Tom Hanks සහ බිරිඳ Corona ආසාදිතයින් බව තහවුරුයි.

Avatar Nisanka Weheraduwa | March 12, 2020 150 Views 0 Likes 0 Ratings

150 Views 0 Ratings Rate it

සම්මානනීය ඇමරිකානු නළුවකු සහ නිෂ්පාදකවරයකු වන Tom Hanks සහ ඔහුගේ බිරිඳ Rita Wilson corona-virus ආසාදිතයින් බව තහවුරු කොට තිබෙනවා. තමාට සහ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඔහු සිය Instagram පිටුවේ සටහනක් පල කරමින් පවසා සිටිනවා. ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල්ගතව සිටින බව පැවසෙනවා.

Baz Luhrmann අධ්‍යක්ෂණය කරන Elvisගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන අලුත්ම චිත්‍රපටයක Queenslandහි පැවැත්වෙන රූගත කිරීම් සඳහා ඔහු සම්බන්ධ වෙමින් සිටියා.

ඔහුගේ පුත් Chek Hanks සමාජ ජාලා මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් මේ පුවත තහවුරු කොට තිබෙනවා. තමන් සිය දෙමව්පියන් සමග කතා කළ බවත්, ඔවුන් කොරෝනා අසාදිතයින් බව තහවුරු කොටගෙන ඇති බවත් ඔහු පවසනවා. ඔවුන් මේ වනවිට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ගනිමින් සිටින බවත් තත්වය ඉතා ඉක්මනින් යහපත් වෙතැයි තමා විශ්වාස කරන බව ඔහු පවසා තිබෙනවා. මේ මොහොතේ තම දෙමව්පියන් වෙනුවෙන් දෙවියන් යදින, ඔවුන් ගැන සොයා බලන සියලු දෙනාට තමා කෘතඥ වන බවත් චෙක් හාන්ක්ස් පවසනවා.

Tom Hanks ගේ Instagram පණිවිඩය

Share

150 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.