තවත් බොලිවුඩ් නිළියක් හොලිවුඩ් සිනමාවට: Heart of Stone
2000 මුල් භාගය වන තුරුත් ලෝ සිනමාවේ බටහිර සහ ආසියානු චිත්‍රපට කර්මාන්ත අතර තිබුනු බෙදීම බොහොම තදින් දැකගන්නට ලැබුනා. බටහිර චිත්‍රපට සඳහා ආසියානු නලු නිළියන් යොදා ගැනීම මෙන්ම ආසියානු චිත්‍රපට සඳහා බටහිර නලු නිළියන් යොදා ගැනීමත් එකල සිදු වූයේ බොහොම කලාතුරකින්…
එකිනෙකට ස්වාධීන සිනමා කලාප වූවත් එකලදී, ඔවුන් අතර දැඩි සහ-සම්බන්ධතාවයක් දැක ගන්නට ලැබුනේ නැහැ.
කෙසේ වුවත් එම තත්වය වෙනස් වී තිබෙන ආකාරයක් තමයි අද වනවිට දක්නට ලැබෙන්නේ. මීට වසර ගණනාවකට පෙර තිබූ සිනමා සම්බන්ධය වර්තමානයේදී බොහෝ සෙයින් වැඩි දියුණු වී තිබෙනවා. එකලදී, එම කලාපවල රංගන ශිල්පීන් සුසංයෝගයෙන් නිර්මාණවලට දායක වීම දැකගැනීමට ලැබුණේ කලාතුරකින් වූවද අද එසේ නොවෙයි.
බටහිර කලාපයේ නිෂ්පදනය වන High Budget චිත්‍රපට බොහෝමයකට වර්තමානයේදී ආසියානු රංගන ශිල්පීන්ට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්දීය සහ පාකිස්ථානු රංගන ශිල්පීන් රැසක් මෑතකාලයේ Hollywood projects විශාල ප්‍රමාණයක දැකගන්නට ලැබුනා. බොලිවුඩ් රංගන ශිල්පී Irfan Khan පසුගිය කාලයේ නිර්මාණය වූ දැවැන්තම බටහිර නිර්මාණවල රඟපෑවා. Jurassic World, Spider Man වැනි ලෝක සිනමාවේ ජනප්‍රියම franchise පවා ඔහුගේ රංගනයෙන් හැඩ වුනා. ඇතැම් රසිකයින් විසින් Irfan Khanව හැඳින්වූයේ ත් හොලිවුඩයේ ඉන්දීය සලකුණ ලෙසයි..
ඊට අමතරව Deepika Padukone, Dhanush, Priyanka Chopra, Aishwarya Rai, Anupam Kher, Om puri වැනි නලු නිළියන් ගණනාවක්ම ප්‍රධාන පෙළේ හොලිවුඩ් නිර්මාණවල රංගනයෙන් දායක වී තිබෙනවා. විශේෂයෙන්ම දමිළ රංගන ශිල්පී Dhanushට සුප්‍රසිද්ධ Avengers චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂකවරුන් වන Russo Brothers යටතේ රංගනයට ලැබුණු අවස්ථාව ගැන පසුගිය දිනවල මුලු ඉන්දියාවේම කතාබහට ලක්වුනා. ඔවුන්ගේ අධ්‍යක්ෂණය යටතේ ධනුෂ් රංගනයෙන් එක්වූ Gray Men චිත්‍රපටය නුදුරු දිනකදීම Netflix හරහා ලෝ පුරා විකාශනය වීමට නියමිතයි.
