THE GOD COMMITTEE – අප වසාගෙන ඔඩු දුවන නරුමවාදයේ මෘදු බව අපට පසක් කරන චිත්‍රපටයක්.
සටහන : විරාජ් ලියනාරච්චි.
පෙම්වතා – අපිට කිට්ටුවෙන්ම තියෙන මන්දාකිණිය The canis major dwarf galaxy මන්දාකිණිය. ඔයා දන්නවද එහෙට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා.
පෙම්වතිය – ඇත්තටම මට නම් අදහසක් නැහැ.
පෙම්වතා – අපිට මේ තියෙන තාක්ෂණය එක්ක ඒකට අවුරුදු මිලියන 900ක්වත් ගතවෙයි. ඔයාට ආලෝකයේ වේගයෙන් එහෙට යන්න පුළුවන් නම් ඒක අවුරුදු විසි පන්දාහකින් වගේ කර ගන්න පුළුවන්.
පෙම්වතිය – ඉතිං ඔයා කියන්නෙ ඒක කරන්න පුළුවන් වෙයි කියලද?
පෙම්වතා – කවදා හරි දවසක… මං කිව්වෙ ඔයාට ආලෝකයේ වේගයෙන් යන යානාවක් හදාගන්න පුළුවන් උනොත්. නිකමට ඔයාට කාලය ගතවීම ගැන දැනෙන එකක්වත් නැති වෙයි. අඩුගානේ ඔයා දවසකින්වත් වයසට ගිහින් නැති වෙයි.
පෙම්වතිය – ඒ උනාට ඔයා ආපසු ඇවිත් බලනකොට ඔයාගේ යාළුවෝ සේරම, ඔයාගේ පවුලේ අය හැමෝම මිය ගිහින් තියේවි.
පෙම්වතා – ඒක හරි… බොහෝ දුරට මනුෂ්‍ය සංහතියම නැති වෙලා තියෙන්නත් පුළුවන්.
පෙම්වතිය – ඉතිං එහෙනම් ඒකෙන් ඇති වැඩක් තියෙයිද?
පෙම්වතා – වැඩක් තියෙයිද නැද්ද කියලවත් අඩුගානේ හොයාගන්න පුළුවන් වෙයිනේ…
දෙවියන්ගේ කමිටුව මෙලෝ ඩ‍්‍රාමාවකි. එය පියවර තබන්නේ තරුණයාගේ ඒ ජීවය පිරි හදවත බද්ධ කිරීමට රෝගියකු තේරීමටය.
Kelsey Grammerගේ රංගනයෙන් ආලෝක වූ ඉහළ පෙළේ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන Andre Boxer ”හදවත කියන්නේ නිකම්ම නිකම් මාංශ පේෂියක් ” එසේ පවසයි. Boxer යනු නිවි නිවී දැල්වෙන දුම් වැටියකට සමාන වන අතර බොහෝ විට වැඩට කැපවුණු ඇතුළට නැමුණු කර්කෂ පෙනුමකින් යුත් සතුටු සිතින් වැඩ නොකරන පුද්ගලයෙකි. මානව කේන්ද්‍රීය බවක් බාහිරින් ඔහු නොපෙන්වයි.
Trip Granger ප‍්‍රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉතිහාසයක් ඇති නරක් වූ පෝසත් තරුණයකි. සිහිසුන් තත්ත්වයේ පසු වෙයි. ඔහුගේ පියා සල්ලිකාරයෙකු වන අතර තම පුතුට කමිටුව විසින් හදවත පරිත්‍යාග කරන්නේ නම් ඔහු රෝහලට ඩොලර් මිලියන 25ක පරිත්‍යාගයක් කිරීමට ද සැරසෙයි. බැලූ බැල්මට එය අල්ලස් දීමකි. එමෙන්ම Trip අරඹයා වෛද්‍ය ගැටළු කිහිපයක් ද ඉස්මතුව එයි.
දෙවියන්ගේ කමිටුව ප‍්‍රායෝගික වෛද්‍යමය හේතු මත පදනම්ව හදවත් ප‍්‍රදානය සිදු කළ යුතු වුවත් රෝගීන්ගේ චරිත ස්වභාවය ද, ආත්මීය භාවය ද සංවාදයට භාජනය කරයි.
දේව කමිටුවේ රෝහල් කමිටුවේ නියෝජිතයකු ලෙස පූජකවරයෙක් (Father Double) ද එකතු වී සිටී. චිත‍්‍රපටයේ අතීත සිදුවීමකදී ඔහු කමිටුවෙන් මෙසේ විමසයි.
