ඇගේ ඇස අග සම්මාන රැසක් දිනයි

Avatar Nisanka Weheraduwa | October 8, 2017 248 Views 0 Likes 0 Ratings

248 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 පසුගියදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. 2016 වර්ෂයේ තිරගත කෙරුණු චිත්‍රපට 23ක් ඇගයීම්  සඳහා සුසුදුසුකම් ලබා තිබුනා.  එම වසරේ තිරගත කෙරුණු සිනමාපට තුනක් මෙහි වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශවී තිබීමත් විශේෂත්වයක්. ශමීර රංගන සිනමා නිර්මාණ “මෝටර් බයිසිකල්” සිනමාපටයත්, අසෝක හඳගම නිර්මාණය කළ “ඇගේ ඇස අග” සිනමාපටයත් විසාකේස චන්ද්‍රසේකරන් අධ්‍යක්ෂණය කළ සයපෙති කුසුම (Fragipani) සිනමාපටයත් මෙලෙස වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වුනා.

අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ ආචාර්ය ජගත් විජේනායක නිෂ්පාදනය කළ “ඇගේ ඇස අග” (Let her cry) චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උළෙලේ සම්මාන 05ක් දිනාගැනීමට සමත් වුනා.

වසරේ හොඳම චිත්‍රපටය – අසෝක හඳගම / ආචාර්ය ජගත් විජේනායක

හොඳම තිර රචනය – අසෝක හඳගම

වසරේ හොඳම නිළිය – ස්වර්ණා මල්ලවආරච්චි

හොඳම නැගීඑන නිළිය – රිතිකා කොඩිතුවක්කු

හොඳම ගේය පද රචනය – අසෝක හඳගම (ඇහැරෙන්න ඉතින්)

විශිෂ්ටතා සම්මාන කාණ්ඩය යටතේ වන සම්මාන පහකට හිමිකම් කීමට මෙම චිත්‍රපටයට හැකිවීම විශේෂත්වයක්.

“හොඳම චිත්‍රපටය විදිහට ඇගේ ඇස අග, සම්මාන ලබද්දී චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ආචාර්ය ජගත් විජේනායක මේ වේදිකාවේ නැතිවීම අඩුපාඩුවක්, චිත්‍රපටය තිරගත වෙද්දීම ඔහු මෙලොවින් සමුගත්තා හදිසි හෘදයාබාධයක් හේතුවෙන්, ඒක මේ සිනමාපටයේ ශිල්පින් කණ්ඩායමටම විශාල කනගාටුවක්. ආචාර්ය ජගත් විජේනායකට මේ සම්මානය  ආචාරයක් වේවා, කියල අපේ කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා” සම්මාන දිනාගැනීමෙන් පසු අධ්‍යක්ෂ අසෝක හඳගම සභාව අමතමින් එලෙස ප්‍රකාශ කළා.

IMG_1385 IMG_1378 IMG_1358

Share

248 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.