මෙවැනි ඉන්දීය නලු නිලියන් ගණනාවකට පසු හොලිවුඩ් නිර්මාණයකට දායක වීමට අවස්ථාව ලැබුණු නවතම රංගන ශිල්පිනිය වන්නේ හින්දි නිලි Alia Bhattටයි. වර්තමාන හින්දි සිනමාවේ සිටින ජනප්‍රියම කාන්තා රංගන ශිල්පිනියන් අතුරින් අයෙකු වන ඇය ක්ෂේත්‍රයේ සිටින ස්ථාවරම ශිල්පීන්ගෙන් කෙනෙකු ද වනවා. ඉන්දියානු සිනමාවේ කාන්තා-මූලික (women centric) චිත්‍රපටයක් ලැබූ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායමට හිමිකම් කියන්නේ ද ඇය ප්‍රධාන චරිතය රඟපෑ Gangubai Kathiawadi චිත්‍රපටයයි.
මේ අයුරින් Alia Bhatt රංගනයෙන් එක්වීමට නියමිත පළමු හොලිවුඩ් චිත්‍රපටය හඳුන්වන්නේ Heart of Stone යනුවෙනුයි. Tom Harper නැමැති බ්‍රිතාන්‍ය සිනමාකරු විසින් අධ්‍යක්ෂණය කරන Heart of Stone චිත්‍රපටය මේ දිනවල යුරෝපයේ ප්‍රදේශ කිහිපයක් මුල් කරගනිමින් රූපගත කිරීම් සිදුවන බවත් වාර්තා වනවා. චිත්‍රපටයේ ආලියා බාත් රඟන චරිතය ගැන නිශ්චිත තොරතුරු ලැබී නැති නමුත්, එය නිර්මාණය පුරාම ධාවන කාලය (run time) හිමි වැදගත් උප-ප්‍රධාන චරිතයක් විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ…
Heart of Stone හි අධ්‍යක්ෂකවරයා වන Tom Harper චිත්‍රපට නිර්මාණයකරණය සඳහා එතරම් නැඹුරු වූ පුද්ගලයෙක් නෙමෙයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙන නිර්මාණ බහුතරයක් රූපවාහිනී කතාමාලායි. ලෝක ප්‍රසිද්ධ රූපවාහිනී කතාමාලා ගණනාවකට Tom Harper අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ අතරෙ හි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ පවා අතිශය ජනාදරයට පත් වූ Peaky Blinders රූපවාහිනී කාතාමාලාවත් ඇතුළත්! ඊට අමතරව War & Peace, Demons, Misfits ආදිය ඔහු සම්බන්ධ වූ තවත් කතාමාලා කිහිපයක්…
Heart of Stone හිදී Alia Bhattට රඟපෑමට නියමිතව තිබෙන්නේත් හොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම රංගන ශිල්පියෙකු සහ ශිල්පිනියක සමඟයි. ඒ Wonder Woman, Red Notice, Death on the Nile, Fast Five, Batman Vs Superman වැනි චිත්‍රපට හරහා මුලු ලෝ පුරාම ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියක වන Gal Gadot සහ Fifty Shades of Grey, Fifty Shades Darker, Flying Home, Belfast වැනි චිත්‍රපට තුළින් රසික ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පී Jamie Dornan සමඟයි.
ආලියා බාත් සිය විවාහයෙන් පසුව මේ දිනවල නැවතත් සිය නවතම හින්දි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා එක්වී ඇතැයි පවසනවා. ඒ Karan Johar අධ්‍යක්ෂණය කරන Rocky Aur Rani Ki Prem Kahani සිනමාපටයයි. එහි නිෂ්පාදන කටයුතු අවසන් වූ පසුව මෙම මාසයේ අග භාගය වනවිට Heart of Stone රූගත කිරීම් සඳහා ඇය යුරෝපය බලා පියාසර කිරීමට නියමිත බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එතැන් පටන් මැයි අග සිට අගෝස්තු මාසය දක්වාම Tom Harperගේ අධ්‍යක්ෂණය යටතේ ඇය Heart of Stone චිත්‍රපටයට සම්බන්ධ වීමට සියලුම කටයුතු සූදානම්…
Spy Thriller වර්ගීකරණයට අයිති වන මෙම සිනමාපටයේ plot details ගැන වැඩිදුර විස්තරයක් අන්තර්ජාලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේ වුවත් පිළිගත් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙය පුළුල් සිනමාශාලා ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරන්නක්ද නොවෙයි. Heart of Stone සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Netflix ප්ලැට්ෆෝමය ඔස්සේ Direct OTT ක්‍රමයට නිකුත් වන්නක් බවයි අරංචි වන්නේ! බොහෝ දුරට 2023 අග භාගයේදී මෙය නැරඹීමට අවස්ථාව උදා විය හැකියි.
