සැබෑ ආදරයට සොබාදහමත් අවනත වුන අපූරුව

Avatar Nisanka Weheraduwa | December 3, 2018 128 Views 0 Likes 0 Ratings

128 Views 0 Ratings Rate it

ආදරය කියන්නේ ශක්තියක්. ඒක කෙනෙක් කියන සරළ කතාවක්ම නොවෙයි. කාලාන්තරයක් තිස්සේ විවිධ කාරණා නිසා විටින් විට සැබෑ බව ඔප්පු වුනු දෙයක්. ආදරය සැබෑවක් නම් ඒ ශක්තිය විශ්ව ශක්තියක් විදිහට ජීවින් වටා සැරිසරනවා කියල කෙනෙක් කිවුවොත්..? තව සමහරෙක් මේකට හාස්කමක් නැත්නම් ආශ්චර්යක් කියලත් කියන්න පුළුවන්. ඔය මොන විදිහට හැඳින්වුවත් එතන තියෙන්නේ සැබෑ ආදරයේ ශක්තිය.

Mansoor කියන්නේ මුස්ලිම් තරුණයෙක්. ඉන්දියාවේ Uttarakhand ප්‍රදේශයේ Kedarnath පන්සල අවට සංචාරක මගපෙන්වන්නෙක් විදිහට වැඩ කරනවා. මේ අතරේ පන්සල වඳින්න යන්න එන ලස්සන තරුණියක් ඔහුට හමු වෙන්නේ ඔහු ඒ පිරිසේ මගපෙන්වන්නා වූ නිසා. ඇය නමින් Mukku. සාම්ප්‍රදායික හින්දු පවුලක තරුණියක්. මේ දෙන්නා සංචාරය අතරතුර බොහොම සමීප වනවා. අවසානයේ දෙන්නාටත් නොදැනීම ආදරයක් හටගන්නවා. සාම්ප්‍රදායික හින්දු තරුණියකගේ සහ ටුවර් ගයිඩ් මුස්ලිම් කොල්ලකුගේ ආදරයක් මේ පවුල් මොන විදිහට බාරගනියිද කියන එක ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නා මුහුණදෙන්නේ දැවැන්ත ඛේදවාචකයකට. නමුත් දෙදනාගේම ආදරය ගැන තිබෙන විශ්වාසය නැති වන්නේ නැහැ. අවසානයේ මේ ආදරය පරික්ෂාවට ලක් වන්නේ ලෝක ධර්මතාවය වන සොබාදහමින්.

දහස් ගණනකට ජිවිත අහිමි කළ, අවතැන් වුනු, Uttarakhand මහා ගංවතුර ගලන්නේ මේ ආදරය පරික්ෂාවට ලක් කරමින්. අවසානයේ ඒ රුදුරු ගංවතුරට Mansoor සහ Mukkuගේ හදවතේ ඇතිවුනු ආදරය සොරාගත හැකිවීද..? මේ ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර දැනගන්න නම් ඔබට දෙසැම්බර් 08 වැනිදා වනතෙක් ඉවසන්නට සිදු වනවා.

Abhishek Kapoor තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ Kedarnath චිත්රපටයෙනුයි අපට මේ කතාව හමුවන්නේ. චිත්‍රපටයේ මූලික නිර්මාණ කටයුතු 2017 වසරේ පටන් ගත්තත් එය අවසන් වන්නේ 2018 වසරේ. අවසානයේ දෙසැම්බර් 08 වැනිදා චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. Sushant Singh Rajput චිත්‍රපටයේ Mansoor ලෙස රංගනයෙන් එක්වනවා. Sara Ali Khan සිය පළමු චිත්‍රපට රංගනය විදිහට Kedarnath චිත්‍රපටයේ Mukkuගේ චරිතය රඟපානවා. Nitish Bharadwaj, Alka Amin, Sonali Sachdev ඇතුළු පිරිසක් සෙසු චරිත වලට රංගනයෙන් එක් වනවා.

Share

128 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.