ශ්‍රී සිද්ධා – මහා විජයබාහු රජතුමාගේ ජීවිත කතාව සිනමාවට
දකුණු ඉන්දියානු චෝළ අධිරාජ්‍යය මෙරට ආක්‍රමණය කර, සමස්ත දිවයිනෙන් විශාල භූමි ප්‍රමාණයක් ඔවුන්ගේ අණසකට ගෙන තිබූ කාල පරිච්ඡේදයක, එම විදෙස් ආක්‍රමණිකයින් මෙරටින් පළවා හරිමින්, පොළොන්නරු යුගයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක්සේසත් කිරීමේ ගෞරවය හිමි වන්නේ පළමුවන විජයබාහු රජතුමා හෙවත් කිත්ති කුමාරයාටයි.
නමුත් ඔහුගේ ළමා කාලය රජ සැප මැද ගෙවුනු සුන්දර කාල පරිච්ඡේදයක් නම් නොවේ. නමුත් තමන් පසුපස හඹා එන චෝළ හේවායින්ගෙන් සැඟවෙමින්, තැනින් තැන වනාන්තර වල කටුක ජීවිතයක් ගත කරමින්, හොර රහසේම බළ ඇණි සූදානම් කරගත් කිත්ති කුමාරයා අවසානයේදී චෝළ ආක්‍රමණිකයින් මෙරටින් පළවා හරින්නටත් සමත් වුනා.
මේ ඵෙතිහාසික කතා පුවත අනුසාරයෙන් ලාංකීය සිනමාවට නැගුනු නවතම සිනමා නිර්මාණය තමයි, ශ්‍රී සිද්ධා…
පළමුවන විජයබාහු රජතුමා සහ ඔහුට උපකාර කළ බුදල්නා සෙනවිගේ ජීවිත කතාව වටා ගෙතෙන ශ්‍රී සිද්ධා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රියර් අද්මිරල් සරත් වීරසේකර විසිනුයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ ගාමණී චිත්‍රපටයත් ආදායම් වාර්තා තබමින් තිරගත වුනු ජනප්‍රිය සිනමාපටයක්.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වන්නේ දිනෙත් ද සිල්වා සමඟින් උදාරි වර්ණකුලසූරියයි. ඊට අමතරව ජගත් චමිල, පබෝදා සංදීපනී, රිටිගල සුමේධ, සචිත්‍ර වීරසේකර, බුද්ධික ජයරත්න, කුමාර තිරිමාදුර, ගීතා කාන්ති ජයකොඩි, වසන්ත විට්ටච්චි ඇතුලු නලු නිළියන් බොහෝ ප්‍රමාණයක් මෙම සිනමාපටය හරහා ඔබට දැක ගන්නට පුලුවන්.
මේ වනවිට දිවයින පුරා සිනමාහල් 50කට ආසන්න ප්‍රමාණයක තිරගත වන ශ්‍රී සිද්ධා චිත්‍රපටයට මෙරට සිනමා රසිකයින්ගෙනුත් බොහෝ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඵෙතිහාසික කතාන්දර ඇතුලත් චිත්‍රපට නරඹන්නට මෙරට රසිකයින් දක්වන උනන්දුව නිසාම දිනපතා බොහෝ නරඹන්නන් පිරිසක් ශ්‍රී සිද්ධා නැරඹීමට පැමිණෙන බවත් සඳහන්…
අධ්‍යක්ෂණයට අමතරව මෙහි තිර පිටපත රචනා කළේ ද රියර් අද්මිරල් සරත් වීරසේකරයි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන් සහ ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් එක්ව තිබෙනවා. සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියයි. සශින් ගිම්හාන් පෙරේරා චිත්‍රපටයේ ශබ්ද පරිපාලන ශිල්පියායි.
පහත සබැඳිය ඔස්සේ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.
පනාකඩුවේ තඹ සන්නසේ ඵෙතිහාසික අණාවරණය සිනමාවට නැඟුනු ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය සිදු කළේ මෙරට ජනප්‍රිය අංගම් සටන් ශිල්පියෙකු වන රිටිගල සුමේධ විසිනුයි. ඔහු අධ්‍යක්ෂකවරයාගේ පළමු සිනමාපටය, ගාමණී හි සටන් වින්‍යාසයටත් එකතු වී තිබෙනවා. ඊට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහාත් රිටිගල සුමේධ රංගනයෙන් එකතු වනවා.
සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහයි. අංග රචනය ප්‍රියන්ත දිසානායක විසිනි.
ශ්‍රී සිද්ධා නිෂ්පාදනය කරන්නේ ආචාර්ය ගුණපාල රත්නසේකර – තුසිත විජේසේන සමඟින් මාලිකා ජයසූරිය එකතුවෙනි.
දැන් දිවයින පුරා Regal, Savoy, Lite Cinemas ඇතුලු සිනමා හල් ගණනාවකදී ඔබට ශ්‍රී සිද්ධා රස විඳීමට පුලුවන්!
Written by Kavinu Weerakkody