කුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්
“කුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්” මේ ප්‍රකාශය අපට හමුවන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත අලුත්ම චිත්‍රපටයකින්. දේශීය සිනමාවට විවිධ ආකාරයේ තේමාවන්ගෙන් යුතු සිනමා නිර්මාණ කිහිපයක්ම නිමැවූ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි තමයි මේ චිත්‍රපටයත් නිර්මාණය කොට තිබෙන්නේ. චිත්‍රපටයේ නම “ඝර සරප”, ඝර සරප කිවුවත් ඔහුගේ නියම නම කලුකුමාරයා කියලත් මේ දෙබස් කණ්ඩ ඇතුලෙදි කියවෙනවා. ඒ නිසාම අපට මේ චිත්‍රපටය පිළිබඳ යම් පුර්ව අදහසක් ලබා ගැනීමටත් හැකියාවක් ලැබේවි. ගරිල්ලා මාකටිං චිත්‍රපටයට පසු ජයන්තගේ නියම සිනමා ප්‍රකාශනයක් විය හැක්කේ මෙය බවත් බොහෝ දෙනාගෙන් මතුවෙමින් තිබෙන අදහසක්. පසුගියදා මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරණ පටය නිකුත් වීමත් එක්කම ඒ ගැන ක්ෂේත්‍රයේ උදවියගේ වගේම සිනමාලෝලින්ගේත් අවධානය යොමුවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.
ජයන්ත සමග වැඩ කරන පිරිස අපට බොහෝ චිත්‍රපට හරහා දකින්න ලැබෙන්නේ එකම කණ්ඩායමක් බව. ඒකත් ඔහුගේ සිනමා භාවිතාවේම අනන්‍යතාවක් විය හැකියි. මේ චිත්‍රපටයෙත් කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජැක්සන් ඇන්තනි, වසන්ත විට්ටච්චි, ඇතුළු ශිල්පින් පිරිසක් දායක වනවා. සමිතා එරන්දතී ගායන ශිල්පිනියගේ දියණිය කාවින්ද්‍යා අදිකාරී රංගන ශිල්පිනියක් ලෙසින් මේ චිත්‍රපටය හරහා හඳුන්වා දෙන බවත් සඳහන්. දෙවනක පෝරගේ ඇය සමග රංගනයේ යෙදෙනවා. මේ වසරේ මැද භාගයේ ප්‍රේක්ෂකයින් වෙත මේ චිත්‍රපටය නිකුත් කිරීමට හැකි වෙතියි අපේක්ෂා කෙරෙනවා. කෙසේ නමුත් එය ජයන්තගේ සිනමා ගමන් මගේ නව පිටුවක් වනු අති බව බොහෝ දෙනා මත පල කරනවා.
Written by Nisanka Weheraduwa
