කෙටි චිත්‍රපටකරුවන්ට SIGNIS උත්තමාචාර
SIGNIS උත්තමාචාර සිනමා හා ටෙලි නිර්මාණවේදීන් ඇගයීමේ සම්මාන උළෙල අගෝස්තු 25 වැනිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට සිනමාවේදීන්, ටෙලි නිර්මාණවේදීන් සහ සහ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ද අගයමින් සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා. අගරදගුරු පුජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙලට ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් සහභාගිව සිටියා. 41 වැනි SIGNIS සම්මාන උළෙලේ මෙවර කෙටි චිත්‍රපටකරුවන් ඇගයීම සඳහාද සම්මාන ප්‍රධානය සිදු කිරීම විශේෂිත වුනා. SIGNIS සම්මාන උළෙලට මෙම අංශය එක්වන්නේ 2018 වසරේ සිට වීම විශේෂත්වයක්.
ලාංකීය කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 100කට අධික පිරිසකගේ නිර්මාණ අතුරින් අවසන් වටයට චිත්‍රපට 15ක් පමණ තෝරාගෙන තිබුනා. එයින් විශිෂ්ටයින් තිදෙනෙක් සඳහා සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා. ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම, සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර මෙම කෙටි චිත්‍රපට සඳහාවන ජූරිය නියෝජනය කොට තිබුනා.
වසරේ විශිෂ්ටතම කෙටි චිත්‍රපට අතුරින් තුන්වැනි ස්ථානය ලබාගෙන තිබුනේ ෆාතිමා ශනාස් විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයයි.
වසරේ හොඳම කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් අතුරින් දෙවැනි ස්ථානය දිනා ගනීමට තිසර මංගල බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “ගණන්ගන්නැති කතාවක්” කෙටි චිත්‍රපට සමත් වුනා.
SIGNIS උත්තමාචාර 2018 වසරේ හොඳම කෙටි චිත්‍රපට නිර්මාණකරුවා ලෙස සම්මානයට පාත්‍රවූයේ රොෂාන් එඩ්වඩ් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයයි.
SIGNIS උත්තමාචාරයෙන් පිදුම් ලැබූ නිර්මාණවේදීන්ට cinema.lk උණුසුම් සුබ පැතුම්..!!
Written by Nisanka Weheraduwa



