සියදිවි හානිකර ගැනීම එකම විසඳුම ද…?
ආතතිය, විශාදය සහ සියදිවි හානිකර ගැනීම පිළිබඳව යළිත් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවෙලා. මේකට හේතුව ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Sushant Singh Rajput මුම්බායිහි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගැනීම. මේ සිදුවීමත් එක්ක සමාජය තුළ විවිධ මතවාද කරලියට ඇවිත්. විශාදය නිසා සියදිවි නසාගත යුතුද..? කියන කාරණයට වෙනදාට වඩා වැඩි අවදානයක් යොමුවෙලා.
විශාදය හේතුවෙන් පසුගිය මාස හයක කාලයක් පුරා Sushant වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවත්, ලොක්ඩවුන් කාලසීමාව පුරාම ඔහු තනිව නිවසේ විසූ බවත් බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය පොලිසිය උපුටමින්. මේ කාලසීමාව තුළ ඔහු මානසිකව දැඩි පීඩනයක පසුවන්නට ඇතැයි පැවසෙන නමුත් ඒ පිලිබඳ තවම තහවුරු කරගෙන නැහැ. මේ සියදිවි නසාගැනීමට මූලික හේතුව කුමක්දැයි තවම හෙළිදරවු වී නැති බවයි පැවසෙන්නේ. ඔහුගේ හිටපු කළමනාකාරිනිය මීට දින කිහිපයකට පෙර තට්ටු ගොඩනැගිල්ලකින් පහලට පැන සියදිවි නසාගත් බව වාර්තා වන නමුත් ඒ සිදුවීම සුශාන්ත්ගේ මරණය සමග සම්බන්ධයක් ඇති බවටත් සාක්ෂි හමුවී නැහැ. කෙසේ නමුත් හුදෙකලාව සහ මානසික පීඩනයෙන් පසුවුනු ඔහු අවසානයේ ජීවිතයෙන් සමුගත්තා.
1986 ජනවාරි මස 27 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා වල ඉපදුන සුශාන්ත්, සාන්ත කැරන්ට් උසස් විද්‍යාලයෙන් සහ දිල්ලියේ කුලාචි ආදර්ශ පාසලින් අධ්‍යපනය ලබා තිබෙනවා. 2003 වසරේ ඔහු ඉංජිනේරු විද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්තේ සියළුම සිසුන් අතුරින් 07 වැනි ස්ථානය ලබාගනිමින්. පාසල් සමයේ භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගය ජයගැනීමටත් ඔහු සමත්ව තිබෙනවා. කාර්මික තාක්ෂණික ඉංජිනේරුවකු ලෙස අධ්‍යාපනය ලබන අතරම නර්ථනයටත් ඔහුගේ අවදානය යොමුවුනා. අවසානයේ ඔහු රංගනය ගැන විදිමත්ව ඉගෙන ගැනීමට පෙළඹී තිබෙනවා. ඉංජිනේරු අධ්‍යාපනය තුන්වැනි වසරෙන් නිමා කරන ඔහු පූර්ණ කාලීනව රඟපෑමට එකතු වුනා. වේදිකාව, වෙළඳ දැන්වීම් ආදිය සමග රංගන කටයුතු ආරම්භ කළ ඔහු බලාජි ටෙලි ෆිල්ම්ස් ආයතනයේ නිෂ්පාදනයක් වුනු Pavithra Rishta නාට්‍යයෙන් ඔහුගේ දස්කම් පෙන්වමින් ජනප්‍රිය වුනා. Abhishek Kapoor අධ්‍යක්ෂණය කළ Kai Po Che චිත්‍රපටයෙන් ඔහු සිනමා ගමන ඇරඹුවා. Shuddh Desi Romance චිත්‍රපටයේ පරීනිති චොප්රා සමග රඟපාමින් ඔහු තවත් ජනප්‍රිය වුනා. ඒ අතරතුර ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සින්ග් දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ M.S.Doni – The untold story චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු වැඩ වඩාත් ක්ෂේත්රයේ කැපී පෙනෙන නළුවකු බවට පත්වුනා. Raabta, Kedarnath, වැනි චිත්‍රපට වල රඟපෑ ඔහු අවසන් වරට Chhichhore චිත්‍රපටයේ රංගනයේ යෙදුනේ සියදිවි නසාගැනීම විසඳුමක් නොවන බවට දැනුවත් කෙරෙන කතා සංකල්පයකටයි.
