කාවින්ද්‍යා අදිකාරී සිනමාවට එයි

Avatar Nisanka Weheraduwa | March 15, 2018 176 Views 0 Likes 1 On 1 Rating

176 Views 1 On 1 Rating Rate it

කාවින්ද්‍යා අදිකාරී තරුණ පරපුරේ සිත් දිනාගත් අපූරු හඬක් හිමි තරුණියක්. හඬ මෙන්ම රුවිනුත් ඇය පොහොසත්. මේ සියල්ලටම අමතරව කාවින්ද්‍යා ශ්‍රී ලාංකික කලාකාමී රසිකයින් හඳුනා ගන්නේ ඇගේ මව්පියන් නිසයි. ජනප්‍රිය ගායන ශිල්පී අතුල අදිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ වැඩිමහල් දියණිය වන්නේ කාවින්ද්‍යා අදිකාරියි.

තම මවගේ ගීත ගයමින් වේදිකාවේ අපූරු සටහන් තැබූ කාවින්ද්‍යා මෑතකදී ඇගේම නිර්මාණත් එළිදක්වා තිබෙනවා. එමෙන්ම ටෙලිනාට්‍යක් සඳහා ඇය ගැයු ගීයක් මෑතකදී ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා. මේ සියලු කලා කටයුතු සමග රසික සිත් දිනාගත් කාවින්ද්‍යා අලුතින්ම අත්හදා බලන කලා මාධ්‍ය සිනමාවයි. සිනමා රංගනයට පිවිසීමට කාවින්ද්‍යාට අහඹු අවස්ථාවක් හිමි වනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සමගින්.  කාවින්ද්‍යා පළමු වරට සිනමාපටයකට දායක වන්නේ මේ චිත්‍රපටය හරහායි. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “ඝර සරප” නම්වූ මේ චිත්‍රපටය අපූරු කතා තේමාවක් සහිත වෙනස්ම ආකාරයක සිනමාපටයක්. ජයන්තගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ අර්ජුන් කමලනාත් විසින්. කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, කුසුම් රේණු, යශෝධා විමලධර්ම ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීන නළු නිළි පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වනවා. එවන් පිරිසක් සමග සිය පළමු සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වීමට ලැබීම තමා ලද භාගයක් බවත් එය තමාගේ ජිවිතයට වෙනස්ම අත්දැකීමක් එක්කළ බවත් කාවින්ද්‍යා පවසා තිබුනා.

 

Share

176 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.