ඉරාන සිනමා උළෙල – සිව්වැනි දිනය

Avatar Nisanka Weheraduwa | June 23, 2018 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා කොළඹදී ආරම්භ කෙරුනා. දින පහක් පුරා චිත්‍රපට 07ක් රසවිඳීමට මෙමගින් ප්‍රේක්ෂකයින්ට අවස්තාව හිමි වනවා. ආසියාතික සිනමාවේ විශිෂ්ට නිර්මාණවේදීන්ගේ සිනමාපට මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

සිනමා උළෙලේ සිව්වැනි දිනය ජුනි 24 වැනිදා චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එදින සවස 3.00ට Captain Khorshid චිත්‍රපටය තිරගත වනවා. මෙය ඉරානයේදී 1987 නිර්මාණය වුවක්. චිත්‍රපටයට තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කලේ Nasser Taghvas විසින්. 1937 වසරේ අර්නස්ට් හෙමිංවේ විසින් රචනා කළ To have and have not නම් වූ නවකතාව පාදක කරගනිමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. ඉරාන සිනමා ඉතිහාසයේ අතිවිශිෂ්ට සිනමාපටයක් ලෙස මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් වුනා. Dariush Arjmond, Ali Nassirian, Parvaneh Masoumi ඇතුලු පිරිසක් චිත්‍රපටය රංගනයෙන් දායක වුනා. මෙහි ධාවන කාලය විනාඩි 109ක්.

එදිනම සවස 6.00ට the Banquet ඉරාන සිනමාපටය තිරගත වනවා. සිනමා රසිකයින් වෙත නොමිලේ ලැබෙන මෙම අපුරු සිනමා උළෙල සමගින් එක්ව විරල ගනයේ ඉරාන සිනමාපට රසවිඳීමට අවස්ථාව උදාකර ගන්නා ලෙස ඉරාන සංස්කෘතික ආයතනය දන්වා සිටිනවා.

Share

57 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.