ප්‍රසන්නගේ චිත්‍රපටයට සම්මාන පිට සම්මාන

Avatar Cinema.lk A | December 3, 2012 33 Views 0 Likes 0 Ratings

33 Views 0 Ratings Rate it

ප්‍රසන්න විතානගේ යනු ලාංකේය සිනමාවට ඉතා උසස් නිර්මාණ ගොන්නක් දයාද කළ ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂකවරයෙක්.ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබුවාය.

පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි.ඉන්දීය නවක නිළියක් වන ඇය චිත්‍රපටයේ වු දමිළ දෙබස් මෙන්ම සිංහල දෙබස් ද ඇය විසින්ම මනාවට හසුරුවා තිබෙනවා.ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ සිව්වැනි වතාව මෙයයි.මෙම ජයග්‍රහණය ලැබීමත් සමගම ඉන්දියානු වෙළද පොළ තුළ ලාංකේය සිනමා නිර්මාණ වලට හොද පිළිගැනීමක් ඇති විය හැකි බවටයි ප්‍රසන්නගේ විශ්වාසය.

මීට පෙරාතුව මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රඟපෑ අනෝජා වීරසිංහ සහ ආකාශ කුසුම්හි ප්‍රධාන චරිතය රඟපෑ මාලනී ෆොන්සේකාත් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ රජත මයුර සම්මානයෙන් පුද ලැබූහ

Share

33 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.