දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්තම සම්මාන උළෙල – SIIMA

Avatar Kavinu Weerakkody | October 4, 2022 286 Views 0 Likes 5 On 1 Rating

286 Views 5 On 1 Rating Rate it

එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි.
උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව තිබෙන්නේ දමිළ | තෙළිඟු | කන්නඩ | මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්තවල එකතුවක් ලෙසයි.

හින්දි සිනමාව මෑතක් වනතුරුම ඉන්දියාවේ දැවැන්තම චිත්‍රපට ක්ෂේත්‍රය ලෙස පළමු තැන ගෙන සිටියත්, පසුගිය දශකයෙදී, ඉන්දියාව තුළ මෙන්ම ඉන් පිටත් දමිළ-තෙළිඟු-මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.

සිය චිත්‍රපට නළුවන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණි ශිල්පීන් ආදිය ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය වන ඉන්දියානු සිනමා සම්මාන උළෙල වලදීත් මීට පෙර හින්දි චිත්‍රපටවල බලපෑම නිසා ඇතැම් දකුණු ඉන්දීය සිනමාපට නිසි ඇගයුමට ලක් නොවුනත්, දැන් දකුණු ඉන්දීය සිනමාපට සඳහා පමණක්ම වෙන්වුනු ස්වාධීන සහ අන්තර්ජාතික මට්ටමේ සිනමා සම්මාන උළෙල පවා සංවිධානය වනවා. සෑම වසරකම දකුණු ඉන්දීය ප්‍රාන්තයේ නිපදවෙන ජනප්‍රිය ධාරාවේ සිනමාපට ඇගයීම සඳහාම පැවැත්වෙන “SIIMA Awards” ලොව ප්‍රමුඛ පෙලේ සම්මාන උළෙලක් වනවා.

දසවැනි වතාවටත් පැවති SIIMA Awards මෙවර උළෙල බැංගලෝර් නගරය ආශ්‍රිතව පැවැත්වුනු අතර 2021 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල වකවානුව තුළ නිකුත් වූ විශිෂ්ටතම සිනමා නිර්මාණ සඳහා එහිදී සම්මාන පිරිනැමුනා.
ඒ දමිළ – තෙළිඟු – මලයාලම් – කන්නඩ යන ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍ර හතර පාදක කරගෙනයි. මෙවර උළෙලේ ප්‍රධාන සම්මාන සියල්ලම දිනා ගත් ජයග්‍රාහකයින්ව පහතින් දක්වා තිබෙනවා.

විශිෂ්ටතම චිත්‍රපටයට (Best Film) හිමි සම්මානය සඳහා සෑම ප්‍රාන්තයක් වෙනුවෙන්ම පසුගිය වසරේ ජනප්‍රිය නිර්මාණ පහ බැගින් තෝරාගෙන තිබුනු අතර ඒවා අතුරින් ප්‍රාන්තීය ජයග්‍රාහකයින්ව වෙන වෙනම තෝරා ගත්තා. හොඳම තෙළිඟු චිත්‍රපටය ලෙස අල්ලු අර්ජුන් රඟපෑ Pushpa: The Rise සහ හොඳම දමිළ චිත්‍රපටය ලෙස ආර්යා රඟපෑ Sarpatta Parambarai සම්මාන දිනා ගත්තා. Garuda Gamana Vrishabha Vahana හොඳම කන්නඩ සිනමාපටය ලෙසත්, Minnal Murali හොඳම මලයාලම් සිනමාපටය ලෙසත් ජයග්‍රහණය කළා.

හොඳම අධ්‍යක්ෂකවරයා සහ හොඳම කැමරා අධ්‍යක්ෂකවරයා හිමි සම්මාන බෙදී ගියේ පහත ආකාරයටයි.

Best Director

Sukumar – Pushpa: The Rise (Thelegu)
Lokesh Kanagaraj – Master (Tamil)
Tharun Sudhir – Roberrt (Kannada)
Mahesh Narayanan – Malik (Malayalm)

Best Cinematographer

C. Ram Prasad – Akhanda (Thelegu)
Sudhakar Raj – Roberrt (Kannada)
Nimish Ravi – Kurup (Malayalam)

මෙවර SIIMA Awards හි හොඳම දමිළ නළුවා ලෙස ජයග්‍රහණය කළේ Doctor සිනමාපටයේ රඟපෑ Sivakarthikeyan රංගන ශිල්පියායි. තෙළිඟු චිත්‍රපටයක දක්නට ලැබුනු හොඳම රංගනය උදෙසා Pushpa: The Rise හි රඟපෑ Allu Arjun සම්මානයට පාත්‍ර වූ අතර Minnal Murali චිත්‍රපටය වෙනුවෙන් Tovino Thomas හොඳම මලයාලම් රංගන ශිල්පියා බවට පත්වුනා. වසරේ විශිෂ්ටතම කන්නඩ සිනමා නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, හදෘයාබාධයක් නිසා පසුගියදා ජීවිතක්ෂයට පත් Puneeth Rajkumarයි.

