දෙසැම්බරය සල්මාන් ඛාන්ගේ නමට | Kabhi Eid Kabhi Diwali
හින්දි සිනමාව තුළ 1980 අග භාගයේ පටන් ගොඩ නඟාගෙන පැමිණි ඛාන් ත්‍රිත්වයේ බොලිවුඩ් ආධිපත්‍යය පසුගිය වසරකදී එක්වරම බිඳ වැටුනා. කිසිවෙකුත් නොසිතූ පරිදි Aamir Khan, Shah Rukh Khan සහ Salman Khan රඟපෑ චිත්‍රපට ත්‍රිත්වයම 2018 වසරේදී ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රතික්ෂේප වුනා. බොලිවුඩයේ දැවැන්තම සිනමා රංගන ශිල්පීන් තිදෙනා වූ ඔවුන්ට තමන්ගේ චිත්‍රපටය සාර්ථක කර ගැනීමට නොහැකිව බොහොම සෘණාත්මක ප්‍රතිචාර මධ්‍යයේ අසාර්ථක වීමටයි ඒ වසරේදී සිදු වූයේ.
ශාරුක් රඟපෑ Zero චිත්‍රපටය සිය නිෂ්පාදන පිරිවැය සපුරා ගැනීමටවත් නොහැකිව ඉතාම negative reviews අතරින් ප්‍රදර්ශනය වනවිට ආමීර්ගේ සිහින නිර්මාණය වූ Thugs of Hindostan චිත්‍රපටයට උරුම වුණෙත් බොහොම අසතුටුදායක ආරම්භයක්. Zero මෙන්ම Thugs of Hindostan නිර්මාණ ද්විත්වයම අතිශය ඉහළ පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපට වූ නිසා අවසානයේදී ඒ චිත්‍රපට දෙකටම ආදායම් වාර්තා අතින් සාර්ථක වන්නට හැකියාව ලැබුණේ නැහැ. 2018 වසරේදී සල්මාන් රඟපෑ Race 03 ආදායම් අතින් යම් සාර්ථකත්වයක් ලබා ගත්තද, ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර අතිශය සෘණාත්මක අගයකයි දැකගන්නට ලැබුනේ. බොහෝ දෙනෙකු Race 03 හැඳින්වූයේ එතෙක් මෙතෙක් සල්මාන් ඛාන් රඟපෑ අතාත්විකම-අසාර්ථකම රංගනයක් දැක ගත හැකි වූ චිත්‍රපටයක් ලෙසයි.
2108දී අත් වූ මෙම අසාර්ථකත්වයෙන් පසු Shah Rukh සහ Aamir Khan දෙදෙනාම සිනමාවෙන් යම් විවේකයක් ලබා ගත්තා. එයින් වසර 04ක් ගත වී තිබුණද තවමත් ඔවුන් දෙදෙනාගේ කිසිම නව චිත්‍රපටයක් තිරගත වී නැහැ. සිය අසාර්ථක චිත්‍රපටයෙන් මාස ගණනාවකට පසුවයි ඔවුන් නැවතත් රූපගත කිරීම් සඳහා පවා එකතු වූයේ. ඔවුන් දෙදෙනා එසේ වුවත්, Salman Khan නම් එවැනි විවේකයක් ලබා ගත් බවක් පෙනේනට තිබූයේ නැහැ. Race 03 තිරගත වී වසරක් ගත වන්නටත් ප්‍රථම ඔහු රඟපෑ නවතම නිර්මාණ ද්විත්වයක් ලෝ පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹුනා. එසේ ප්‍රදර්ශනය ඇරඹි Bharat, Dabangg 03 චිත්‍රපට දෙකම හොඳ ආදායමකුත් වාර්තා කළා.
ඉන්පසු 2021දී Radhe හා Antim තුළින් නැවතත් රසිකයින්ට සමීප වූ ඔහු, ශාරුක් සහ ආමීර් මෙන් විරාමයක් නොගෙන අදත් සක්‍රීයව රංගනයට දායක වෙමින් සිටිනවා.
