.
Written by Nisanka Weheraduwa