Zeen Cine Awards ඉන්දීය සිනමා තරු පිරිවරා මෙවරත්…

Avatar Kavinu Weerakkody | April 6, 2023 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

ඉන්දියාවේ සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ජාලයක් වන ZEE TV මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන Zeen Cine Awards සිනමා සම්මාන උත්සවයේ 2023 දිගහැරුම පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුනා. උතුරු ඉන්දියාව මූලික කරගෙන ලෝ පුරා ව්‍යාප්ත වුනු, ලෝකයේ දෙවන විශාලතම සිනමා කර්මාන්තය ලෙසට හැඳින්වෙන හින්දි සිනමා කර්මාන්තයේ විශිෂ්ට නිර්මාණ ඇගයීම සඳහායි මෙම සිනමා උළෙල සංවිධානය වන්නේ…

සෑම වසරකම පැවැත්වෙන මෙම උළෙල තුළ ප්‍රධාන ක්‍රම ද්විත්වයකට සම්මාන ප්‍රදානය සිදුවනවා. එයින් එක් සම්මාන කොටසක් සිනමා රසිකයින්ගේ මනාප ක්‍රමය මත වැඩිම ජනප්‍රියත්වය හිමි කරගෙන තිබෙන නිර්මාණවලට පිරිනැමෙන අතර අනෙක් සම්මාන කොටස ප්‍රදානය කරන්නේ පිළිගත් ජූරි මණ්ඩලයක තීරණය අනුවයි.

ප්‍රේක්ෂක මනාපය මත මෙවර හොඳම නලුවාට හිමි සම්මානය ජයග්‍රහණය කළේ Kartik Aaryan විසිනුයි. කාර්තික් ආර්යන් සමඟින් අජෙයි දෙව්ගන්, රිතික් රෝෂන්, වරුන් ධවාන්, රන්බීර් කපූර් වැනි හින්දි සිනමාවේ ජනප්‍රියතම නලු නිළියන් රැසක් මෙම සම්මානය වෙනුවෙන් තරඟ වැදුනා. කාර්තික් හොඳම නලුවාට හිමි සම්මානය දිනා ගත්තේ Bhool Bhulaiyaa 2 හි ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනුයි.

Darlings චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Alia Bhatt හට හොඳම නිළියට හිමි රසිකයින්ගේ සම්මානය ලැබුනා. රසිකයින්ගේ කැමැත්ත අනුව වසරේ හොඳම චිත්‍රපටය බවට පත් වූයේ The Kashmir Files චිත්‍රපටයයි.

Best Actor

Kartik Aaryan -Bhool Bhulaiyaa 2
Ajay Devgn – Drishyam 2
Anupam Kher – The Kashmir Files
Hrithik Roshan – Vikram Vedha
Ranbir Kapoor – Brahmastra Part One: Shiva
Varun Dhawan – Bhediya

Best Actress

Alia Bhatt – Darlings
Alia Bhatt – Gangubai Kathiawadi
Bhumi Pednekar – Badhaai Do
Deepika Padukone – Gehraiyaan
Kiara Advani – Bhool Bhulaiyaa 2
Kriti Sanon – Bhediya

Best Film

The Kashmir Files
Bhool Bhulaiyaa 2
Brahmastra Part One: Shiva
Drishyam 2
Gangubai Kathiawadi
Jug Jugg Jeeyo

ඉන්දීය සිනමාව ලෝක ප්‍රේක්ෂකාගාරයට විවෘත කිරීම උදෙසාත්, මේ වනතෙක් ඉන්දියානු චිත්‍රපටයකට ලැබුනු දැවැන්තම ගෝලීය අවධානය දිනා ගැනීමට සමත් වීම නිසාත්, මෙවර Zee Cine Awards හි විශේෂ ඇගයුම් සම්මානයක් දිනා ගැනීමට RRR සිනමාපටයටත් හැකියාව ලැබුනා.

