ඉරාන සිනමා උළෙලේ අවසන් දිනය
ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා සිට කොළඹදී පැවැත්වෙනවා. සිනමා උළෙලේ පසුගිය දින හතර පුරාම චිත්‍රපට හයක් තිරගත කෙරුනා. අද (ජුනි 25 වැනිදා) එහි අවසන් දිනය වනවා. අද සවස 6.00ට ඉරාන සංස්කෘතික ආයතනයේදී උළෙලේ අවසන් චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතයි.
2005 වසරේ නිර්මාණය වුනු ඉරාන චිත්‍රපටයක් වන The Verdict නැතහොත් The Command නම් චිත්‍රපටය අද දවසේ තිරගත කෙරෙනවා. චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ ඉරාන සිනමාකරු Masoud Kimiai විසින්. මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර 25 වනි සිනමාපටය ලෙස සඳහන් වනවා. Poulad Kimiai, Ezzatollah Entezami, Khosro Shakibai, Leila Hatami, Bahram Radan මෙම චිත්‍රපටයේ චරිත නිරුපණය සඳහා දායක වනවා. Mohsen සහ Foroozandeh යුවල එක් වැසිබර රාත්‍රියක ඉංජිනේරු Kazemගේ නිවසට පහරදී ඔහුට සහ නිවසට අලාභහානි සිදුකරනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ සැලසුම වන්නේ වෙනත් රටකට පලායාම. මේ සඳහා අවශ්‍ය වන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔවුන් විශ්‍රාමික Gangster කෙනෙකු වන Reza Maroufi වෙත යනවා. මෙම ගමන සහ ඔවුන්ගේ අභිලාශය මත ගැටුම් ආදිය මතින් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
ජුනි 25 වැනිදා සවස 6.00ට ඉරාන සංස්කෘතික ආයතනයේදී මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ලෙස ඉරාන සිනමාවට ඇලුම් කරන සියල්ලන්ට ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa
