මධුර චාරිකා 16 වැනිදා සිට
සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසුරිය නවතම සිනමා නිර්මාණය “මධුර චාරිකා” මාර්තු 16 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. පසුගිය වසරේ නිෂ්පාදන කටයුතු අවසන් කළ මේ චිත්රපටයේ මංගල දර්ශනය 16 වනිදා පැවැත්වීමට නියමිත බව පැවසෙනවා. උදයකාන්ත වර්ණසුරිය නිර්මාණය කළ මෙහි ප්රධාන චරිතය නිරූපණය කරන්නේ ප්රවීණ රන්ගවේදී හේමසිරි ලියනගේ විසින්. ළමා නළුවකු ඔහු සමග උප ප්රධාන චරිතයට රංගනයෙන් දායක වනවා. නලින් ප්රදීප් උඩුවෙල, මාධනි මල්වත්ත, ඇතුළු තවත් ප්රවීණ නළු නිලියන් පිරිසක් මෙහි රංගන දායකත්වය සපයා තිබෙනවා.
වින්ට්සන් නමැති මහලු වියේ පසුවන පුද්ගලයා තරුණ අවදියේ චිත්රපට රංගනයට දායක වුවෙක්. නමුත් වියපත් වීමත් සමග ඔහු නිවෙසටම වී කාලය ගත කරන නමුත් සිනමා පුවත්පත් සියල්ල නියමිත දිනයේම මිලදී ගැනීමත් කඩමණ්ඩියේ පිරිස් සමග පසුගිය අතීත සිනමා අත්දැකීම් බෙදා ගැනීමත් ඔහුගේ පුරුද්දක්. අහඹු ලෙස සරසවිය පුවත්පතින් ඔහු දකින්නේ චිත්රපට සංස්ථාවේ සංවත්සරයක් පැවැත්වෙන බව. ඒ සඳහා කොළඹට පැමිණෙන ඔහුගේ තනියට සිටින්නේ ඔහුගේ කුඩා මුනුබුරා. මේ දෙපලගේ කොළඹට පැමිණීම සහ ඒ අතරතුර මුහුණ දෙන අත්දැකීම් සහ ඔවුන්ගේ ගමනේ අවසානය මේ චිත්රපටය හරහා දිගහැරෙනවා.
වර්ෂ 1997 මහමෙර උසට චිත්රපටය නිර්මාණය කරමින් උදයකාන්ත වර්ණසුරිය සිනමාවට ප්රවිෂ්ට වුනා. 1998 නිර්මාණය කළ ගිනි අවි සහ ගිනිකෙළි, 1999 බහු බාර්යා, 2000 වසරේ නිර්මාණය කළ රාජ්ය සේවය පිණිසයි චිත්රපට ප්රේක්ෂක විචාරක අවධානයට ලක්වුනා. ඔහුගේ නවතම නිර්මාණය මධුර චාරිකා තිරගත වනවා සේම, ඊළඟ නිර්මාණය වන වස්සානයේ සඳ චිත්රපටයත් තිරගත වීමට නියමිත ලැයිස්තුවේ තිබෙනවා.
Written by Nisanka Weheraduwa