රසික මනාපය මත තීරණය වූ සම්මාන කොටස හැරුණු කොට, පිළිගත් සිනමාවේදීන් මණ්ඩලයකින් සැදුම් ලත් ජූරියක් ඉදිරියේ ජයගත් සිනමාපට ගණනාවක්ම මෙවර උත්සවයේදී සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම නිළිය, හොඳ නලුවා, හොඳම අධ්‍යක්ෂණය ආදී ජයග්‍රහණ රැසක් එහිදී පිරිනැමුනු අතර පහතින් දැක්වෙන්නේ එම Jury’s Choice Awards හි සම්පූර්ණ ලැයිස්තුවයි.

Best Actor
Anupam Kher – The Kashmir Files

Best Actress
Alia Bhatt – Gangubai Kathiawadi

Best Comic Actor
Manish Paul – Jug Jugg Jeeyo

Best Debut Actor
Babil Khan – Qala

Best Debut Actress
Rashmika Mandanna – Goodbye

Best Debut Director
Jasmeet K Reen – Darlings

Best Director
Ayan Mukerji – Brahmastra Part One: Shiva

Best Film
Brahmastra Part One: Shiva

Best Lyrics
Brahmastra Part One: Shiva – Amitabh Bhattacharya
For the song “Kesariya”

Best Music
Brahmastra Part One: Shiva – Pritam Chakraborty

Best Performance by an Actor Negative Role
Bobby Deol – Love Hostel

Best Playback Singer (Female)
Jug Jugg Jeeyo – Kavita Seth
For the song “Rangi Saari”

Best Playback Singer (Male)
Brahmastra Part One: Shiva – Arijit Singh
For the song “Kesariya”

Best Supporting Actor
Anil Kapoor – Jug Jugg Jeeyo

Best Supporting Actress
Sheeba Chaddha – Doctor G

Marauti Suzuki Breeza Hot and Techy Performer of the Year (Female)
Kiara Advani

Amazon Performer of the Year (Male)
Varun Dhawan

Zee Music Company – Most streamed Album of the year
Bhediya Sachin Jiagar

Best Zee5 Original Movie
Bob Biswas
Sujoy Ghosh, Gaurav Verma

සටන් අධ්‍යක්ෂණය, නර්තන නිර්මාණකරණය, සංස්කරණය, තිර පිටපත ආදී සිනමා තාක්ෂණයට අදාළ අංශ සදහා මෙවර සම්මාන පිරිනැමුනේ Technical Awards නැමැති වර්ගීකරණය යටතේයි. එහිදී පසුගිය වසරේ නිකුත් වූ හින්දි චිත්‍රපටවල ගුණාත්මකබාවය උදෙසා ජයග්‍රහණ රැසක් යෝජනා වී තිබූ අතර එයින් විශිෂ්ටතම තාක්ෂණික ශිල්පීන් උදෙසා සම්මාන ප්‍රදානය කළා.
සමස්තයක් වශයෙන් එහිදී වැඩියෙන්ම ජය ලැබුවේ Brahmastra Part One: Shiva සහ Gangubai Kathiawadi යන හින්දි චිත්‍රපට ද්විත්වයයි.

Technical Award

Best Action – Attack (Franz Spilhaus, Lakshya Raj Anand)
Best Background Score – Bhediya (Sachin Sanghvi, Jigar Saraiya)
Best Choreography – Bhool Bhulaiyaa 2 (Bosco Martis, Caesar Gonsalves)
Best Cinematography – Laal Singh Chaddha (Satyajit Pande)
Best Costume Design – Gangubai Kathiawadi (Sheetal Sharma)
Best Dialogue – Gangubai Kathiawadi (Prakash Kapadia, Utkarshini Vashishtha)
Best Editing – Bhediya (Sanyukta Kaza)
Best Production Design – Gangubai Kathiawadi (Subrata Chakraborty, Amit Ray)
Best Screenplay – The Kashmir Files (Vivek Agnihotri)
Best Sound Design – Bhediya (Kunal Sharma) & Drishyam 2 (Baylon Fonseca)
Best Story – Brahmastra Part One: Shiva (Ayan Mukerji)
Best Visual Effects – Brahmastra Part One: Shiva

Share

77 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.