කෙසේ නමුත් ඔහු සැබෑ ජීවිතයේදී ඒ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නා. “ඔබට මට මතුපිටින් බලා ඔහුගේ තීරණය විවේචනය කළ හැකියි, නමුත් මේක හරිම සංකීර්ණ තත්වයක්. කවුරු කොයි මොහොතේ විශාදය වගේ තත්වයකට ලක් වෙනවද කියන එක කියන්න අමාරුයි, ඒ තත්වයේදී ගන්නා තීරණ මොනවාද කියන එකත් ගැටළු සහගතයි. තිරයේදී ඔවුන්ගේ සිනාමුසු මුහුණු ඔබ දුටුවත් ඔවුන්ගේ ජීවිත වල ඇතුලාන්තයේ ඇති කතා ඔබ දන්නේ නැහැ, ඒ නිසා අපි සියදිවි හානිකර ගැනීමට එරෙහි දැනුවත් කිරීමේ අරගලයේ දිගටම යෙදමින් ඉන්නවා, නමුත් අවාසනාවට අපට පහුව අහිමි වුනා” යැයි වෛද්‍ය Prakriti Poddar මාධ්‍ය වෙත පවසා තිබුනා.
“සියදිවි හානිකරගත් පුද්ගලයින්ට එරෙහිව අපි විවිධ කතා කියනවා, නමුත් අපි ඒ තැනට වැටුනොත් මොන විදිහට හැසිරෙයිද කියන්න බහ, අපි තවම මානසික සෞඛ්‍ය කියන විෂයට දක්වන්නේ ඉතාම අඩු සැළකිල්ලක්, මානසික සෞඛ්‍ය කියන්නේ ඉතාම වැදගත් දෙයක්, ඒ ගැන අවධානය යොමු කරන්නත් තමන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම ගැන අවදානය යොමු කරන්නත් අපි හැමෝම කටයුතු කළ යුතුයි, ඒ අතරම අපි අවට ඉන්න අනික් අය ගැනත් සැළකිලිමත් වීම වැදගත්. ඔවුන් පෙලන පීඩනය ගැන අවබෝදයක් ලබාගැනීමත් අවශ්‍ය නම් ප්‍රතිකාර වලට යොමු කිරීමත් අපට කළහැකි වන්නේ එවිටයි. විශේෂයෙන්ම තමන්ව නොසලකා හරින, තමන් ගැන කලකිරීමෙන් ඉන්න, අවට සිටින සියල්ලම නොරුස්සන, නිතර කල්පනා කරන, කිසිවකින් සතුටු නොවන, තමන් ආසම කළ දේවල් පවා නොරුස්සන තත්වයක් ඔබ අවට සිටින ය තුළින් දුටුවහොත් දැඩි අවදානයෙන් පසුවීම අවශ්‍යයි. ඔවුන්ව ප්‍රතිකාර වලට යොමුකළ හැක්කේ ඔබටමයි” වෛද්‍ය Poddar තවදුරටත් පවසා තිබුනා.
Sushant Singh Rajput ජීවිතයෙන් සමුගෙන ගොස් අවසන්. කෙසේ නමුත් එවැනි ඛේදයක් ඔබ අවට සිටින අයකුට සිදු නොවීමට කටයුතු කිරීම ඔබේ වගකීමක්. අනිකා පිලිබඳ සහකම්පනය රඳවාගන්න.
Written by Nisanka Weheraduwa