ජාතික තරුණ චිත්‍රපට උළෙල එළඹෙන අගෝස්තුවේදී

Avatar Kavinu Weerakkody | June 20, 2023 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

Q: මොකක්ද මේ ජාතික තරුණ චිත්‍රපට උළෙල, එහෙමත් නැතිනම් National Youth Film Festival කියන්නේ?

වර්’තමාන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව, ජනාධිපති ලේකම් කාර්’යාලය – ජනමාධ්‍ය අමාත්‍යාංශය – ජාතික චිත්‍රපට සංස්ථාවේ එකතුවෙන් කෙරෙන වැඩක් තමයි අපේ මේ “ජාතික තරුණ චිත්‍රපට උළෙල”. රජයක් වශයෙන් ඔවුන් අපිත් එක්ක මේ වැඩේට සහයෝගය ලබා දෙනවා.
උත්සවයේ අවසාන සහ ප්‍රධානම අංගය එළඹෙන අගෝස්තු මාසයේදී දැකගන්න පුලුවන්. නමුත් ඊට සමගාමීව කෙටි චිත්‍රපට තරඟ, සිනමා සංවාද වැනි වැඩසටන් රාශියක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන්ම වෙන් වූ චිත්‍රපට උළෙලක් තමයි මේ සංවිධානය වෙන්නේ…
මේ වැඩේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ තාරුණ්‍යයේ සිනමාව සමරන්න පුලුවන් අන්දමේ වේදිකාවක් මේ රටේ බිහි කරන්නයි.

Q: තරුණයින් පිරිසක් එකතු වෙලා මේ තරම් දැවැන්ත ගණයේ චිත්‍රපට උළෙලක් ලංකාවේ පවත්වන්නේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවටද? ලංකාවේ මෙතෙක් සංවිධානය වුනු චිත්‍රපට උළෙලවලට වඩා “ජාතික තරුණ චිත්‍රපට උළෙල” සුවිශේෂී වන්නේ ඇයි?

චිත්‍රපට උළෙල කියන්නේ ලංකාවට අලුත් සංකල්පයක් නෙමෙයි. Derana Film Festival, Colombo International Film Festival වැනි ගුණාත්මක තලයේ සිනමා උළෙල ගණනාවක්ම අපේ රටේ පැවැත්වෙනවා.
නමුත් මන් හිතන්නේ, ජාතික මට්ටමේ ‘තරුණ සිනමා’ උළෙලක් රජයේ මැදිහත්වීමෙන් ම පවත්වන පළවෙනි අවස්ථාව මෙය වේවි.
විශේෂත්වය තමයි, මෙම මුලු ක්‍රියාදාමය ම පිටිපස්සේ අපිත් සමඟින් එක්කාසු වෙලා ඉන්න බහුතරයක් තරුණයෝ! තරුණ තරුණියෝ!

ඒ වගේමයි, සිනමාවක් කියද්දි පැති දෙකක් තියෙනවා. එක් පැත්තක නිර්’මාණකරුවන් ඉන්නවා; අනිත් පැත්තේ නරඹන්නන් ඉන්නවා. ඉතින් මේ දෙපැත්තම නියෝජනය කරන තරුණ තරුණියෝ National Youth Film Festival උළෙලට එකතු වෙමින් සිටිනවා.

උදාහරණයක් විදිහට කෙටි චිත්‍රපට තරඟය හරහා ලංකාවේ සිටින තරුණ නිර්’මාණකරුවන්ව අපිත් සමඟින් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම කෙටි චිත්‍රපට නරඹන තරුණ තරුණියන්ටත් ඔවුන්ගේ අදහස් බෙදාගන්නට අලුත්ම වේදිකාවක් විවෘත කරනවා.

Q: තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂයෙන්ම මෙවැනි සිනමා උළෙලක් සංවිධානය කිරීමේ අරමුණ මොකක්ද?

