තට්ටු දෙකේ ඉස්කෝලේ – දෙරණ Lux සිනමා සම්මාන 2024
09 වන දෙරණ Lux සිනමා උළෙලට නිර්දේශ වුනු තවත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් වන්නේ ලලිත් රෝහිත එදිරිසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “තට්ටු දෙකේ ඉස්කෝලේ” සිනමා නිර්මාණයයි.
මෙම සිනමාපටයට පාදක වන්නේ අගනුවරට බොහොම දුරින් පිහිටා තිබෙන සූරියපාලුව නැමැති දුෂ්කර ගම්මානයේ, අපූරු පාසලක් ගැන කතාවකුයි.
කුඩා පවුල් කිහිපයක් පමණක් වාසය කරන එම ගම්මානයේ දරුවන්ට අකුරු කරන්නට තිබෙන්නේත් එකම එක කුඩා ඉස්කෝලයක් පමණයි. නමුත් කිසිවෙකු නොසිතූ පරිදි එහි වෙසෙන දරුවන්ට අකුරු කරන්නට තිබුනු එකම ඉස්කෝලයත් ඔවුන්ට අහිමි වී යන්නේ ලංකාව පුරාම පැතිරුනු මැලේරියා වසංගතය නිසාවෙනුයි.
අවසානයේදී ඉතිරි වන්නේ ගුරුවරු නොමැති පාසලකුත්, එහි මුරකරුවා වූ පාල මාමාත් පමණයි. සූරියපාලුව ගමේ දරුවන් කෙරෙහි ඔහු තුළ තිබූ අසීමිත සෙනෙහස සහ ළබැඳියාව නිසාම, එතැන් සිට දරුවන්ට ජීවිතය කියා දීමටයි පාල මාමා තීරණය කරන්නේ…
සූරියපාලුව ගම්මානයේ කුඩා පාසල අසල තිබෙන දැවැන්ත සියඹලා ගස “තට්ටු දෙකේ ඉස්කෝලයක්” බවට පත් වන්නේ ඉන් පසුවයි. පාල මාමා තමන්ට හැකි අයුරින් සොබා දහම සහ සතා සිව්පාවන් ඇසුරෙන් සූරියපාලුව ගම්මානයේ දරුවන්ට ජීවිතය පිළිබඳ කියා දෙන අතර, ඔවුනුත් පාල මාමා ඇසුරෙ හි තමන්ගේ ජීවිතය ගත කරන්නට පටන් ගන්නවා.
ජගත් චමිල, මංජුලා කුමාරි, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, වොල්ගා කල්පනී, නයනා හෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන්, ජනක් ප්‍රේමලාල්, ෆර්නි රෝෂණී සහ අවන්ති අපොන්සු වැනි මෙරට ජනප්‍රිය නලු නිළියන් ගණනාවක්ම මෙම සිනමාපටයෙ හි චරිත රඟ දක්වනවා. සුදම් කටුකිතුළ, ලංකානාත් රන්දීප, රවීශා දිව්‍යාංජලී, දහම්සා තරුදිසි, දුලන්යා සයුන්දි, අකාෂ ගුණතිලක සහ සහෙන් පන්සිළු “තට්ටු දෙකේ ඉස්කෝලේ” හැඩ කරන ප්‍රධාන ලමා නලුනිළි පිරිසයි.
මයුර කෞෂල්‍ය හේවාවසම් විසින් කැමරා අධ්‍යක්ෂණය හසුරුවන අතර චිත්‍රපටයේ සංස්කරණය සිදුකර තිබෙන්නේ ප්‍රවීන් ජයරත්නයි. කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල් සහ සහාය අධ්‍යක්ෂණය අමිල සඳුන් ප්‍රේමරත්නයි. සශින් ගිම්හාන් පෙරේරා ශබ්ද පරිපාලකයා වශයෙන් කටයුතු කරන අතර “තට්ටු දෙකේ ඉස්කෝලේ” හි සංගීත අධ්‍යක්ෂණය ජගත් රස්නායක විසිනුයි. වේෂ නිරූපණහ උශාන් ඕවිට යි.
චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙන්නේ වෛද්‍ය නිශාන්ත ප්‍රදීප් රොද්‍රිගුයි.
තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody