දීපිකාගේ මෙවර උපන්දිනයට පුංචි සාදයක්
බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පසුගිය ජනවාරි 05 වැනිදා උපන්දිනය සැමරුවා. 1986 වසරේ උපත ලැබූ ඇය එදින සමරුවේ සිය 35වැනි උපන් දිනයයි.
වෙනදා මෙන් ලොකු පිරිස් එකතු කරගෙන සාදයක් සමගින් උපන්දිනය සමරන්න දීපිකාට හෝ ඇගේ හිතවතුන්ට මෙවර හැකියාවක් නැහැ. කොරෝනා වසංගතය හේතුවෙන් පවතින අවදානම සලකා බලමින් ඇය පුංචි සාදයක් පැවැත්වූ බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කළා.
සිය සැමියා වූ රන්වීර් සිං සහ පවුලේ සමීපතමයින් වගේම ක්ෂේත්‍රයේ සමීප මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් මේ සැමරුමට එකතු වුනු බව මාධ්‍ය වාර්තා වල සඳහන්. Ranbir Kapoor, Shaheen Bhatt, Alia Bhaat Rohan Sreshta, Ritika Bhavnani, Siddharth Anand, Anjani Dhawan, Shakun Batra, Ananya Panday, Karan Johar, Ayan Mukherjee, Siddhant Chaturvedi, Ishaan Khatter, Ayan Mukherjee, Siddhant Chaturvedi, Madhu Mantena ඇතුළු තවත් කිහිප දෙනෙක් ක්ෂේත්‍රයේ හිතවතුන් ලෙස එක්ව සිටි බව සඳහන්.
Written by Nisanka Weheraduwa