සිංහල සිනමාවට නැවතත් ඇක්ෂන් චිත්‍රපටයක්

Avatar Cinema.lk A | September 26, 2014 103 Views 0 Likes 0 Ratings

103 Views 0 Ratings Rate it

අඟර දඟර නමින් සිනමාසිතුවමක් සාදා චිත්‍රපට ලෝකයට පිවිසි නලීන් රාජපක්ෂ සිය දෙවැනි සිනමාපටයේ රූ ගත කිරීම් මේ වන විට නිමවා තිබෙනවා.නලීන් මේ සිනමාපටය නම් කරලා තියෙන්නේ “රේන්බෝ“ ලෙසයි.මේ වන විට පසු නිෂ්පාදන කටයුතු සිදුකරන් යන මේ චිත්‍රපටයේ  රොෂාන් රණවන සමඟ සිනමාවට හඳුන්වා දෙන තනාෂා හතරසිංහ ප්‍රධාන චරිත රඟන්නීය.

ඔවුන් දෙපොළ ඇතුළුව රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, නදීකා ගුණසේකර, ඩිනක්ෂි ප්‍රියසාද්, රාජා ගනේෂන්, ශනුද්‍රි ප්‍රියසාද්, සුසිලා කෝට්ටගේ, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී. බී. ගංගොඩතැන්න, රනීෂ් ශ්‍යමගේ, සඳුන් බණ්ඩාර යන නළු නිළියන් ද රේන්බෝ රංගනයෙන් හැඩ කරයි.

මෙය මුන්ලයිට් ෆිල්ම්ස් හී නිෂ්පාදනයකි. බුද්ධික ගීකියනගේ සම නිෂ්පාදකවරයාය. සුනිල් ප්‍රේ්මරත්නගේ තිර රචනයක් මෙන්ම සහාය අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. රමෝද් මාලක නර්ථන අධ්‍යක්ෂවරයාය. බුද්ධක මංගල, කපිල සුගත්, විශ්ව කරුණාරත්න, නලීන් ධම්මික කැමරා අධ්‍යක්ෂවරුන් වේ. සුනෙත් නන්දලාල්ගේ කලා අධ්‍යක්ෂණයකි. තරංග රුක්මල්වල අංග රචනා ශිල්පියාය. උදය ශ්‍රී සමඟ කසුන් කල්හාර සංගීත අධ්‍යක්ෂවරුන්ය.

57586_462249660586725_3380328409073980798_o 10346538_472164399595251_3410400889689557466_n

rainbow (1) rainbow (2) rainbow (3) rainbow (4) rainbow (5) rainbow (6) rainbow (7) rainbow (8) rainbow (9) rainbow (10) rainbow (11) rainbow (12) rainbow (13) rainbow (14) rainbow (15) rainbow (16) rainbow (17) rainbow (18) rainbow (19)

 

 

Share

103 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.