“ආශාවරී” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි
ඉදිරියේදී නිකුත් වීමට නියමිත නවතම සිංහල සිනමාපටය, “ආශාවරී (Ashawari) ” හි පූර්ව ප්‍රචාරක පටය සහ සංඛ දිනෙත් ගායනා කරන පළමු ගීතය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
හේමාල් රණසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය හමුදා නිලධාරියෙකු වටා ගෙතෙන ආකර්ෂණීය සහ ප්‍රේමණීය කතා පුවතක් බව පැවසෙනවා. ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ හඳුන්වාදෙන නිළි ඉශන්කා ජාන්වී විසිනුයි. ඊට අමතරව ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, දිනිති වල්ගමගේ, සේමිණි ඉද්දමල්ගොඩ, ප්‍රියංකර රත්නායක, ජයනි සේනානායක සහ ධනුෂ්ක ඩයස් ඇතුළු ජනප්‍රිය නලු නිළි පිරිසක් ම ආශාවරී චිත්‍රපටය තුළින් දැකගත හැකියි.
ආශාවරී චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තේජා ඉද්දමල්ගොඩ විසිනුයි. දිගු කලක් තිස්සේ මෙරට වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුතු තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන පළමු සිනමාපටය වන්නේ ද මෙයයි. සද්ධාමංගල සූරියබණ්ඩාර විසින් චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන අතර රුවන් කොස්තා විසින් කැමරා අධ්‍යක්ෂණය හසුරුවා තිබෙනවා. සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන් සහ ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණකරණයෙන් සම්බන්ධ වී සිටිනවා.
සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ වන ආශාවරී චිත්‍රපටයට නිරෝෂා විරාජිනී, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් සහ උපේකා නිර්මාණි ගායනා කරන ගීත කිහිපයක්ම ඇතුළත්! ගී පද රචනයෙන් එක් වන්නේ කැලුම් ශ්‍රීමාල් සමඟින් නන්දන වික්‍රමගේ යි. මෙහි රූපගත කිරීම් සිදු කර තිබෙන්නේ ඔහිය, බදුල්ල, ඌව ආශ්‍රිත සුන්දර දර්ශනතල ගණනාවක් ආශ්‍රිතවයි.
ජනවාරි 21වනදා සිට දිවයින පුරා සිනමාශාලාවලදී ආශාවරී තිරගත කිරීමට නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙනවා. මෙරට ප්‍රදර්ශනයට සමගාමීව විදේශීය රටවල් කිහිපයකටම චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව 2022 වසරේදී විදේශ රටවල තිරගත වන පළමු ලාංකික චිත්‍රපටය බවට පත්වෙන්නේත් තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ආශාවරී යි. 2017දී නිකුත් වූ දේදුනු ආකාසේ (Dedunu Akase) චිත්‍රපටයෙන් වසර 04කට පමණ පසු හේමාල් රණසිංහ නැවතත් සුපුරුදු ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පොවන පළමු චිත්‍රපටය මෙය වීම නිසාම, රසිකයින් මෙය නිකුත් වන තෙක් බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්…
ආශාවරී, Media Vision Films ඉදිරිපත් කිරීමක්.
මෙහි දැක්වෙන්නේ චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් පිරිස සහ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් පිරිසයි.
Movie: Ashawari
Cast: Hemal Ranasinghe, Bimal Jayakodi, Dr. Jayalath Manorathna, Saranga Disasekara, Jayani Senanayake, Semini Iddamalgoda, Ruvi Lakmali, Dinithi Walgamage, Ishanka Jahanvi, Priyankara Rathnayake, Rohan Ranathunga, Danushka Dias, Daya Wayaman, Lasantha Udukumbura
Director of Photography: Ruwan Costa
Screenplay: Saddamangala Sooriyabandara
Co-Producer: Dr. Sanjeewani Rupasinghe & Attorney at law Priyantha Amunugama
Director of Marketing: Sangeeth Iddamalgoda
Hair & Makeup: Indika Udara
Costume Designer: Lasantha Udukumbura
Art Director: Sunil Premarathne
Film Song Melodies & Music: Theja Iddamalgoda
Payback Music & Music Arrangements: Suresh Maliyadde
Lyrics: Nandana Wickramage, Kelum Srimal & Theja Iddamalgoda
Payback Singers: Nirosha Virajini, Surendra Perera, Sanka Dineth & Upeka Nirmani
Editor & Colourist: Yashoda Dhanupama
Sound Designer: A. P. Kaluarachchi
Visual Effects: Miran Perera & Praneeth Nawarathne
Unit Production Manager: Sugath Kulathunga
Production Managers: Savini Premaratne, Achini Madawala, Gihan Korala
Assistant Directors: Indunil Deraniyagala & Suganda Perera
Story, Dialogue, Director & Producer: Theja Iddamalgoda
පහත සබැඳියෙන් නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා.
Written by Kavinu Weerakkody