Triple Talaq නීතියට එරෙහිව දැවැන්ත හඬක්

Avatar Nisanka Weheraduwa | June 28, 2018 27 Views 0 Likes 0 Ratings

27 Views 0 Ratings Rate it

Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක වුනා. සමාජයමය වශයෙන් දැවැන්ත සිවිල් බලයක් සහිත පුරුෂෝත්තමවාදී සමාජයක් වුනු ඉන්දියාවේ මේ නිතිය පවත්වාගෙන යාම පුරුෂයන්ට වාසිදායක වන්නක් වුනා. කෙසේ නමුත් සමාජමය වශයෙන් මීට එදිරි කතිකාවන් ආරම්භ වීමත් සමගම, මේ පිලිබඳ යළි සලකා බැලීමට අධිකරණයට සිදු වුනා. ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නීතිය පිලිබඳ විවාදයක් පැවැත්වුනා. 2017 වසරේ අගෝස්තු 22 වැනිදා එම නීතිය බල රහිත කරන්නට තීරණය වන්නේ 3/5 ක බලයක් හිමිවීමත් සමගයි. ඒ අනුව “තලාක්” නිතිය ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි යල්පිනු නීතියක් ලෙස නම් කෙරෙනවා. ඉන්දියාව තුළ “Talaq” නීතියේ තත්වය සැකෙවින් එසේයි.

දැන් Talaq යනු කුමක්දැයි ඔබට යම් ප්‍රශ්නයක් පැනනගිනවා විය හැකියි. ඉන්දීය මුස්ලිම් වරුන්ට තමා කැමති ඕනෑම අවස්ථාවක බිරිඳ දික්කසාද කිරීමේ බලයක් එම සම්ප්‍රදායික නිතිය සතුව තිබුනා. Talaq යන අරාබි වචනයේ අර්ථය “දික්කසාදය” යන්න බව පැවසෙනවා. නමුත් මෙහි ඛේදාන්තය වන්නේ පිරිමියාට අවශ්‍ය ඕනෑම විටක තෙවරක් Talaq ලෙස ප්‍රසිද්දියේ පවසා බිරිඳගෙන් දික්කසාදය ලබාගත හැකි වීමයි. පසුකාලීනව මෙය ලිඛිතව ලිවීමෙන් මෙන්ම ඩිජිටල් ක්‍රමවේදයක් මගින් (email, whatsapp, massenger) පවා සිදුකිරීමට හැකිවන අයුරින් බලාත්මක කොට තිබුනා. නමුත් ඉන්දීය මුස්ලිම් කාන්තාවන් මේ කුරිරු නීතියට විරුද්ධව දිගින් දිගටම සටන් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම නිතිය බලරහිත කොට ව්‍යවස්ථාවට පටහැනි ලෙස නම්කර ගැනීමට ඔවුන් සමත් වුනා. එය ඉබේ සිදුවූවක් හෝ පුරුෂ සමාජය සාධාරණත්වය වෙනුවෙන් ලබාගත් ප්‍රගතශීලි පියවරක් නොවන බව පැවසෙන අපූරු ඉන්දීය චිත්‍රපටයක් ළඟදීම තිරගත වීමට නියමිතයි. චිත්‍රපටයේ නම Phir Ussi Mod Par.

Lekh Tandon චිත්‍රපටයට තිර රචනය කොට එය අධ්‍යක්ෂණය කළා. මේ සිනමාවෙදියා  මියයාමට පෙර නිර්මාණය කළ අවසන් චිත්‍රපටයද වනවා. ඔහු 2017 ඔක්තෝබර් 15 වැනිදා ජිවිතයෙන් සමුගත්තේ හෘදයාභාධයක් හේතුවෙන්. Kanika Bajpai, Ruby Beghum, Nadira Babbar, Kanwalijieet Sing, Prameet Sethi, Rajiv Verma, Govind Numder ඇතුළු ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Jahangir Choudhury මෙහි කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක් වනවා.

 

Share

27 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.