නමුත් Radhe චිත්‍රපටයෙන් පසු සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපාන නිර්මාණය කුමක්ද යන්න ගැන රසිකයින්ට තිබුණේ යම් කුතුහලයක්. ඔහුගේ lineup movies කිහිපයක්ම ඒ වනවිටත් දැනුම් දී තිබුණත් ඒ කිසිවක නිෂ්පාදන කටයුතු ආරම්භ වන බවක් පෙනෙන්නට තිබූයේ නැහැ. කෙසේ වුවත් අවසානයේදී Salman Khan ප්‍රධාන චරිතය රඟන නවතම නිර්මාණයක රූගත කිරීම් ඇරඹීමට සූදානම් බව තහවුරු වීමත් සමඟ, ඔහු ගැන කතාබහ යළි කරළියට පැමිණියා. ඒ Farhad Samji විසින් අධ්‍යක්ෂණය කෙරෙන Kabhi Eid Kabhi Diwali නැමැති නව සිනමාපටයයි! ඇතමුන් විසින් මෙම නිර්මාණයට ඉහත සඳහන් කළ Kabhi Eid Kabhi Diwali යන්න භාවිතා කළත් ඇතැම් මාධ්‍ය අඩවි තුළ සඳහන් වන්නේ චිත්‍රපටයට අදාළව නිශ්චිත නමක් තවමත් තහවුරු වී නැති බවයි. කෙසේ වුවත්, ක්ෂේත්‍රයට සම්බන්ධ බහුතරයක් දෙනා පවා දැන් Kabhi Eid Kabhi Diwali යන්න මෙම චිත්‍රපටය හැඳින්වීමට භාවිතා කරනවා.
Kabhi Eid Kabhi Diwali හි රූගත කිරීම් මේ වනවිට ඇරඹි තිබෙන අතර පළමු දර්ශන කිහිපය සඳහා ඔවුන් තෝරාගෙන තිබූයේ සල්මාන් ඛාන් රඟපාන high octane action sequences කිහිපයකුයි. Green screen තුළ රූගත කළ එම දර්ශන කිහිපය මෙට්‍රෝ දුම්රියක් තුළ සල්මන් ඛාන් සිදු කරන සටන් ජවනිකාවකට අදාළ කොටස් බව දැන් තහවුරුයි. චිත්‍රපටයේ පළමු රූගත කිරීම වූ මෙය සඳහා Kabhi Eid Kabhi Diwali හි ප්‍රධාන කාන්තා චරිතය රඟන දකුණු ඉන්දීය නිළි Pooja Hedge ද සම්බන්ධ වී තිබෙනවා.
ප්‍රධාන චරිත ද්විත්වය රගපාන Salman Khan සහ Pooja Hedgeට අමතරව Venkatesh, Shehnaaz Gill, Jassie Gill, Siddharth Nigam, Raghav Juyal, Jagapathi Babu වැනි ඉන්දියාවේ සියලුම ප්‍රධාන සිනමා කර්මාන්ත ආවරණය වන ජනප්‍රිය නලු නිළියන් පිරිසක්ම මේ නිර්මාණයට ගිවිසුම්ගත වී සිටිනවා. සල්මාන්ගේ පෙර චිත්‍රපටවලට වඩා වැඩි දකුණු ඉන්දීය රංගන ශිල්පීන් පිරිසක් මීට එක්ව තිබීමත් විශේෂත්වයක්! රංගන ශිල්පීන්ගේ මෙම විවිධත්වය නිසාම, මින් පෙර දකුණු ඉන්දියාව තුළ සල්මාන් ඛාන්ගේ චිත්‍රපට තිරගත වූවාට වඩා දැඩි පුළුල් සිනමාශාලා ප්‍රමාණයක Kabhi Eid Kabhi Diwali මුදා හැරීමට නිෂ්පාදක කණ්ඩායම තීරණය කර ඇතැයි සිතන්නට හැකියි.
ප්‍රධාන පෙළේ පුවත් අඩවි වාර්තා කරන පරිදි Jassie Gill, Ragav Juyal හා Siddharth Nigam රඟපෑමට නියමිතව තිබෙන්නේ සල්මාන් ඛාන්ගේ සොයුරන්ගේ චරිත ත්‍රිත්වයකුයි…
මේ වනවිට ඔවුන් තිදෙනා සහ Salman Khan රඟන දර්ශන කිහිපයක වැඩ කටයුතු පවා අවසන් වී තිබෙනවා.
