“කබඩි” ජුනි මාසයේ ඔස්ට්‍රේලියාවට.
2003 වසරේදී තිරගත වූ Okkadu තෙළෙඟු සිනමාපටය සහ 2004 වර්ෂයේ තිරගත වෙමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Ghilli දමිළ චිත්‍රපටය ඉන්දීය සිනමා රසිකයින්ට නම් අමතක වෙන්න විදහක් නැහැ. මේ චිත්‍රපට දෙකම ආශ්‍රයෙන් එහි ප්‍රතිනිර්මාණයක් විදිහට සිංහලෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටය තමයි “කබඩි”. පසුගිය අප්‍රේල් මාසයේ 16 වැනිදා සිට තිරගත වීම් ආරම්භ කෙරුණත් කොරෝනා වසංගතය නැවත දරුණු ලෙස ව්‍යාප්ත වීම හෙතුවෙන් චිත්‍රපටය තිරගත කිරීම් නවතා දැමුනා.
කෙසේ වෙතත් කබඩි චිත්‍රපටය ඕස්ට්‍රේලියානු සංචාරයකට සූදානම් වන ප්‍රවෘත්තිය අපි ලාංකීය සිනමා රසිකයින් වෙත සතුටින් දැනුම් දෙනවා. ජුනි මස 20 වැනිදා සිට එතෙර සිටින ලාංකිකයින් පිරිසක් වෙනුවෙන් කබඩි තිරගත කිරීමට සියල්ල සූදානම්. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීම “කබඩි” තිරගත කෙරෙනු ඇති.

Written by Nisanka Weheraduwa
