The Meg : දෙවන දිගහැරුමේ රූපගත කිරීම් ඇරඹෙයි
හොලිවුඩ් ක්‍රියාදාම නළු Jason Stathamගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ THE MEG සිනමාපටය, 2018 වසරේ තිරගත වූ ජනප්‍රියම සිනමා නිර්මාණයක්. “මෙගලොඩොන්” යනුවෙන් හැඳින්වෙන ආදි කල්පිත මත්ස්‍යයෙකු හා එය ඝාතනය කිරීමට උත්සාහ දරන විද්‍යාඥයින් පිරිසක් වටා ගෙතෙන THE MEG සිනමාපටය, අධ්‍යක්ෂණය කළේ Jon Turteltaub නැමැති අධ්‍යක්ෂකවරයා විසිනුයි.
චිත්‍රපටය පුරාම Jason Stathamට හුරුපුරුදු ක්‍රියාදාම සටන් දැකගන්නට ලැබුණු නිසාත්, සාගරය ආශ්‍රිතව සහ underwater fight scenes හොඳින් නිර්මාණය කර තිබීම නිසාත් ලෝ පුරා රසිකයින් බොහෝ දෙනෙක් The Meg සිනමාපටය නරඹන්නට සිනමාහලට එක් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 120ක නිෂ්පාදන පිරිවැයකින් නිමැවුනු මෙය, ඇමරිකානු ඩොලර් මිලියන 530ක ආදායමක් උපයාගනිමින් වසරේ වැඩිම ආදායම්ලාභි චිත්‍රපට අතරට පවා එක්වුණා. සිනමාපටය අනවශ්‍ය dull ගතියකින් තොරව ගලා යෑම නිසා සාමාන්‍ය ප්‍රේක්ෂකගාරයේ ආකර්ෂණය The Meg වෙත ලැබුණත්, විචාරකයින් නම් දැක්වූයේ ඊට වඩා ඍණාත්මක ප්‍රතිචාරයක්.
පූර්ව ප්‍රචාරකපටවල සිටම රසිකයින්ට ඇති කළ උනන්දුව සහ ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වූ සාර්ථකත්වය, අවසාන චිත්‍රපටය හරහා නොලැබූ බව විචාරකයින්ගේ ප්‍රධානම චෝදනාව වූවා. Jason Stathamව අනවශ්‍ය වීරයෙකු බවට පත් කරන්නට දැරූ උත්සාහය හරහා මුළු සිනමාපටයේම වටිනාකම ඈත්ව ගිය බවකුත් බොහෝ දෙනෙක් පැවසුවා. නමුත්, විනෝදකාමී (entreating) මනසකින් චිත්‍රපටය නැරඹූ රසිකයින්ගෙන් එවැනි ඍණාත්මක මතයක් අසන්නට ලැබුණේ නැහැ.
විචාරක අවධානය negative පැත්තට බර වූවත්, සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය තමන්ගේ සිනමාපටයට කැමත්ත දක්වන බව තේරුම් ගත් නිෂ්පාදකයින් The Meg දෙවන දිගහැරුමකුත් නිෂ්පාදනය කරන බවට පසුව දැනුම් දුන්නා. හොලිවුඩ් – චීන සම නිෂ්පාදනයක් වශයෙන් නිර්මාණය වූ මෙහි executive producerවරියක වන Catherine Xujun Ying විසින් ඒ පිළිබඳ පළමු නිළ නිවේදනය නිකුත් කලේ 2018 ඔක්තෝබර් මාසයේදී යි. 2019 මාර්තු මාසය වනවිට චිත්‍රපටයේ තිරපිටපත පිළිබඳ සාකච්ඡා ඇරඹි බවත්, 2020 සැප්තැම්බර් වන විට තිරපිටතෙ හි කටයුතු සියල්ලම අවසන් බවත් රසිකයින්ට දැනගන්නට ලැබුනා.
හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට මුල් සිනමාපටයට ලැබුණු ඍණාත්මක ප්‍රතිචාර නිසා දෙවන කොටස පෙරටත් වඩා dark ගතියකින් යුතුව නිර්මාණය කරන්නට ඔවුන් සැලසුම් කර තිබෙනවා. දැනට වාර්තා වන විදිහට චිත්‍රපටය නිකුත් වන්නට නියමිතව තිබෙන්නේ The Meg 2: The Trench නැමැති title එක යටතේයි. The Meg මුල් චිත්‍රපටයට වගේම මේ දෙවන කොටස නිෂ්පාදනය වෙන්නේ ත් Steve Alten විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් මුල් කරගෙනයි. 1997 වසරේ ඇරඹි මේ නවකතා මාලාව ග්රන්ථ 08කින් සමන්විත වන අතර මුහුදු කිමිදුම්කරුවෙකු වන “Jonas Taylor” නැමැත්තාට මුහුණ දීමට සිදු වන underwater adventures මෙයට මුල් වී තිබෙනවා.