එවිට boxer පවසන්නේ මෙසේයි.
”කවදා හරි දෙයියෝ මෙහෙට වැඩලා ඡුන්දය දෙන්න ගත්ත දවසට මං තමයි මේ කමිටුවෙන් මුලින්ම පැත්තකට වෙන්නේ. ඒත් වැඬේ කියන්නේ අවුරුදු දහයකින් විතර මං තාම පොරව දැකලම නැහැ.”
මුලදී Boxer හා Taylor පෙම්වතුන් වුවත් ඔවුන්ගේ පළමු දර්ශනයෙන් ම පැහැදිලි වන්නේ සබඳතාවය අවසන් බවයි. ඔවුන් අතර යම් දුරක් පවතී. චිත‍්‍රපටියේ අමතක නොවන දසුනක් නම් අවසානයේ දෙදෙනා නොවරදවාම අර්ථවත් සම්බන්ධයක් ඇතිකර ගැනීමයි. මෙය අපට මනුෂ්‍යත්වයේ පොදු ස්වභාවයක් මෙනෙහි කරවයි.
දේව කමිටුව මේ නරුම සමාජ ක‍්‍රමය දෙස සියුම් හුයකින් අපව කරකවා තබයි. මුදල් යනු මුදල්ම පමණක් ද? කළු ද, සුදු ද නොවේ. නමුත් එහි ආත්මීය ගැඹුරක් සටහන් වෙයි. එය නිකම්ම උපදිනවා නොවේ. අපෙන් අසන්නේ ඒවා එක්රැස් කර ගත්තේ කෙසේද කියා නොව දැන් වියදම් කරන්නේ කුමකටද යන්න ප‍්‍රශ්නය ඉදිරියට එයි. පරිත්‍යාග, ආධාර ලෙස ලැබෙන බොහෝ දේ තුළ පවා කුණු දුඟදක් වහනය වෙයි. එවිට අප නහය හකුලා ගනි. මුදල් තැන්පත් වෙයි. චිත‍්‍රපටයේ Boxer සහ රෝහල් පාලිකාවක වන Dr. Valerie සමඟ ලැබීමට නියමිත අල්ලස (පරිත්‍යාගය) ගැන සංවාදයක් මතුව එයි. Dr. Valerieට අනුව මිලියන 25 ගැනීම එකම එක කැත වැඩක් වුවත් තවත් හදවත් කීයක් නම් ඉන් බද්ධ කල හැකිද?
Dr. Valerie – ”ඔව්… මේවා එහෙම තමයි. ඒ උනාට අපි ඒවා ගන්නවා. අරගෙන අපි ඒවා වැඩ වලට වියදම් කරනවා. කිසි දෙයක් පාරිශුද්ධ නෑ. ඔයා හිතන්නෙ මේ රටේ (ඇමරිකාවේ) පුස්තකාලේ හැදුවේ කවුරු කියලද? ඒ Andrew Carnegie මිනිහා තමන්ගේ වානේ කම්කරුවන්ව සතියකට පැය අසූවක් වැඩ කරන්න දැම්මා. ඔයා හිතන්නේ කම්කරුවන්ට කියවන්න වෙලාවක් තිබ්බා කියලද? ”
මෙම ව්‍යසන කාලයේ දෙවියන්ගේ කමිටුව චිත‍්‍රපටියෙන් එළියට විත් අවට ලෝකය දෙස බලන්න යැයි ඉඟියක් දෙයි. ජීවිතය කොතරම් අනිත්‍ය ද යන්න නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයාට මතක් කර දෙමින් සෑම විටම අවිනිශ්චිත තාවයේ ස්වරයක් එය මුමුණයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ කමිටුවෙහි ස්වරය අවසානයේ බලාපොරොත්තු සුන් වීම නොව බලාපොරොත්තුවයි. මොන දේ සිදු වුවත් වෙනසක් ඇති කිරීමට සටන් කරනා මිනිසුන් සිටිනා බව දැන සිටීමෙන් නරඹන්නාට සැනසීමක් ඉතිරි වේ. නමුත් සටන් කිරීම යනු කුමක්දැයි යන්න ගැන එය අපට නව මානයක් දෙයි. මෙය සතුටුදායක චිත‍්‍රපටියක් නොවන නමුත් එය අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමක් හෝ වේදනාවක් ගෙන දෙන දෙයක් නොවේ. එය අප වසාගෙන ඔඩු දුවන නරුමවාදයේ මෘදු බව අපට පසක් කරයි.





Written by Nisanka Weheraduwa