මෙය එක් චිත්‍රපටයක් නොවන බවත්, Mission Impossible වැනි ත්‍රිලර් චිත්‍රපට මාලාවක් ලෙසින් නිර්මාණය වන්නක් බවත් ඇතැම් වෙබ් අඩවිතුළින් උපුටා ගන්නට පුලුවන්. Heart of Stone යන්න ඒ චිත්‍රපට මාලාවේ පළමු පියවර බවයි ඔවුන් පවසන්නේ. මෙය ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගෙන සාර්ථක නිර්මාණයක් බවට පත් වුවහොත් එහි sequel projects කිහිපයක්ම නැරඹීමට ත් අවස්ථාව තිබෙනවා.
“Right after wrapping up the schedule of Rocky Aur Rani Ki Prem Kahani, Alia will be off to the UK for a marathon schedule of the yet-untitled spy thriller. She would be shooting for this Tom Harper directorial from May till the end of August,”
ආලියාගේ දර්ශන සහ රෑගත කිරීම් සැලසුම් කර තිබෙන ආකාරය ගැන Pinkvilla අඩවියේ සඳහන් වූයේ මෙලෙසින්…
අගෝස්තු මාසයේදී Heart of Stone නිෂ්පාදන කටයුතු අවසන් වූ පසු, එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ඇය නැවතත් Karan Johar අධ්‍යක්ෂණය කරන Rocky Aur Rani Ki Prem Kahani හි කොටස් කිහිපයක් සඳහා දින ලබා දී තිබෙනවා. එය තිරගත වන්නේ 2023 පෙබරවාරි මාසයේදී යි. ඒ වගේම ඇය ප්‍රධාන චරිතයක් හොබවන Farhan Aktharගේ Je Lee Zara සිනමා නිර්මාණයත් ඒ සමඟම ඇරඹීමට නියමිතයි. Alia Bhatt, Priyanka Chopra සහ Katrina Kaif ප්‍රධාන චරිත රඟන එය ඉන්දියාව පුරා රූගත කිරීම් සිදු කරන multi – location චිත්‍රපටයක්. මිතුරියන් තිදෙනෙකුගේ මාර්ග චාරිකාවක් වටා ගෙතෙන Je Lee Zara, එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවන සිද්ධි දාමයක් ගැන කියැවෙන්නක් බවයි දැනට දැනගන්නට ලැබෙන්නේ…
මෙය ෆර්හාන් අක්තර් රඟපෑ Zindagi Na Milegi Doobara වැනි සුන්දර චිත්‍රපටයක් විය හැකි යැයි ඉන්දියාවේ සිනමා විචාරකයින් රැසක් දැනටම ඉඟි පළ කරනවා.
Heart of Stone
Directed by : Tom Harper
Screenplay by :Greg Rucka , Allison Schroeder
Produced by : Bonnie Curtis, David Ellison, Gal Gadot, Dana Goldberg, Don Granger, Julie Lynn & Jaron Varsano
Starring : Gal Gadot, Jamie Dornan, Alia Bhatt, Sophie Okonedo, Matthias Schweighöfer, Jing Lusi, Paul Ready
Cinematography : George Steel
Edited by : Mark Eckersley
Production companies : Pilot Wave , Skydance Media
Distributed by : Netflix
Country : United States
Language : English
Written by Kavinu Weerakkody