විද්‍යා බාලන්ගේ රහස් පරීක්ෂක මෙහෙයුම
උතුරු ඉන්දීය රංගන ශිල්පිනි Vidya Balan රංගනයෙන් දායක වන අලුත්ම සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹී තිබෙනවා. Suspense thriller ගණයට අයත් වන මෙම සිනමාපටය නම් කර තිබෙන්නේ “Neeyat” යනුවෙනුයි. බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ කිහිපයක් පසුබිම් කරගෙන මෙලෙස ඇරඹී තිබෙන්නේ චිත්‍රපටයේ පළමු දර්ශන කොටසේ රූගත කිරීම් කිහිපයක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වසර මුලදී නිකුත් වූ Jalsa හින්දි සිනමාපටයෙන් පසුව Vidya Balan සහභාගී වන පළමු ව්‍යාපෘතිය මෙය වන අතර මෙහි අධ්‍යක්ෂකවරිය වන්නේද Vidya Balanගේ මෑතකාලීන ජනප්‍රියම නිර්මාණයක් අධ්‍යක්ෂණය කළ කාන්තාවකුයි. ඒ 2020 වසරේදී ඇය ප්‍රධාන චරිතය නිරූපණය කළ Shakunthala Devi අධ්‍යක්ෂණය කළ Anu Menon විසිනුයි.
චිත්‍රපටයේ කතා තේමාව ගැන තොරතුරු මේ මොහොතේ අණාවරණය නොවී තිබුණත් ප්‍රේක්ෂකයාව ඇඳ බැඳ ගන්නා ත්‍රිලර් වස්තු බීජයක් වටා නිර්මාණය ගෙතී තිබෙන බවට අධ්‍යක්ෂිකා Anu Menon සනාථ කළා. මෙය විද්‍යා බාලන් සහ ඇගේ සුසංයෝගයෙන් බිහි වූ පළමු චිත්‍රපටය වන Shakunthala Deviට හාත්පසින්ම වෙනස් නිර්මාණයක් වනු ඇති බවටත් Anu Menon එහිදී සඳහන් කළා.
විද්‍යා බාලන් රංගනයෙන් දායක වන චරිතය වටා ගෙතෙන Neeyat චිත්‍රපටයේ සහාය – උපප්‍රධාන චරිතවලට පණ පොවන රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව Vidya Balanට අමතරව Ram Kapoor, Rahul Bose, Mita Vasishth, Neeraj Kabi, Shahana Goswami, Dipannita Sharma, Shashank Arora, Prajakta Koli සහ Danesh Razvi වැනි ප්‍රවීණ නලු නිළි පිරිසක් ද මෙම නිර්මාණයට සම්බන්ධ වී තිබෙනවා. දැනට වාර්තා වන අන්දමට චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය නිරූපණය කිරීමට ගිවිසුම්ගත වී තිබෙන්නේ බොලිවුඩයේ දක්ෂ චරිතාංග නලුවෙකු වන Amrita Puriයි.
විද්‍යා බාලන් විසින් Mira Rao නැමැති රහස් පරීක්ෂිකාවකගේ චරිතයක් නිරූපණය කරන මෙම චිත්‍රපටය ගැන ඇය සිය රසිකයින්ට දැනුම් දුන්නේ මෙහෙමයි,
“Black. White. Grey. Devious motives come in all shades. Thrilled to bring to you a whodunnit like no other with this amazing ensemble – #Neeyat And I cannot wait to get back with my #ShakuntalaDevi director @directormenon and my dearest @abundantiaent & @ivikramix along with @primevideoin.”
විද්‍යා බාලන් රඟපෑ චිත්‍රපටයක් අවසන් වතාවට සිනමා තිරයේ ප්‍රදර්ශනය වූයේ මීට වසර 03කටත් ඉහතදී යි. 2019දී Mission Mangal චිත්‍රපටයෙන් පසුව ඇය රඟපෑ කිසිදු නිර්මාණයක් සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා යොමු වූයේ නැහැ. Vidya අවසාන වතාවට රඟපෑ වෘතාන්ත චිත්‍රපට ත්‍රිත්වයම සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Direct OTT මාධ්‍යයෙන් අන්තර්ජාලයට නිකුත් කිරීම සිදුවුනා.
