Wong Kar-Wai නරඹමු, Visual Storytelling ගැන කතාකරමු

Avatar Nisanka Weheraduwa | May 24, 2019 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

චිත්‍රපට රසවිඳීම වගේම ඒ ගැන විවෘත සංවාද ඇතිකිරීමත් ප්‍රේක්ෂකයන්ට වැදගත් කාරණයක්. පෙක්ෂකායට වගේම සිනමාකරුවාටත් මේ ක්‍රියාවලිය එලෙසින්ම වැදගත්. ඒ විදිහේ වැඩකටයුතු කිහිපයක්ම කොළඹ කේන්ද්‍රියව නිරන්තරයෙන් සංවිධානය කෙරෙනවා. මේ විදිහේ තවත් එක වැඩසටහනක් ගැන තොරතුරු.

චිත්‍රපටය : In the mood of love

දිනය : මැයි  25 වැනි සෙනසුරාදා

වෙලාව : සවස 3.00 සිට

ස්ථානය : ජාතික චිත්‍රපට සංස්ථාව

මේ වැඩසටහන සංවිධානය කරන්නේ ලංකා සිනමා සංගමය. Wong Kar-Wai ගේ ප්‍රසිද්ද සිනමාපටයක් වුනු In the mood of love චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මුලින්ම සිදු වනවා. ඊට පස්සේ ඒ චිත්‍රපටය ගැන සංවාදයක් ඇතිකරන්න කටයුතු සුදානම් කොට තිබෙනවා. Visual Storytelling  කියන මාතෘකාව එක්ක තමයි මුලිකවම මේ සංවාදය පැවැත්වෙන්නේ. ලක්මාල් ධර්මරත්න, සමීර තිලකවර්ධන සංවාදයට සහභාගී වනවා. මේ වෙනස් අත්දැකීම විඳගන්න එකතුවෙන්න සිනමාවට කැමති ඔබ සැමට ආරාධනාවක් තිබෙනවා. ඇතුල්වීම නොමිලේ. නමුත් ආසන සීමිතයි.

60742076_667060720402411_6849670640308322304_n

Share

78 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.