කොරෝනාවට පසු හොලිවුඩය Unhinged සමගින්

Avatar Nisanka Weheraduwa | May 19, 2020 258 Views 0 Likes 0 Ratings

258 Views 0 Ratings Rate it

කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් යද්දී ඒ හේතුවෙන් තර්ජනයට ලක්වුණු ක්ෂේත්‍ර වලින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපය අතරට විනොදාස්වාදන කර්මාන්ත ක්ෂේත්‍රයත් එකතු වුනා. විශේෂයෙන් සිනමාව, නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍ය මේ යටතේ ලොකු පසුබෑමකට ලක්වුනා. සිනමා ශාලා වසා දැමීමට තීරණය කිරීම, නාට්‍ය ශාලා වසා දැමීම, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය නවතා දැමීම ආදිය නිසා කර්මාන්තය වගේම එහි නියැලුණු පිරිසත් කිසියම් තර්ජනයකට මුහුණ දුන්නා. නමුත් ලෝකය මේ තර්ජනයට මුහුණ දීමට ක්‍රමයෙන් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොලිවුඩ් සිනමාවේ කටයුතු එළඹෙන ජූලි මාසය වනවිට ආරම්භ කරනු ඇති බවට දැන් තොරතුරු වාර්තා වනවා. ඔවුන් මේ වනවිට ඒ වෙනුවෙන් අදාළ පූර්ව සැළසුම් කටයුතු සිදු කරමින් පවතින බවයි සඳහන් වන්නේ. ජූලි මාසයේ සිනමාහල් විවෘත කෙරෙනු ඇති බවට ඉඟි පලවෙන අතරම ඒ නව ආරම්භය වෙනුවෙන් තිරගත කිරීමට සැළසුම් කොට තිබෙන චිත්‍රපට පිළිබඳවත් බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා.

ඇකඩමි සම්මාන දිනාගත් Russell Crowe ප්‍රධාන චරිතය රඟපාන UNHINGED චිත්‍රපටය නව ආරම්භය සමගින් මෙලෙස තිරගත කෙරෙනු ඇති. ජූලි මස 01 වානිදා මෙම චිත්‍රපටය තිරගත කිරීමට කලින් සැළසුම් කොට තිබුන අතර ඒ බව නිෂ්පාදන සමාගම විසින් නිවේදනය කොට තිබුනා. නමුත් ජූලි මස 04 වැනිදා අයත්වන සති අන්තයෙන් මෙම චිත්‍රපටය තිරගත වීම් ඇරඹෙනු ඇතැයි ඔවුන් පවසා තිබෙනවා. චිත්‍රපටයේ නිකුත් කරන Solstice Studios සමාගමේ ප්‍රධානීන් මේ පිළිබඳව හොලිවුඩ් මාධ්‍ය වෙත අදහස් පළකොට තිබුනා. “චිත්‍රපටය තිරගත කරන්න අපට කාල වකවානු දෙකක් ලැබී තිබුනා. 2020 ජූලි මාසය හෝ නත්තල ඒ සඳහා ලැබී තිබුනත් අප ජූලි 01 වැනිදා තිරගත කිරීමට තීරණය කොට තිබුනා, කොරෝනා වසංගත තත්වය නිසා සිනමා ශාලා වසා දැමීමත් එක්කම සිනමා කර්මාන්තයම යම් පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ කොහොම උනත් ජූලි මාසේ 04 වැනිදා යෙදෙන සති අන්තයේ චිත්‍රපටය තිරගත කිරීමට අපි දැනට සැලසුම් කරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් වසාදැමූ සිනමාහල් පළමු වරට Unhinged සමගින් විවෘත වේවි” එම සමාගම පවසා තිබෙනවා.

සමාගමේ සමීක්ෂණ කණ්ඩායම් හොලිවුඩ් සිනමා රසිකයින් යොදාගෙන Private Poll (පෞද්ගලික මත විමසුමක්) සිදුකොට තිබෙනවා. ඔවුන් පවසන පරිදි නැවත සිනමාහල් වෙත ගොස් චිත්‍රපට නැරඹීම පිලිබඳ ඔවුන් ප්‍රේක්ෂකයින්ගේ මත විමසුමක් කොට ඇති අතර ඔවුන්ගේ අපේක්ෂිත ප්‍රථිපලය වී තිබුනේ 40%ක අගයකුයි. නමුත් පුදුම සහගත ලෙස එම අගය 80%ක් වී තිබුනා. “අපිට විශ්වාසයි ප්‍රමාණවත් තරම් සිනමාහල් ප්‍රමාණයක් රටපුරා විවෘත කෙරෙනු ඇති බව, ඒ වගේම මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් පැමිණෙනු ඇති බවත් අපි අපේක්ෂා කරනවා” යමුවෙන් Solstice Studios සමාගමේ ප්‍රධානීන් පවසා තිබුනා.

Mystery & Suspense ශානරයට ඇතුළත් කොට ඇති අපූරු psychological thriller චිත්‍රපටයක් වන Unhinged, අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Derrick Borte විසින්. Carl Ellsworth තිර රචනය සිදුකළ මේ චිත්‍රපටයේ Rusell Crowe, Caren Pistorius, Gabriel Batman සහ Jimmi Simpson ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.

Share

258 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.