The Game – පූර්ව ප්‍රචාරක පටය නරඹන්න

Avatar Kavinu Weerakkody | January 6, 2022 2385 Views 5 Likes 3.83 On 6 Ratings

2385 Views 3.83 On 6 Ratings Rate it

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන The Game චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය කොළඹ සිටි සෙන්ටර් හිදි පසුගියදා පැවැත්වුනා. කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ තාක්ෂණික ශිල්පීන් ඉදිරියේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කළ අතර ඊට සමගාමීව චිත්‍රපටයේ ගීත එළි දැක්වීම ද එහිදී සිදු වුනා.

දේශපාලනය හා සම්බන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Game අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සුරංග ද අල්විස් විසිනුයි. ප්‍රධාන චරිතය රඟන රන්ජන් රාමනායකට අමතරව ජනිත් වික්‍රමගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, සුදේශ් වසන්ත පීරිස්, වසන්ත කුමාරවිල, නිම්මි කෝට්ටේගොඩ සහ තුෂිනි ‌ෆර්නෑන්ඩෝ ඇතුළු නලු නිළියන් බොහෝ දෙනෙක් The Game සිනමාපටයෙන් දැකගත හැකියි. ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ තරින්දි ෆර්නෑන්ඩෝ විසිනි.

රජහොරු සිනමාපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි සුරංග ද අල්විස් My Name is Bandu සහ හොරා පොලිස් නැමැති චිත්‍රපට ද්විත්වයක්ද අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු අධ්‍යක්ෂණය කරන 04වන චිත්‍රපටය වන්නේ මෙම The Game නිර්මාණයයි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුරංග ද අල්විස් සමඟින් අනුර සමරජීව මහතායි. ගාමිණි මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂණය හසුරුවන මෙහි සංස්කරණය සිදු කර ඇත්තේ රුවන් වීරසිංහ විසිනුයි. සරත් ද අල්විස්ගේ සංගීතයෙන් හැඩවන ගීත කිහිපයකින්ම The Game හැඩ වී තිබෙනවා. මෙහි කතාව සහ storyline ගෙතී තිබෙන්නේ ආගමික අන්තවාදයට නැඹුරු වූ පිරිසක් සිදු කරන්නට යන අපරාධයකට එරෙහිවන පොලිස් නිලධාරියෙකු වටායි. චිත්‍රපටය පිළිබඳ වැඩිදුර විස්තරයක් මාධ්‍යයට අණාවරණය වී නැතත් බොහෝ රසිකයින්ගේ අවධානය මීට යොමු වී තිබෙනවා. ලක්ෂ 03කට අධික නැරඹුම්වාර සහිත The Game පූර්ව – ප්‍රචාරක පටය ඒ බව යළිත් සනාථ කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක සිරගත වීමට ප්‍රථම රඟපෑ අවසන් චිත්‍රපටය වන්නේ ද මෙයයි. 2018දී “මගේ යාලු මාලු – 02” සිනමාපටයෙන් පසුව දීර්ඝ කාලයක් සිනමාවෙන් දැකගන්නට නොහැකි වූ රන්ජන් රාමනායක The Game තුළින් නැවතත් තමන්ට සුපුරුදු ක්‍රියාදාම නලු භූමිකාවට පිවිස තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
පහතින් දක්වා තිබෙන්නේ The Game සිනමාපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් සහ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් පිරිසයි.

Movie: The Game
Directed by: Suranga De Alwis

Cast: Ranjan Ramanayake, Janith Wickramage, Tharindi Fernando, Chathu Rajapakse, Budhdhika Jayarathne, Sriyantha Mendis, Wasantha Kumarawila, Dananjaya Siriwardana, Sudesh Wasantha Pieris, Ariyasena Gamage, Nilmini Kottage, Sando Harris, Jeewan Saptharanga, Dulashi Nimnadi

Screenplay: Suranga De Alwis & Aruna Shantha
Co-Producer: Anura Samaraweera & Suranga De Alwis
Director of Photography: Gamini Moragollagama
Assistant Directors: Najini Dikkovita, Saman Padmakumara & Nadeesha Samith
Executive Producer: Nishantha Weerasingha

Art Director: Eheliyagoda Somathilaka
Music: Sarath De Alwis
Payback Singers: Sanka Dineth, Udayanga Suresh, Buddika Ushan & Shanika Wanigasekara
Editor: Ruwan Weerasinghe
Colourist: Ananda Bandara
Sound Management: Kalinga Gihan Perera
Visual Effects: Akila Kanchana
Choreography: Sanka Abeysinghe
Production Manager: Darshana Dissanayake
Hair & Makeup: Sudath Mandaramnuwara & Chathurika Sandamali
Costume Design: Priyan Anura Sri
Stunt: Samantha Mayadunne
Stills: Anura Shantha

පහත සබැඳිය ඔස්සේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා. The Game, සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

 

Share

2385 Views 3.83 On 6 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.