ලංකාවේ සිනමාවට කිසිම වෘත්තිමයබාවයක් – ප්‍රොෆෙෂන්ලිටියක් නැහැ. වෘත්තීමය සිනමාකරුවන් පිරිසත් බොහොම අඩුයි. බොහෝමයක් සිනමාකරුවන්ගේ ප්‍රධානම ආදායම් මාර්’ගය ඇඩ්වටයිසින් වගේ වෙනත් දෙයක්… ඒක වැරදියි කියලා මන් කියනවා නෙමෙයි. ලංකාවේ සිනමාවට කිසිදු වෘත්තිමයබාවයක් නැති නිසාම තමයි, ඔවුන්ට සිද්ධ වෙලා තියන්නේ සිනමාවට සම්බන්ධයක් නැති වෙනස්ම විෂය ක්ෂේත්‍රයක් ඇතුළේ තමන්ගේ පැවැත්ම ගොඩ නඟාගන්න.

මේ වෘත්තිමයබාවය නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි ලංකාවේ සිනමාව කියන්නේ “ඉන්ඩස්ට්‍රියක්” නොවීම. ඉන්ඩස්ට්‍රියක් වෙන්න නම් ඒකෙන් අපිට සල්ලි ගෙනත් දෙන්න ඕනෙ. සිනමාවට සම්බන්ධ අයට ඒක ඇතුළෙන්ම survive වෙන්න හැකියාවක් තියෙන්න ඕනෙ.

හැබැයි එහෙම survive වෙන්න හැකියාවක් ලැබෙන විශාල බොක්ස්-ඔෆිස් මුදලක් ලංකාවේ චිත්‍රපටියකට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මේ ප්‍රශ්නයට විසඳුම් හොයනකොට අපිට දකින්නට ලැබෙන පළවෙනිම දේ තමයි, ලංකාවේ චිත්‍රපට බොහෝමයක සිත් ඇදගන්න අන්දමේ stories නැහැ… plots නැහැ… story tellersලා නැහැ… තමන්ගේ හිතේ ඇදුනු ස්ටෝරිය හරියට execute කරන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙක් අප්ඩේට් නැහැ…

මේ හැමදෙයකටම උත්තර හොයන්න තමයි “ජාතික තරුණ චිත්‍රපට උළෙල” සංවිධානය වෙන්නේ. අපේ අලුත් කතා කියන්න පුලුවන් නවමු සිනමාකරුවන් පිරිසක් සොයා ගැනීම තමයි අපේ මුල්ම අරමුණ. දෙවෙනියට, රජයෙන් තරුණයින්ගේ සිනමාවට යමක් කෙරෙනවා කියන පණිවිඩය මිනිස්සු අතරට යැවීමත් අපේ තවත් අරමුණක්. සහ ඒ හරහා තරුණයින්ට තමන්ගේ නිර්’මාණකරණය ගැන තියෙන විශ්වාසය වැඩි කිරීමත් මේ ව්‍යාපෘතිය හරහා අපි බලාපොරොත්තු වෙනවා.

Q: ජාතික තරුණ චිත්‍රපට උළෙල තුළින් සිනමාවට ආදරය කරන, සිනමාකරනයට තරුණ ප්‍රජාවට ලැබෙන අලුත් අවස්ථා මොනවද? 

මන් මුලින් පැවසුවා වගේ, මේ ක්‍රියාවලියේ දෙපිරිසක් ඉන්නවා. එක් පැත්තක සිනමාකරුවන්! අනිත් පැත්තේ සිනමාව නරඹන්නන්!

සිනමාකරුවන් වෙනුවෙන් අපි සංවිධානය කරනවා කෙටි චිත්‍රපට තරඟයක්. ඒ වගේම workshop සහ master class කිහිපයකුත් ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වෙනවා. ඔවුන්ගේ සිනමාපට පුළුල් තිරයේ screen කරනවා වගේම ඒ චිත්‍රපට අතුරින් විශිෂ්ටතම නිර්’මාණ උදෙසා අපි awards ලබා දීමකුත් සිදු කෙරෙනවා. Panel discussions හරහා තමන්ගේ සිනමා භාවිතය ගැන ප්‍රේක්ෂකයින් සහ රසිකයින් ඉදිරියේ සංවාද කරන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

ලෝකයේ මේ දිනවල දකින්න ලැබෙන අලුත්ම trend එක තමයි, landscape වෙනුවට portrait මාදිලියේ ෂෝට් වීඩියෝස්… ඉතින් ඒ නව රැල්ලට අපිත් අනුගත වෙමින් tiktok තරඟාවලියක් සංවිධානය කරන්නත් අපි කටයුතු කළා. තමන් ගාව තියෙන අලුත් කතා tiktok මාදිලියෙන් අපිට එවන්නත් දැන් ඕනෑම තරඟකරුවෙක්ට පුලුවන්.

