Tiger Sharoff සමග Baaghi 2 තිරගතවෙයි

Avatar Nisanka Weheraduwa | April 3, 2018 20 Views 0 Likes 0 Ratings

20 Views 0 Ratings Rate it

බොලිවුඩ් සිනමාවේ විවිධ අත්හදා බැලීම් අලුත්ම නිර්මාණ බිහිවනවා. ඒ වගේම පැරණි ජනප්‍රිය චිත්‍රපට වල ඊළඟ පියවරක් ලෙස නව චිත්‍රපට නිපදවන්නත් සිනමාකරුවන් තුළ උනන්දුවක් තිබෙන බව බොලිවුඩ් සිනමා රසිකයින් දන්නා කරුණක්. මෑතකදී වඩාත් කතාබහට ලක්වුණු එවන් සිනමා නිර්මාණයක් දැන් තිරගතවීම් අරඹා තිබෙනවා. ඒ Baaghi 2 චිත්‍රපටයයි. 2016 වසරේ නිර්මාණය වුනු Baaghi චිත්‍රපටය සහ එම වසරේම නිපදවුණු තෙලිඟු චිත්‍රපටය වන Kshanam යන චිත්‍රපට වල දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Ahmed Khan විසින්. නිෂ්පාදකයා වන්නේ Sajid Nadiadwalaයි. මුලික තිර පිටපත Adivi Sesh විසින් සිදුකරද්දී අනුවර්තිත පිටපත රචනා කොට තිබෙන්නේ Sajid Nadaidwala විසින්මයි. Shanthana Krishnan මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වනවා. Tiger Sharoff සහ Disha Patani චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වනවා. හින්දි භාෂාවෙන් නිපදවුණු චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 144ක් වනවා.

Baaghi 2 චිත්‍රපටයට මුලික ශිල්පින් තෝරා ගැනීමේදී ඒ සඳහා යෝජනා වී තිබුනේ Jacqueline Fernandez සහ Kriti Sanon යන ශිල්පිනියන්ගේ නම් දෙකයි. නමුත් අවසානයේ Tiger Sharoff සමග තිර පරීක්ෂණයට පැමිණි Disha Patani චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චිඅරිතයට තෝරාගැනීමට නිෂ්පාදක කණ්ඩායම තීරණය කොට තිබෙනවා. “They share an amazing onscreen chemistry which was evident in their look test, Disha is just perfect for the role”  නිෂ්පාදක Nadaidwala පවසා තිබුනා. චිත්‍රපටයට තෝරා ගැනීමෙන් පසුව චිත්‍රපටය සඳහා විශාල කැපකිරීමක් Tiger විසින් සිදුකළ බව සඳහන්. ඔහු චීනයේ Hong Kong වෙත ගොස් Tinny Ching නම් ශිල්පියකු යටතේ Martial Arts හැදෑරූ බව සඳහන් වනවා.

2017 අගෝස්තු මාසයේ මෙම චිත්‍රපටයේ මුලික රුගත කිරීම් ආරම්භ වී තිබෙනවා. Mumbai සහ Pune නගරවල මෙහි මුලික රුගත කිරීම් සිදුකොට තිබෙනවා. Manali ප්‍රදේශයේ මෙහි හිම මත කෙරෙන දර්ශන රූගත කොට තිබෙනවා. ගෝවා සහ ලඩාක් නගරවලත් චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූගත කොට ඇති අතර චීනයේදී සටන් දර්ශන රූගත කොට තිබෙනවා. චිත්‍රපටයේ පළවැනි පුර්ව ප්‍රචාරක පටය පසුගිය පෙබරවාරි 21 වැනිදා නිකුත් වුනා. ඉන්දියාව පුරා සිනමා දර්ශන 3500කදිත්,  ලෝකය පුරා රටවල් 46 ක සිනමා දර්ශන 625කත් මෙම ප්‍රචාරක පටය ප්‍රදර්ශනය කොට තිබෙන බව සඳහන්. ඒ සමග සිනමා ලෝලීන් චිත්‍රපටය කෙරෙහි දැඩි උනන්දුවකින් පසුවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.

Share

20 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.