රංගන ශිල්පීන් පමණක් නොවෙයි, Kabhi Eid Kabhi Diwali හි සංගීත අධ්‍යක්ෂණය පවා මෙවර ලබා දී තිබෙන්නේ දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරයෙකුට වීම බොලිවුඩය පුරාම කතාබහට ලක් වූ පුවතක් වුනා. උතුරු ඉන්දියානු සිනමාවේ දැවැන්තම රංගන ශිල්පීන් තිදෙනාගෙන් එක් අයෙකු ප්‍රධාන චරිතය රඟපාන සිනමා නිර්මාණයක සංගීතය හසුරුවන්නට සාමාන්‍යයෙන් අවස්ථාව හිමි වන්නේ උතුරු ඉන්දියානු හින්දි සිනමාවේම දැවැන්තයෙකුට! නමුත් මෙවරත් එම අවස්ථාව තෙළංගානා ප්‍රාන්තයේ සංගීතවේදියෙකුට ලබා දීම ක්ෂේත්‍රයේ ඇතමුන්ගේ කණස්සල්ලටත් හේතු වී තිබෙනවා.
කෙසේ වුවත් දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරයෙකුට හිමිවන මෙම දුලබ අවස්ථාවට හිමිකම් කියූයේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය Devi Sri Prasad හටයි. Devi Sri Prasad විසින් සංගීතය සැපයූ, Allu Arjun රඟපෑ Pushpa: The Rise චිත්‍රපටය බොලිවුඩයේ පවා අතිශය ජනප්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ අවස්ථාව ඔහුට ලැබුණා විය හැකියි. Anniyan වැනි විශිෂ්ට ඉන්දියානු නිර්මාණවල කැමරා අධ්‍යක්ෂණය කළ V. Manikandan මෙම චිත්‍රපටයත් සම්බන්ධව සිටින අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිත anticipated හින්දි සිනමාපටයක් වන Brahmastra හි කැමරාව හසුරවන ලැබුයේ ද ඔහු විසිනි.
අධ්‍යක්ෂණය මෙන්ම Sajith Naidwala සමඟ චිත්‍රපටයේ එක්වෙමින් කතාව- තිරපිටපත රචනා කර තිබෙන්නේ ද Farhad Samji විසිනුයි. නමුත් එහි කතා තේමාව සහ චිත්‍රපටයේ අඩංගු සිද්ධීන් ගැන කිසිදු සැලකිය යුතු තොරතුරක් මාධ්‍යයට අණාවරණය වී නැහැ. නිෂ්පාදක කණ්ඩායම ඒ කාරණය ගැන බොහොම සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් චිත්‍රපටයේ plot details කිසිවක් පිටත පුද්ගලයන්ට හසු නොවීමට වග බලාගෙන තිබෙනවා. මාධ්‍යය පවා අධ්‍යක්ෂක Farhad Samjiගෙන් ඒ පිළිබඳව ඇසූ සෑම අවස්ථාවකදීම පාහේ ඔහු ඊට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.
“Everyone is writing their own version about the film, but we have not made any official announcement. The media is either reading my mind or just doing some sort of prediction. I truly believe, silence is golden. I believe, ‘Toofan Ke Pehele Khamoshi Hoti Hai… And Yeh Woh Khamoshi Ka Pal Hai,’.”
සුපුරුදු පරිදි සල්මාන් ඛාන් හා ඔහුගේ සොයුරන්ට අයිති Salman Khan Films නිෂ්පාදන ආයතනය විසින්ම මෙහි නිෂ්පාදන පිරිවැය දරන අතර මෙම වසර අග භාගය වන විට චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. ඇතැමුන් මෙය Veeram නැමැති දමිළ චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් බවට හඳුන්වා තිබුණත් චිත්‍රපටයට සම්බන්ධ වූ කණ්ඩායමෙන් ඊට නිසි ප්‍රතිචාරයක් තවමත් ලබා දී නැහැ. එනිසා, මෙය එවැනි දමිළ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් බව ප්‍රකාශ කිරීම දැනට අපහසුයි..!! මන්ද යත්, Kabhi Eid Kabhi Diwali නිර්මාණය කර තිබෙන්නේ Veeram අනුසාරයෙන් යැයි තහවුරු කරගත හැක්කේ එහි කතා තේමාව නිල වශයෙන් මාධ්‍යයට අණාවරණය කළ පසුව පමණක් වීමයි.
චිත්‍රපටය තිරගත කිරීම සඳහා දැනට දින නියම වී ඇත්තේ එළඹෙන දෙසැම්බර් 30 වනදායි. ඇතැම්විට මෙම දිනය එළඹෙන වසරේ ජනවාරි මාසය දක්වා කල් යෑමට හැකියාව ඇති බවත් ඉන්දීය මාධ්‍ය කිහිප වරක්ම වාර්තා කර තිබුනා.
Written by Kavinu Weerakkody