ඒ වගේම සිනමා ප්‍රේක්ෂකයින්, එහෙමත් නැතිනම් නරඹන්නන් වෙනුවෙනුත් මේ වැඩේ ඇතුළේ අවස්ථා රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. Movie Discussions සහ Fan Forums රාශියක් බිහිවේවි ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී. කලින් අත් නොවිඳපු සිනමාපට ගණනාවක් නැරඹීමට රසිකයින්ට මෙයින් අවස්ථාව ලැබෙනවා. නවතම කෙටි සහ දිගු චිත්‍රපට රැසක්ම ඊට ඇතුළත්..!!

Q: මෙම චිත්‍රපට උළෙල සමගාමීව සංවිධානය වන කෙටි චිත්‍රපට තරඟයක් ගැනත් ඔබ සඳහන් කළා. ඒ ගැනත් විස්තර කතා කරමු?

“ජාතික තරුණ කෙටි චිත්‍රපට තරඟය” නමින් තමයි මෙය සංවිධානය වෙන්නේ. පසුගිය මැයි 15 වනදා මෙහි අයදුම්පත් සහ නිර්’මාණ බාර ගැනීම ආරම්භ කළා. එළඹෙන ජූලි 31 වනදා තෙක් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන, ඕනෑම සිනමාකරුවෙක්ට තමන්ගේ කෙටි චිත්‍රපට අපිට යොමු කරන්නට පුලුවන්. ජූලි 31 තමයි නිර්’මාණ බාර ගන්නා අවසාන දිනය! මුලදී අපේ deadline එක ජූලි 15 වනදාට නම් කර තිබුනත් අයදුම්කරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අපි එය ජූලි මාසයේ 31 වනදා දක්වා දිගු කළා.

අගෝස්තු මාසයේ තිබෙන සම්මාන උළෙලේදී මෙම කෙටි චිත්‍රපට තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ලබාදීම සිදුවනවා. ඉදිරි සෑම වසරකම මෙය පවත්වන්නට තමයි අපේ අදහස.

Q: අයදුම්කරුවන් තමන්ගේ චිත්‍රපට, උළෙල බාර දෙන්නේ කොහොමද?

චිත්‍රපට උළෙල සහ ඊට සමගාමී වැඩසටහන්වල සියලුම විස්තර ඇතුළත් වෙබ් අඩවියක් nyffsl.lk නමින් අපි විවෘත කරලා තියෙනවා. ඒ වගේම film freeway වෙබ් අඩවියේත් අපේ ප්‍රෝෆයිල් එකක් create කරලා තියෙනවා. මේ ක්‍රම ද්විත්වයෙන්ම තමන්ගේ චිත්‍රපට ලබාදෙන්න සිනමාකරුවන්ට පුලුවන්.

ඊට අමතරව චිත්‍රපටය physically අපට බාර දෙන්නත් පුලුවන් පෙන් ඩ්‍රයිව් හරහා. ඒ වෙනුවෙන්ම physical submission form එකක් අපි නිකුත් කරලා තිබෙනවා. එහි විස්තර සඳහන් කරලා පෙන් ඩ්‍රයිව් මාර්ගයෙනුත් අපට සිනමාපට ලබා දෙන්න හැකියි. සිනමාපට online upload කරන්නට නොහැකි අය වෙනුවෙනුයි ඒ ආකාරයට තැපැල් මාර්’ගික ක්‍රමයකුත් අපි හඳුන්වා දුන්නේ.

