“කොළඹ” – නගරයක් නෙවෙයි ජීවිතයක් – දැන් රට පුරාම.
2021 අවුරුද්දේ ලාංකේය සිනමාවට අලුතින් එකතු වන තවත් අපූරු සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “කොළඹ”. නිර්මාණකරුවන් මේ චිත්‍රපටයේ තේමා පාඨය විදිහට යොදල තියෙන්නේ “නගරයක් නෙවෙයි ජීවිතයක්” කියලයි. කොළඹ ජීවත් වන බොහෝ දෙනෙකුට මේ කියමන සාධනීය එකක් බවට සාක්ෂි සපයන්න හැකියාව තියේවි. තම තමන්ගේ අත්දැකීම් වලින්. ඒ කොහොම උනත් කොළඹ ඉන්න, කොළඹින් පිට ඉන්න මේ හැමෝටම කොළඹ නගරය ගැන නොදුටු නොඇසූ බොහෝදේ සමගින් සිනමා තිරයෙන් “කොළඹ” නරඹන්න දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා.
අසම රන්දිල් ලියනගේ අධ්‍යෂණය කළ ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන මේ චිත්‍රපටය අනුෂ සංජීව එදිරිමුණි විසින් නිෂ්පාදනය කොට තිබෙනවා. ජනප්‍රිය සිනමා තරුවක් වන හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන මේ සිනමාපටයේ ධර්මප්‍රිය ඩයස්, රුක්මල් නිරෝෂ්, කුමාර තිරිමාදුර ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
අජිත් කුමාරසිරි සංගීත නිර්මාණයෙන් දායකවී ඇති කොළඹ චිත්‍රපටය දැන් කොළඹ පමණක් නොවෙයි දිවයින පුරා සිනමාහල් වල තිරගත වනවා. ඔබ තවමත් “කොළඹ” නැරඹුවේ නැතිනම්, මේ සිනමාහල් වලින් එකකට ගියොත් ඔබට මේ අපුරු නගරයේ ජීවන අත්දැකීම සිනමාපටයකින් රසවිඳින්න පුළුවන්.
Written by Nisanka Weheraduwa