ලංකාවම කැළඹූ ‘කොටකෙතන’ ඝාතන සිද්ධිය සිනමාවට
ලංකාවම භීතියට පත් කළ ඝාතන රැල්ලක සත්‍ය කතාව ඇසුරෙන්, ජනක ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන, කොටකෙතන (KOTAKETHANA) නවතම ලාංකීය චිත්‍රපටයෙ හි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.
ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන මෙම සිනමාපටයේ පෙර – නිෂ්පාදන කටයුතු සහ රූගත කිරීම් ද මේ වනවිට ඇරඹී තිබෙනවා. කොටකෙතන (KOTAKETHANA) චිත්‍රපටයේ තිරපිටපත දිග හැරෙන්නේ රත්නපුර, කොටකෙතන ප්‍රෙද්ශයේදී කාලයක් පුරා සිදු වුනු, අභිරහස් කාන්තා ඝාතන රැල්ල මුල් කරගෙනයි.
මෙය 2008 වර්ෂයේ සිට 2016 පමණ දක්වා විහිද ගිය සිදුවීම් දාමයක්. ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබූ මෙම සිද්ධිය වසර 08ක පමණ කාලයක් රටම කැළඹීමට පත් කළ අතර, ගමේ ජීවත් වුනු අහිංසක කාන්තාවන් දොළහක් පමණ ඝාතකයාට ගොදුරු වනවා. මෙහි දරුණුතම ඛේදවාචකය වසර දොළහක් යන තෙක්ම පොලිසියට, STF නිලධාරීන්ට හෝ CID නිලධාරීන්ට නිවැරදි ඝාතකයා සොයා ගැනීමට නොහැකි වීමයි.
කොටකෙතන ඝාතකයා ඒ තරමට සූක්ෂම වන්නට වග බලා ගන්නවා.
කොටකෙතන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ චිත්‍රපටයේ තිරපිටපත ගොඩ නංවන්නේ අවුරුදු තුනහමාරක කාලයක් පර්යේෂණ සිදු කරමින්…
කොටකෙතන (KOTAKETHANA) සිනමාපටය මේ අතුරින් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා මරණ හතරක් වටා දිව යනවා. විටෙකදී මුහුණ වසාගත් නාඳුනන ඝාතකයෙකු මෙම මරණ සිදු කරන බවත්, තවත් විටෙකදි එම ඝාතනම එම කාන්තාවන්ගේ අසල්වැසියන්, ඥාතීන් සිදු කරන බවත් හැඟෙන නිසා පොලීසියට පවා සිය පරීක්ෂණ කටයුතු සාර්ථක කරගන්නට හැකි වන්නේ නැහැ. ඝාතන රැල්ල ගම්වාසීන් – ජනමාධය – අත්භූත පිරිස් – පොලීසිය තම තමන්ගේ කෝණවලින් තේරුම් ගන්නට උත්සාහ කරන නිසා මෙම සිද්ධිය අවුල් ජාලාවක් බවට පත් වන්නේ නිතැතින්මයි.
සැබැවින්ම මෙම ඛේදවාචකයේ යථාර්තය කුමක්දැයි කියා කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වන අතර, වසර ගණනාවකට පසුව කිසිවෙකුත් නොසිතූ අන්දමේ අවසානයකින් මෙම ඝාතන රැල්ලට තිත තැබෙන්නේ පොලිසීයේ විශාල පරිශ්රමය හමුවේයි…
මෙම අභිරහස් සිද්ධි දාමය ඇසුරෙන් ජනක ලියනගේ අධ්‍යක්ෂණය කරන කොටකෙතන (KOTAKETHANA) සිනමාපටයට මෙරට ප්‍රසිද්ධ – ජනකාන්ත නලු නිළියන් රැසක්ම රංගනයෙන් එක්වනවා. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන චමත්කා ලක්මිණි සහ මධුෂානි වික්‍රමසිංහ මෙහි ප්‍රධාන චරිත ද්විත්වයක් නිරූපණය කරනවා.
චිත්‍රපටයේ තිර පිටපත ද ජනක ලියනගේ විසිනි. කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය ලාල් හරේන්ද්‍රනාත් විසිනි. දුමින්ද පෙරේරා මෙහි කැමරා අධ්යක්ෂකවරයායි. ශාක්‍යා වීරසිංහගේ සංගීතයෙන් හැඩවන කොටකෙතන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය විජේසිරි මල්ලිකා ආරච්චිගේ යි.
සුළඟ අප රැගෙන යාවි – ඇවිලෙන සුලුයි – ආයු වැනි සිනමාපට රැසකට සංස්කරණයෙන් දායක වූ සමන් ඇල්විටිගල මෙම සිනමාපටයේ සංස්කරණ ශිල්පියායි. දර්ශන තල ශබ්ද පටිගත කිරීම මිතුන් කරුණාතිලකයි. සසික රුවන් මාරසිංහ චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණයත්, දිනේශ් කන්කානම්ගේ වේෂ නිරූපණයත්, රංග රුවන් ප්‍රසන්න සහ සිසිර වෙඩික්කාර නිෂ්පාදන කළමනාකරණයත් සිදු කරනවා.
කොටකෙතන චිත්‍රපටයේ නිෂ්පාදනය Media Gang Cinema විසිනි.
Written by Kavinu Weerakkody