උදයකාන්තගෙන් නවතම සිනමාපට දෙකක්

Avatar Nisanka Weheraduwa | October 9, 2017 215 Views 0 Likes 0 Ratings

215 Views 0 Ratings Rate it

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපට දෙකක ආරාධිත දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වුනා. ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන වස්සානයේ සඳ සිනමාපටයත් ඊට පෙර නිර්මාණය කළ නුදුරේදීම තිරගත වීමට නියමිත මධුර චාරිකා සිනමාපටයත් මෙලෙස ආරාධිත දර්ශන පැවැත්වූවා.
වර්ෂ 1997දී මහමෙර උසට සිනමාපටය නිර්මාණය කරමින් උදයකාන්ත වර්ණසූරිය සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වුනා. එතැන් සිට ගිනි අවි සහ ගිනි කෙලි, බහුබාර්යා, රාජ්‍ය සේවය පිනිසයි, රෝස වසන්තේ, බහුබූතයෝ, ලේ කිරි කඳුලු, යකඩ පිහාටු, දිය යට ගින්දර, රන්දිය දහර, හිරිපොද වැස්ස ඇතුළු සිනමාපට 24ක් හෙතෙම ශ්‍රී ලාංකීය සිනමාවට තිළිණ කළා. බහුබූතයෝ, රන්කෙවිට 02 සහ ගින්දරී සිනමාපට ත්‍රිත්වයට නිෂ්පාදනයෙන්ද දායක වූයේ උදයකාන්ත වර්ණසූරියමයි.
ඔහු නිර්මාණය කළ නවතම සිනමාපට ද්විත්වයක් මෙලෙස ආරාධිත දර්ශන පැවැත්වූවා. එක් සිනමාපටයක් නුදුරේදීම ප්‍රසිද්ද ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට නියමිතයි. සිනමාවට ආදරය කළ පැරණි සිනමා නළුවකුගේ සිහිනයක් පිළිබඳව කාතාබහ කෙරෙන මේ සිනමාපටය මධුර චාරිකා ලෙස නම්කොට තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

thumb500_10959814_874690635927893_3132238610583742042_n         maxresdefault (1)
සුන්දර ආදර කතාවක් රැගත් වස්සානයෙ සඳ සිනමාපටය උදයකාන්ත වර්ණසූරියගේ නවතම නිර්මාණය වනවා. දැනට ඕස්ට්‍රේලියාවෙ මේ සිනමාපටය තිරගත වන බව සඳහන්. කෙසේ නමුත් මේ සිනමාපට දෙකම ඉක්මනින් ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමට ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව උදයකාන්ත වර්ණසූරිය පැවසූවා.

wassanaye-sada

Share

215 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.