ඔබ මගබලා සිටි KALANK අප්‍රේල් 17 වැනිදා සිට

Avatar Nisanka Weheraduwa | April 14, 2019 275 Views 0 Likes 0 Ratings

275 Views 0 Ratings Rate it

මධුරි ඩික්සිත් කියන්නේ ලොවපුරා ඉන්න බොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙක් වඩා ප්‍රිය කරන නිළියක්. දශක ගණනාවක් ගතවුනත් ඇගේ ජනප්‍රියත්වය අඩුවක් වුනෙත් නැහැ. තවමත් මධුරිගේ රංගනයන් දකින්න බොහෝ රසිකයින් කැමැත්තක් දක්වනවා. මධුරි ඩික්සිත් රඟපාන අලුත්ම චිත්‍රපටයක් ගැන තොරතුරු හෙළිවීමත් එක්කම ඇගේ රසිකයින් බොහොමයක් ඒ ගැන තොරතුරු දැනගන්න වගේම චිත්‍රපටය නරඹන්නත් නොඉවසිල්ලෙන් පසු වුනා.

චිත්‍රපටයේ නම KALANK. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Varman විසින්. karan Johar සහ Sajid Nadaiwala චිත්‍රපටය නිෂ්පාදනය කළා. Madhuri Dixit මෙහි Bahaar Begum ලෙස රංගනයෙන් දායක වනවා. Balraj Chaudhry ලෙස Sanjay Dutt චිත්‍රපටය රංගනයෙන් දායකවී තිබෙනවා. Sonakshi Sinha, Alia Bhatt, Varun Dhawan, Aditya Roy Kapur මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දක්වනවා. 1945 ඉන්දීය නිදහස් ලැබීමට පෙර කාලය මේ චිත්‍රපටයට විෂය වී තිබෙනවා.

චිත්‍රපටයේ වැඩකටයුතු මුම්බායි නගරයේදී ආරම්භ වුනේ 2018 අප්‍රේල් මාසයේදි. binod Pradhan චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුනා. මෙහි ගීත ජවනිකාවට නර්තන කණ්ඩායම් සඳහා පමණක් 500කට අධික පිරිසක් යොදාගත් බවත් පැවසෙනවා. මෙහි ගීත නිර්මාණ Pritam ගෙන්. ධාවන කාලය මිනිත්තු 166ක් වන Kalank චිත්‍රපටය අප්‍රේල් 17 වැනිදා සිට ලොවපුරා තිරගත වනවා.

Share

275 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.