“WAR” හිතපු තරම් “මාර” නැහැ – විචාරකයින් පවසයි
රිතික් රොෂාන් සහ ටිගර් ශරෝෆ් රංගනයෙන් දායක වන WAR චිත්‍රපටය ගැන බොලිවුඩ් සිනමා රසිකයින් තුල තිබුනේ ලොකු උනන්දුවක්. මේ චිත්‍රපටය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක මට්ටමට ලඟාවී ඇති කියලයි බොහෝ රසිකයින් බලාපොරොත්තු වුනේ. ඔක්තෝබර් දෙවැනිදා චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ආරම්භ වුනා. ඒ සමගා විවිධ විචාරකයන් චිත්‍රපටය පිලිබඳ සිය මතවාදය මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.
Aditya Chopra සහ Siddharth Anandගේ කතාව ගැන බොහෝ විචාරකයින් යහපත් ප්‍රතිචාර දක්වා තිබුනත් යම් යම් තැන් පිලිබඳ ගැටළු මතුකොට තිබුනා. Shridhar Raghavan සහ Siddharth Anandගේ තිර රචනය කතාව මනාව තිරයට ගෙන ඒමට ගත උත්සාහයක් බවත් බොහෝ අංශ වලින් හොඳ මට්ටමක තිබෙන බවත් විචාරක අදහස් අතර තිබුනා. Siddharth Anand මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි. ඔහුගේ අධ්‍යක්ෂණය මේ ශානරයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහුට ඇති හැකියාව ගැන හොඳ සාක්ෂියක් ලබාදෙන බවත්, ඒක සාමාන්‍ය අධ්‍යක්ෂණයක් වුනත් සිත් ඇදගන්නක් වූ බවත් විචාරක මතය වී තිබුනා. නමුත් සමහර ක්‍රියාදාම සටන් දර්ශන අනවශ්‍ය ලෙස ඇදෙන බවක් තිබුණු අතර, ඒවා තවත් කෙටි වූවා නම්, වඩා ආකර්ෂණිය වීමට ඉඩ තිබූ බවත් කියවෙනවා. අවසානයේ රිතික් සහ ටිගර් එකිනෙකාට එරෙහිව සටනට එළඹීම බොහෝදුරට ප්‍රේක්ෂකයින් අනුමැත නොකරන බවක් පෙනෙන්නට තිබුනේ යැයිද මේ මාධ්‍ය වාර්තාවලින් පැවසුනා.
රිතික් රෝෂාන් චිත්‍රපටය පුරාම සිය රංගන කුසලතාව පෙන්වන බවත් සටන් ජවනිකා වගේම සංවේදී අවස්ටාවන් වලදීත් එක ලෙසම සාර්ථකව රංගනයේ යෙදෙන බවත් බොහෝ විචාර වලින් කියවුනා. ටිගර් ෂරෝෆ් මින් පෙර කළ රංගනයන්ට වඩා සාර්ථක ලෙස ක්‍රියාදාම, සංවේදී රංගනය සහ ගත වල පවා රංගනයේ යෙදුනු බවත් මේ අදහස් අතර ලියැවී තිබුනා. චිත්‍රපටයේ සෙසු චරිත රංගනයන් ගැනත් සමස්තයක් ලෙස ධනාත්මක විචාර ප්‍රතිචාර ලැබී තිබුනා.
නමුත් චිත්‍රපටයේ අවසානය ගැන එතරම් ප්‍රසාදයක් ප්‍රේක්ෂකයන් තුළ පවා නොදුටු බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා වලින් පැවසුනා. විචාරකයින් පවා මේ පිලිබඳ දක්වා තිබුනේ ගැටළුකාරී අදහස්. චිත්‍රපටයේ අග භාගයේ බොහෝ දර්ශන අනවශ්‍ය ලෙස ඇදීගිය බවත් ඒවා තවත් කෙටි විය යුතුව තිබු බවත්, ප්‍රේක්ෂක විශ්වාසය බිඳී ගොස් කම්මැලි ස්වභාවක් පවා ඇතිවන තරමේ අනවශ්‍ය ලෙස දීර්ඝ දර්ශන චිත්‍රපටයට එක්කොට තිබු බවත් විචාරකයින්ගේ ලිපි වල ලියැවී තිබුනා. අවසන් සටන පවා තවත් කෙටි විය යුතුව තිබුණු බවයි බොහෝ දෙනා පවසා තිබුනේ.
Anaita Shroff Adajania සහ Niharika Jolly විසින් නිමැවූ ඇඳුම් ශිල්පීන්ගේ පෙනුම “sexier & Superior” තත්වයට පත් කොට ඇති බවත් පැවසෙනවා. අධ්‍යක්ෂවරයා තමන්ගේ කටයුත්ත සුමටව සහ දක්ෂ ලෙස ඉටුකොට ඇති බවත් විචාරක අදහස් වලින් පැවසෙනවා. කෙසේ නමුත් මේ සියල්ල නිවැරදිවම විඳින්න නම් ඔබ මේ අපූරු සිනමා අත්දැකීම සජීවීව පුළුල් තිරයේ විඳීම අත්‍යවශ්‍ය වනවා.
Written by Nisanka Weheraduwa