රජිනි කාන්ත් දේශපාලනයට – පළමු මහජන රැළිය පවත්වයි
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් දේශපාලනයට පිවිසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ අග භාගයේ මෙලෙස හෙතෙම දේශපාලනයට පැමිණීමට තීරණය කොට තිබෙනවා. නමුත් ඔහු සිය ප්‍රසිද්ද ජන හමුව පවත්වා ඇත්තේ මිට දින කිහිපයකට පෙර බවයි පැවසෙන්නේ.
රජිනි කාන්ත් සහභාගී වූ පළමු දේශපාලනික රැස්වීම සඳහා අති විශාල ජනකායක් රැස්ව සිටි බව සඳහන්. ජනතාව අමතමින් රජිනි කාන්ත් පවසා ඇත්තේ දේශපාලනයේ මේ වනවිට පවතින හිඩැස පිරවීම සඳහා තමන් මෙලෙස එම ක්ෂේත්රයට පිවිසුණු බවයි. “එම්. පී. රාමචන්ද්‍රන් වැනි දේශපාලකයින් අහිමි වීම බලවත් පාඩුවක්, එවැනි අය වසර දහස් ගනනකට වත් නැවත බිහි වන්නේ නැහැ, ජයලලිතා වැනි දේශපාලනික නායකයින් අහිමි වූ පසුව ඒ හිඩැස පිරවීමට හැකි අය දේශපාලනයට පිවිසිය යුතුව තිබෙනවා, ඒ නිසයි දේශපාලනයට ඒමට තීරණය කලේ” යනුවෙන් හෙතෙම ජනතාව අමතමින් පවසා තිබෙනවා.
Written by Nisanka Weheraduwa