මීගමුවට නවතම සිනමා ශාලාවක් – Aqua Lite 3D
වසර පුරාවට තිරගත වන දෙස් – විදෙස් ජනප්‍රිය සිනමාපට නරඹන්නට සුදුසු අන්දමේ, නවතම තාක්ෂණයෙන් සපිරුනු සිනමා ශාලාවක අඩුපාඩුව මීගමුව පුරවරයේ සිටින චිත්‍රපට ලෝලීන්ට නම් සෑහෙන කාලයක් පුරාවට තිබුනු ගැටළුවක්.
කෙතරම් විනෝදාස්වාදයට බර ප්‍රදේශයක් වුවත්, මීගමුව සහ ඒ අවට සිටින සිනමා ලෝලීන්ට අලුතින්ම නිකුත් වන හොලිවුඩ් – බොලිවුඩ් – සහ ලාංකීය චිත්‍රපට පුළුල් තිරයේ නරඹන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් මේ වනවිට, ඒ අඩුපාඩුව මඟ හරවමින්, නවතම තාක්ෂණයෙන් සපිරුනු අලුත්ම සිනමා ශාලා පරිශ්‍රයක් මීගමුව පුරවරයේ විවෘත වී තිබෙනවා.
ඒ Lite Cinemas සිනමාහල් ජාලයේ නවතම සිනමා ශාලාව ලෙසින් විවෘත වුනු, මීගමුවේ “AQUA LITE 3D” සිනමා හලයි. සාධාරණ දැරිය හැකි මුදලකට, 2D සහ 3D චිත්‍රපට රැසක් ගුණාත්මක තත්වයෙන් නරඹන්නට ඔබට දැන් මෙයින් අවස්ථාව ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම පුළුල් තිරවලින් එකක් ලෙසට හැඳින්වෙන මෙහි, 2K තත්වයේ 3D Digital Projection ප්‍රක්ෂේපණයක් දැකගත හැකියි.
නවීන 7.1 Dolby Surround Sound Systems ශබ්ද මාලා නිසා තියුණු පරාසයකින් සිනමාපට රස විඳින්නටත් හැකියාව තිබෙනවා. සුවපහසු ආසනවලින් සමන්විත Aqua Lite 3D සිනමාහල් පරිශ්‍රය තුළ ප්‍රමාණවත් වාහන නැවතුම් අංගනයක් ද පිහිටා තිබෙන නිසා ඔබේ පවුලේ සැමට ගොස් සිනමාපටය රස විඳින්නට කිසිදු බාධාවක් නැහැ.
මෙය ODC ආසන 195ක් සහ BOX ආසන 29කින් සමන්විත විශාල ප්‍රමාණයේ සිනමාහලක්.
Aqua Lite 3D සිනමා ශාලාවෙ හි ටිකට්පත් ගාස්තුවද සාපේක්ෂව අඩු නිසා ඔබට තවත් වාසිදායකයි.
2D සිනමාපටයකට = රු 550
3D සිනමාපටයකට = රු 650
පසුගිය මාර්තු 31වනදා යෙදුනු සුබ මොහොතින් මෙම සිනමාහල ප්‍රේක්ෂකයින්ට විවෘත වුනු අතර එම අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න, නීටා ප්‍රනාන්දු, බුද්ධික ජයරත්න, අර්ජුන කමලනාත්, සුනිල් ටී ප්‍රනාන්දු, උදයකාන්ත වර්ණසූරිය වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ව සිටියා.
Lite Cinemas ජාලයට අයත් සිනමාශාලා රැසක් දිවයින පුරා පිහිටා තිබෙන අතර මාතර – මහරගම – මොරටුව – හෝමාගම – කිරිඳිවැල – කඩවත – අවිස්සාවේල්ල වැනි ප්‍රෙද්ශ රැසක ඔවුන්ගේ සිනමා ශාලා ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාවේ දෙවනියට වැඩිම සිනමාහල් ප්‍රමාණය තිබෙන්නේ ඔවුන් සතුවයි. මීගමුව ප්‍රෙද්ශයේ ආරම්භ කළ Aqua Lite 3D පරිශ්‍රය ඔවුන්ගේ 10වන සිනමා හලයි.
අනුර ජසෙන්තුලියන සහ පාලිත පෙරේරාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන Lite Cinemas ජාලයේ තවත් නවතම සිනමා ශාලාවක් නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.
Written by Kavinu Weerakkody