Meg: A Novel of Deep Terror
The Trench
Meg: Primal Waters
Meg: Hell’s Aquarium
Meg: Origins
Meg: Night Stalkers
Meg: Generations
Meg: Purgatory
පසුගිය මැයි මාසයේදී The Meg 02 වන සිනමාපටය ගැන අදහස් දක්වමින් රංගන ශිල්පී Jason Statham පැවසූයේ 2022 ජනවාරි මාසයේදී චිත්‍රපටයේ රූපගත කිරීම් අරඹන්නට බලාපොරොත්තු වන බවයි. පළමු නිර්මාණය අධ්‍යක්ෂණය කළේ ඇමරිකානු ජාතික සිනමාකරුවෙකු වූ Jon Turteltaub වුවත් දෙවන නිර්මාණයෙන් ඔහුව ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක Ben Wheatley විසින් දෙවන කොටස අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. Kill List, Free Fire, Sightseers වැනි සිනමාපට හරහා අවධානය දිනාගත් Ben Wheatley ප්‍රසිද්ධ රූපවාහිනී කතාමාලා කිහිපයකටද අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.
“Yeah, we’re gonna start shooting in January. Ben Wheatley is the director. I’m very excited to work with him. I’m thrilled to get going, you know. It’s been a while, we’ve been waiting around for the right script, and the right director to turn up, and we’ve got all those things. They’re all stacked up now. [Ben’s] great. We have a great shorthand already. We’ve got similar tastes, I like his movies, I think he’s a brilliant director. I think we’ve got a good shot of making something good.”
ප්‍රධාන චරිතයට පණ පොවන Jason Statham චිත්‍රපටය ගැන එලෙස අදහස් දක්වා තිබුනා.
දැන් ලැබෙන නවතම තොරතුරුවලට අනුව, පසුගිය පෙබරවාරි 04 වනදා එංගලන්තයේ leavesden හි පිහිටි Warner Bros. Studios පරිශ්‍රය තුළ Meg 02 සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙනවා. Harry Potter සහ Batman සිනමාපට බොහෝමයක රූපගත කිරීම් සිදු වූයේද මේ පරිශ්‍රය තුළ වීම විශේෂත්වයක්. Steve Altenගේ මුල් ග්‍රන්ථයේ කතාව 100%ක්ම ඇතුළත් නොවුණත්, ඊට බොහෝ සෙයින් සමාන වන අයුරින් මෙහි නිර්මාණය වන බවටයි ප්‍රධාන පෙළේ හොලිවුඩ් මාධ්‍ය බොහෝමයක් වාර්තා කරන්නේ. චිත්‍රපටයේ ඇතුළත් වන වෙරළබඩ දර්ශන කිහිපයක් තායිලන්තයේදී රූපගත කරන්නට සැලසුම් කර තිබුණත්, තායිලන්ත රජයෙන් ඊට අවසර දී නැහැ. රූපගත කිරීම් හේතුවෙන් තායිලන්තයේ අදාළ පරිසර කොටසට හානි සිදු වීමට ඉඩකඩ තිබෙන නිසා තායිලන්ත රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
විශේෂත්වය වන්නේ Meg හි මුහුදු කිමිදුම්කරුවෙකුගේ චරිතයක් රඟන Jason Statham සැබෑ ජීවිතයේදී පවා දක්ෂ කිමිදුම්කරුවෙකු වීමයි. බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් 1990 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙලේ පිහිණුම් ඉසව් සඳහා පවා ඔහු සහභාගී වුනා. The Meg පළමු චිත්‍රපටයේ දෙබස් හා තිර පිටපත රචනා කළ Dean Georgaris, Jon Hoeber සහ Erich Hoeber විසින් දෙවන නිර්මාණයේ පිටපත වෙනුවෙන් නැවතත් එක්වී තිබෙනවා.
ඇතැම්විට, එළඹෙන 2023 වසරේ නත්තලට සමගාමීව මෙය ලෝ පුරා තිරගත කිරීමට ඉඩකඩ පවතින බව අන්තර්ජාල තොරතුරු වලින් කියවෙනවා.
Written by Kavinu Weerakkody