2019 වර්ෂයේදී Shakunthala Devi… 2020 වර්ෂයේදී Sherni… සහ 2021 වර්ෂයේදී Jalsa…
ඇගේ මේ චිත්‍රපට ත්‍රිත්වයම කිසිදු චිත්‍රපට ශාලාවකට මුදා හැරියේ නැහැ. ඒ වෙනුවට Amazon Prime ප්ලැට්ෆෝමය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාව ලැබුණත් විද්‍යා බාලන්ගේ රසිකයින් නම් සිටියේ ඒ ගැන බොහොම නොසතුටෙන්! මන්ද යත්, කෝවිඩ් වසංගතය නිසා බොලිවුඩයේ බොහෝ නිර්මාණ Direct OTT මාධ්‍යයෙන් පිට වුණත් 2020 අවසන් භාගය වනවිටම හින්දි රංගන ශිල්පීන් නැවතත් තමන්ගේ චිත්‍රපටවලට සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබා ගත්තා. නමුත් එවැනි තත්වයකදීත්, Vidya Balanගේ නිර්මාණ දිගින් දිගටම නිකුත් වුණේ අන්තර්ජාලය හරහා පමණයි!
Neeyat නිෂ්පාදනය සඳහා Abundanita Productions සිනමා ආයතනයට අමතරව Amazon Prime කණ්ඩායමත් එක්ව සිටින නිසා මේ චිත්‍රපටයත් සිනමාශාලා ප්‍රදර්ශනයට ලබා නොදෙනු ඇති බවයි බොලිවුඩයේ බොහෝ දෙනෙකු පවසන්නේ. ඒ අනුව Amazon Prime හරහා පිට-පිටම විද්‍යා බාලන්ගේ චිත්‍රපටයක් සෘජුවම අන්තර්ජාලයට නිකුත් වන සිව්වන අවස්ථාව වීමට නියමිතව තිබෙන්නේ මේ Neeyat සිනමා නිර්මාණයයි.
Neeyat හි පාදක කතාව සහ වස්තු බීජය Advaita Kalaගෙනි. දෙබස් Kausar Munir විසිනි. ඊට අමතරව මෙහි තිර පිටපත රචනය සඳහා තවත් සිව් දෙනෙක් එක්ව තිබෙනවා. අධ්‍යක්ෂිකා Anu Menon හැරුනුවිට Priya Venkataraman, Advaita Kala සහ Girvani Dhyani ද Neeyat තිර රචනය සඳහා එක්වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ…
Neeyat හි අධ්‍යක්ෂිකාව වන Anu Menon ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී London, Paris, New York නැමැති දිගු වෘතාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනුයි. නමුත් ඊට ප්‍රේක්ෂකයින්ගෙන් එතරම් සුබවාදී පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඉන්පසුව 2015දී තවත් සිනමාකරුවන් දස දෙනෙකු සමඟ එක්වෙමින් X: Pat is Present නැමැති සිනමා ව්‍යාපෘතියට ඇය සම්බන්ධ වුනා. විද්‍යා බාලන් සහ ඇගේ සුසංයෝගයෙන් නිමැවෙන පළමු චිත්‍රපටය වන Shakunthala Devi නිර්මාණය වන්නේ ඉන් පසුවයි.
විද්‍යා බාලන්ගේ මෑතකාලීන සිනමා ජීවිතයේ සාර්ථකම නිර්මාණයක් ලෙස හැඳින්වෙන Shakunthala Devi වෙනුවෙන් ඇය හොඳම රංගන ශිල්පිනියට හිමි Filmfare සම්මානයටත් නිර්දේශ වුනා.
Amazon Prime India නිල ට්විටර් ගිණුම ඔස්සේ Neeyat චිත්‍රපටය ගැන මාධ්‍යයට අණාවරණය කළේ මෙලෙසයි,
“ Neeyat: promises to make you bite your nails off!
A billionaire’s birthday getaway turns into a murder mystery. Detective Mira Rao must get to the truth
#PrimeVideoPresentsIndia #SeeWhereItTakesYou “
දැනට වාර්තා වන පරිදි මෙම වසර අග භාගයේදී Amazon Prime තුළින් මෙය මුදා හැරීමට නියමිතයි.
Written by Kavinu Weerakkody