හොඳම නිළිය සහ හොඳම සහාය නිළියට හිමි සම්මාන බෙදී ගියේ පහත අයුරෙනුයි. මෙවර SIIMA උළෙලේ විශිෂ්ටතම දමිළ නිළියට හිමි සම්මානය ජයග්‍රහණය කිරීමට හැකි වුනේ වර්තමාන හින්දි සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක වන Kangana Ranautට වීමත් විශේෂත්වයක්.

Best Actress

Pooja Hegde – Most Eligible Bachelor (Thelegu)
Aishwarya Lekshmi – Kaanekkaane (Malayalam)
Ashika Ranganath – Madhagaja (Kannda)
Kangana Ranaut – Thalaivii (Tamil)

Best Supporting Actress

Varalaxmi Sarathkumar – Krack (Thelegu)
Unnimaya Prasad – Joji (Malayalam)
Aarohi Naraya – Drishya 2 (Kannada)
Lakshmipriya Chandramouli – Karnan (Tamil)

විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මාන අංශයෙන් දමිළ සිනමාව නියෝජනය කරමින් මෙවර ජයග්‍රහණය කළේ Karnan සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ Santhosh Narayan විසිනුයි. මලයාලම් චිත්‍රපටයක දක්නට ලැබුනු හොඳම සංගීතය උදෙසා Vellam චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක Bijibal සම්මාන හිමි කරගත්තා. හොඳම තෙළිඟු සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස Pushpa: The Rise සිනමාපටය වෙනුවෙන් Devi Sri Prasad ද, හොඳම කන්නඩ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස Roberrt සිනමාපටයෙ හි Arjun Janya ද මෙවර ජය ලැබුවා.

SIIMA Awards (2022) හි සම්මාන දිනා ගත් සෙසු ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් පහතින් දක්වා තිබෙනවා.

Best Supporting Actor

Jagadeesh Bandari – Pushpa: The Rise (Thelegu)
Pramod Panju – Rathnan Prapancha (Kannada)
Baburaj – Joji (Malayalam)

Best Actor in a Negative Role

SJ Suryah – Maanaadu (Tamil)
Pramod Shetty – Hero (Kannada)
Guru Somasundaram – Minnal Murali (Malayalam)

Best Comedian

Redin Kingsley and Deepa Shankar – Doctor (Tamil)
Sudarshan – Ek Mini Katha (Thelegu)
Chikkanna – Pogaru (Kannada)

Best Debut Actor

Vaisshnav Tej – Uppena (Thelegu)
Nagabhushan NS – Ikkat (Kannada)
Sanal Aman – Malik (Malayalam)

Best Debut Actress

Krithi Shetty – Uppena (Thelegu)
Priyanka Mohan – Doctor (Tamil)
Sharanya Shetty – 1980 (Kannada)
Anagha Narayanan – Thinkalazhcha Nishchayam (Malayalam)

Best Debut Director

Buchi Babu – Uppena (Thelegu)
Madonne Ashwin – Mandela(Tamil)
Guru Shankar – Badava Rascal (Kannada)
Kavya Prakash – Vaanku (Malayalam)

සම්මාන 12ක් සඳහා නිර්දේශ වෙමින්, ඉන් සම්මාන 07ක් ජයග්‍රහණය කළ Pushpa: The Rise චිත්‍රපටයට මෙවර සම්මාන ලැයිස්තුවෙ හි ප්‍රථම ස්ථානය හිමි වුනා. Minnal Murali සහ Uppena සිනමාපට ද්විත්වයද සම්මාන 04ක් බැගින් දිනා සිටි අතර Roberrt නැමැති කන්නඩ චිත්‍රපටය ලබා ගත් සම්මාන ගණන 03ක්.

Faria Abdullah @ SIIMA Awards 2022 Red Carpet Stills

Share

286 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.