මේ ක්‍රම තුනෙන්ම අපි චිත්‍රපට බාරගැනීම් සිදු කරනවා.

Q: කොළඹ දියත උයන පරිශ්‍රයේදී සිනමාව ගැන විවෘත සංවාදයකුත් පැවැත්වුනා නේද ළඟකදි?

ඔව්, The Cinema discussion never happened යනුවෙන් රසික – ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් සිනමා සංවාදයකුත් පසුගියදා පැවැත්වූවා. එයින් අපි බලාපොරොත්තු වුනේ චිත්‍රපට ගැන කතා කරන්න පුලුවන් public space එකක් හදන එකයි. චිත්‍රපටයක් නැරඹුවාට පස්සේ ලංකාවේ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඒ ගැන විස්තර ලියනවා… සංවාද කරනවා… කතාබහ කරනවා… නමුත් ඒ හැමදෙයක්ම වෙන්නේ facebook, letterbox වගේ virtual spaces ඇතුළේ!!!

ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පසුගිය දවසක කොළඹ දියත උයන පරිශ්‍රයේදී, සංවිධානය වුනු ඒ සිනමා සංවාදයෙන් අපි බලාපොරොත්තු වුනේ හැමදාම කතාබහ කරන virtual space වෙනුවට එකිනෙකා එකට මුණගැහෙන physical space එකක් හදන එකයි.

ඉතින් වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුනා. හිතපු විදිහටම ගුණාත්මක සංවාදයක් ගලාගෙන ගියා. 100කට ආසන්න රසික සහභාගීත්වයක් සමඟින් The Cinema discussion never happened සංවාදය පවත්වන්නට අපට හැකියාව ලැබුනා.

Q: සිනමා සංවාද… කෙටි චිත්‍රපට බාර ගැනීම්… මේ හැමදෙයකින්ම අනතුරුව එළඹෙන අගොස්තු මාසයේදී “ජාතික තරුණ චිත්‍රපට උළෙල” පවත්වන්න සූදානම කොහොමද?

ඔව්, මේ වැඩසටහන් මාලාවෙන් පසුව එලඹෙන අගෝස්තු මාසය පුරාවටම මෙහි දෙවන අදියර පැවැත්වෙනවා. අගෝස්තු මාසය අවසාන වනතෙක්ම විවිධ panel discussions, master classes, short movie screenings, feature movie screenings… ඒ වගේම දැවැන්ත චිත්‍රපට සම්මාන උළෙලක් තුළින් කෙටි චිත්‍රපට ජයග්‍රාහකයින්ට ත්‍යාග බෙදා දීම් සිදුවනවා.

Q: ඉදිරි වසරවලදීත් මේ ආකාරයෙන්ම “ජාතික තරුණ චිත්‍රපට උළෙල” සංවිධානය වේවිද?

“ජාතික තරුණ චිත්‍රපට උළෙල” සංවිධානය වෙන්නේ සිනමාව ගැන passion එකක් තියෙන තරුණ තරුණියන්ට, තමන්ගේ passion එක හඹායන්න පොඩිම හරි තල්ලුවක් දෙන්නයි. මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ මොහොතේ පටන්ම අපි සාකච්ඡා කළේ මේ කර්’තව්‍යය වසරක් පාසා දිගින් දිගටම පවත්වාගෙන යන්නයි.

ඉතින් ඒ විදිහටම අපි මේක සෑම වසරකම පවත්වන්න කටයුතු කරනවා. මේ 2023 තමයි අපේ පටන්ගැන්ම!
පටන්ගැන්මේ ඉඳන්ම සෑම අතින්ම පරිපූර්’ණ, ගුණාත්මක අන්දමේ චිත්‍රපට උළෙලක් සංවිධානය කරන්නයි අපි උත්සාහ දරන්නේ.

එළඹෙන අගෝස්තු මාසයේදී ඒ අත්දැකීම විඳ ගන්නට ඔබට හැකියාව ලැබේවි!!!
ඉතින් මෙම ජාතික තරුණ චිත්‍රපට උළෙල සමඟින් එකතු වෙන්න කියලා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා!!!

Share

100 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.